2015 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේදී රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජෙනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට එරෙහිව ගොනු කර තිබූ නඩුවක් නොවැම්බර් මස 16 වනදා යළි කැදවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළා.
කොරෝනා වසංගත තත්ත්වයහේතුවෙන් පනවා තිබූ නිරෝධායන ඇදිරිනීතිය නිසා මෙම නඩු විභාගය කල් දැමීමට තීරණය කර තිබූ අතර විනිසුරුවරයා එය නැවත නොවැම්බර් මස 16 වනදා කැදවීමට නියම කළා