කැනඩා පතලක කම්කරුවන් 39දෙනෙක් භූගතව සිරවෙලා
- 27 09 2021
- 18:33
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
කැනඩාවේ සඩ්බරි හි වේල්ස් ටොටන් නම් පතලේ පතල් කම්කරුවන් 39දෙනෙකු භූගතව සිරවී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ඉරිදා පෙ.ව. 11.30ට පමණ සිදු වූ සිද්ධියෙන් පතල් කම්කරුවන් මෙසේ අනතුරට මුහුණපා ඇති බව සඳහන් වෙයි.
පතල්කරුවන් මතුපිටට ගැනීම සඳහා ගලවා ගැනීමේ කණ්ඩායමක් එම ස්ථානයේම වෙහෙසකර ව්‍යායාමයක නිරතව සිටින බවද පැවසෙයි.
කෙසේ වෙතත් සිද්ධියට මුහුණදී ඇති පිරිසට අවශ්‍ය ආහාර හා ඖෂධ ලබාදීමට මුදාගැනීමේ කණ්ඩායම්වලට හැකිවී ඇත.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
