තුන්වැනි ආසාදන රැල්ල විශාල වශයෙන් හඳුනා නොගත් ජනතාවක් හරහා වෛරසය පැතිර යමින් සිටින අවස්ථාවක එරට එන්නත්කරණය වේගවත් කිරීම සඳහා මෙසේ සීනොවැක් එන්නත සඳහාද අනුමැතිය ලබාදී තිබේ.
අද (03) දිනය තුළ තවත් කොවිඩ් මරණ 34ක් මෙරටින් වාර්තා වී තිබේ.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පසුගිය පැය 24ක කාලය තුල අලුතින් කොවිඩ් 19 ආසාදිතයන් 104 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 7604 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
Read Moreමේ කැබිනට් එක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කැබිනට් මණ්ඩලයක් නෙමෙයි. පී.බී. ජයසුන්දර මැතිතුමාගෙයි බැසිල් රාජපක්ෂ මැතිතුමාගෙයි කැබිනට් මණ්ඩලයක් මේ තියෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මේ කියන්නේ ඔබතුමත් එක්ක අපි වැඩ කරන්න ලෑස්තියි.
Read Moreකොවිඩ් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,853 දෙනෙකු අද දිනයේ පිටවගොස් ඇත. ඒ අනුව කොවිඩ් ආසාදිතව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 231,394ක් දක්වා ඉහළගොස් තිබේ.
Read Moreකොවිඩ් මර්දන එන්නත් ලබානොගත් හෝ එක් මාත්‍රාවක් ලබාගත් පුද්ගලයින් අතර ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමේ වැඩි ඉඩක් ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
Read Moreනීතිවිරෝධී ලෙස රැස්වීමක් පැවැත්වූ නුවරඑළිය නගරයේ පෞද්ගලික සමාගමක පුද්ගලයින් 15 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් පොලිස් ඇප මත මුදා හැර නිරෝධානයට යොමු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර සිටියි.
Read Moreඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ බවට සැකකෙරෙන පුද්ගලයකු වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේ පුද්ගලයෙකුට ඩෙල්ටා කොවිඩ් ප්‍ර භේදය ආසාදනය වී ඇති බව වාර්තා වී තිබේ.
Read Moreහෙද වෘත්තිය සමිති ඒකාබද්ධව ආරම්භ කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (03) පෙරවරුවේ අවසන් කෙරුණි.
Read Moreශ්‍රී ලංකා පොදු ජන පෙරමණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට එන ලෙස ඉල්ලා දේව කන්නලව්වක් හා උද්ඝෝෂණයක් අද (3) උදේ සීනිගමදී පැවැත්විණ.
Read Moreඊයේ දිනයේදීත් දෛනික ආසාදිතයින් 662ක් හඳුනා ගැනීමත් සමග බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 135,974 කි.
Read Moreගතවූ පැය 24ක කාලය තුළ නිරෝධායන නිති කඩ කළ පුද්ගලයින් 563 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.
Read Moreමෙරට කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ දිනයේදි පුද්ගලයින් 85,683 දෙනෙකුට ඒන්නත් ලබා දි ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
Read Moreමහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 15,000 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ අනුව ඊයේ (02) ගෙවුණු පැය 24 ක කාලය තුළ නව ආසාදිතයින් 187ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 15,162 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreවයස අවුරුදු 15ක දැරියක් අන්තර්ජාලය හරහා ලබාගෙන ලිංගික කටයුතුවලට යොදා ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් ඊයේ හා අද දිනයේදී තවත් පුද්ගලයන් 5ක් අත්අඩංගුට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreසිය නිවස අසල සිටි පුද්ලගයෙකුව ඊයේ (02) රාත්‍රි 10.15ට පමණ වෙඩි තබා ඝාතනය කර තිබේ.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පැවසුවේ මෙම ප්‍රභේදය භයානක ප්‍රභේදයක් බවත්, එය අඛණ්ඩව විකාශනය වෙමින් විකෘති වී ඇති බවත්ය.
Read Moreපොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ හා රථවාහන ලෙස ස්ථානමාරුවීම් ලබාදී තිබේ. ඔහු ඇතුළුව පොලීසියේ ඉහළම පුටු 8කට මෙසේ ස්ථානමාරුවීම් ලබාදී තිබේ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍යෙ පොලිස්පතිවරුන් 7කට හා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට මෙසේ ස්ථානමාරුවීම් ලබාදී තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලංකා ප්‍රිමියර් ලීග තරගාවලියේ දෙවැනි අදියර වෙනුවෙන් සීමිත පන්දුවාර තරගවල ඉදිරියෙන්ම පසුවන ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම එක්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
Read Moreගම්පහ දිස්ත්‍රික්කය තුළ 07/02 දින වාර්තා වී ඇති 389 ක් වූ කොරෝනා ආසාදිතයන් අතරින් , වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වන 84 දෙනෙකු කටුනායක ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .
Read Moreතවත් ප්‍රදේශ කිහිපයක හුදෙකලා බව ඉවත් කිරීමට තීරණය කළ බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.
Read Moreදිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයක් අද (03) උදෑසන 6.00 සිට හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.
Read Moreදූෂණ ක‍්‍රියාවක් සිදු කර ඇති බවට චෝදනා ලැබ සැකපිට අත්අඩංගුවට ගෙන සිටින මිහින්තලේ ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති ලලිත් එදිරිසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කි‍්‍රයා කර ඇත.
Read Moreකොළඹ මහ නගර සභාව වෙත මේ වසරේ දෙවන කාර්තුව සඳහා වරිපනම් බදු ගෙවීමේ අවසන් දිනය දීර්ඝ කර තිබේ.
Read Moreපාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා භාවිතා කිරිමට අන්තර්ජාල පහසුකම් සහිත ස්ථාන 2000ක් ස්ථාපිත කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල් පිරිස් මහතා පවසයි.
Read Moreඑන්නත් සඳහා විශාල ගෘහස්ත ඉල්ලුමක් සහ සීමිත සැපයුමක් තිබියදීත්, චීනය විසින් එන්නත් මාත්‍රා මිලියන 480කට අධික ප්‍රමාණයක් ජාත්‍යන්තර ප්‍රජාවට ලබාදී ඇති බවත්, එය ලොව විශාලතම එන්නත් සැපයුම්කරු බවට චීනය නිතැතින්ම පත්වූ අවස්ථාවක් බවත් එරට විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් පවසයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 635 දෙනෙකු අද (02) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
Read Moreඇතැම් මාධ්‍ය සඳහන් කරන ආකාරයට සීමිත පන්දුවාර තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති ඉන්දීය කණ්ඩායම දෙවැනි පෙළ කණ්ඩායමක් නොව ශක්තිමත් කණ්ඩායමක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read Moreඊයේ (01) දිනය තුලදී කොරෝනා මරණ 37 ක් සිදු වී ඇත. මිය ගිය අය අතර අවුරුදු 30 ට අඩු එක් පුද්ගලයෙක්, අවුරුදු 30 ත් 59 ත් අතර 08 දෙනෙක් සහ අවුරුදු 60 ට වැඩි 28 දෙනෙක් වෙයි. ඒ අනුව මෙරට සිදු වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 3,157 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඅද (02) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,102ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read More