අද ආණ්ඩුව හරියට කළු කඩයක් වගේ. රටේ ආර්ථිකය ගොඩගන්න ආණ්ඩුවට බැහැ. පළපුරුද්දක්, හැකියාවක්, දක්ෂතාවයක් නැති නායකයෙක් ඇතුළු කණ්ඩායමක් පත්කරපු නිසා හැම ක්ෂේත්රයක්ම විනාශ කරලා යැයි සමඟි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා අඟුණකොළපැලැස්සේදී පැවැසීය.
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසිමට සමඟි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා අද (11) අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගියේය. එහිදී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේද පැවැසිය.
“සමඟි ජනබලවේගයේ කිසිම අර්බුදයක් නැහැ. සමඟි ජනබලවේගයේ නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමායි. මම මහලේකම්. කෘත්‍යාධිකාරි මණ්ඩලයේවත් ඩයනා ගමගේ මහත්මිය නැහැ. විකුණපු ඉඩමක් ගැන ආපසු පසු අයිතිය කියන්න බැහැනේ. දැන් පිස්සුවෙන් වගේ කතා කරනවා. පක්ෂයේ අයිතිය අපිට තිබෙන්නේ. පොදුජන පෙරමුණත් ඉස්සර තිබුණේ වෙන පක්ෂයක. මුල් අයිතිය තිබුනේ වෙනත් දේශපාලනඥයකුට. මේකේ නිලධාරින් හිටියේ ඩයනා ගමගේ මහත්මියයි. නමුත් ඒ සියල්ල ඉල්ලා අස්වෙලා පක්ෂයේ අයිතිය අපිට බාර දී තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා නායකයා වුණ නිසා තමයි සමඟි ජනබලවේගයට ඡන්ද විසිඅට ලක්ෂයක් හම්බවුණේ.
අපේ කිසිම බෙදිල්ලක් නැහැ. සියලු නායකයෝ එකට ඉන්නවා. ආණ්ඩුව ඇතුළේ තමයි බෙදිල ඉන්නේ. ඊයේ පෙරේදා තිබුණ අර්බුදවල පේනවා. රාජපක්ෂ පවුල එක පැත්තක. රාජපක්ෂ පවුලට විරුද්ධව අනෙක් අය එකතුවෙලා. අද ආණ්ඩුව ඇතුළේ කල්ලි හතරක් පහක් තිබෙනවා. විමල් වීරවංශ ගම්මන්පිල කල්ලිය එකක්. එපා වෙච්ච අනෙක් මන්ත්‍රීවරුන්ගේ ඇමතිවරුන්ගේ කල්ලිය තවත් එකක්. ඊට අමතරව පවුලේ කල්ලිය වෙනත් එකක්.
අද ආණ්ඩුව හරියට කළු කඩයක් වගේ. අද ඕනෑ ආහාර ද්‍රව්‍ය ටිකත් නැහැ. බඩු මිළ දෙතුන් ගුණයක් ඉහළ ගිහිල්ලා. ආණ්ඩුවට මේක පාලනය කරගන්න බැරිවෙලා. මේ රටේ ආර්ථිකය කඩාගෙන වැටිලා. ආණ්ඩුවට ඒක ගොඩගන්න බැහැ. මේ රටේ වසංගතයෙන් දහතුන්දාහක් මැරුණා. රටේ නීතිය පරිහාණියට ලක්වෙලා. මේ රටේ ඉතිහාසයේ අසාර්ථකම පාලකයා. එක පැත්තකින් ගොවියො විනාශ කළා. අනිත් පැත්තෙන් අධ්‍යාපන ක්ෂේත්රය විනාශ කරලා. පළපුරුද්දක් නැති, හැකියාවක් නැති, දක්ෂතාවයක් නැති නායකයෙක් ඇතුළු කණ්ඩායමක් පත්කරපු නිසා හැම ක්ෂේත්රයක්ම විනාශ කරලා.
අද මම හිතන්නේ ඉතිහාසයේ නරකම කාලපරිච්ඡේදය. බඩු මිළෙන් ජනතාව හොඳටම බැට කාලා. පාලනයක් නැහැ. ආණ්ඩුවක් නැති බව රටේ ජනතාව දන්නවා. ජනතාවගේ ප්‍රතිචාර බලන්න වහාම ඉක්මනින් පළාත් සභා මැතිවරණය හෝ ප්‍රාදේශීය සභා මැතිවරණය තියන්න” යැයිද කීවේය.