පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ ප්රශ්නය ජාතික මට්ටමින් විසදා ගැනීමට නොහැකි නම් එය ජාත්‍යන්තරය රැගෙන යෑමට කතෝලික ජනතාවට පූර්ණ අයිතියක් ඇතැයි ඕමල්පේ සෝභිත හිමියෝ සදහන් කරති.
තමන්ගේ ප්රශ්නය පිළිබදව සෑහීමකට පත් නොවන්නේ නම් ඕනෑම අයකුට අධිකරණයේ ඉහළම තැනට යෑමට අයිතිය තිබිය යුතු බවද සෝභිත හිමියෝ පවසති.
කිසිවකුටත් ඊට විරුද්ධ විය නොහැකි බව පෙන්වා දෙන උන්වහන්සේ පාස්කු ප්‍රහාරය පිළිබද ප්රශ්නය ජාත්‍යන්තරයට ගෙන යෑම රටට ද්‍රෝහී වීමක් නොවන බවද පෙන්වා දෙති.
ශී‍්‍ර ලංකාව තනිව ජීවත්වන රටක් නොවන අතර ජාත්‍යන්තර සංවිධාන හා සන්ධාන සමග සම්මුතීන්ට එළැඹී රටක් බවද සදහන් කරන සෝභිත හිමියෝ, එසේ සම්මුතීන්ට එළැඹී තිබෙන්නේ රටේ ආරක්ෂාව සදහා යැයිද පෙන්වා දෙති.
අතීතයේදී ද මෙරට ප්‍රශ්න ජාත්‍යන්තරයට ගෙන ගොස් ඇති බවද පෙන්වා දෙන උන්වහන්සේ 1971, 1988-89 මෙන්ම එල්ටීටීඊ ත්‍රස්තවාදය සම්බන්ධයෙන්ද අප ජාත්‍යන්තරයට කරුණු ඉදිරිපත් කර තිබීම එයට උදාහරණ ලෙස පෙන්වා දිය හැකි යැයිද සදහන් කරති.