saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7230 hours ago

LATEST

ස්පේස් එක්ස් හි ප්‍රථම සිවිල් අභ්‍යවකාශ ගමන සාර්ථකයි

calendar_today 2021 සැප් 18 - 18:45 remove_red_eye - 262  

මෙය ඉතිහාසයේ ප්‍රථම සිවිල් පුද්ගලයන් රැගත් කක්ෂීය මෙහෙයුමක් සාර්ථකව අවසන් කිරීමක් වන අතර, එහි වෘත්තීය ගගනගාමීන් කිසිවෙකු ගමන් නොකිරීම සුවිශේෂී අවස්ථාවකි.

ඊයේ (17) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ ‍84 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු එක් පුද්ගලන් 3ක් , වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 23 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 58 දෙනෙකු අයත්.

Read More

ජනතාව පොදුවේ ඒකරාශී වීම මෙම ඉතා අනතුරුදායක අවස්ථාවේදී හැකි තරම් අවම කිරීමට පියවර නොගැනීම මගින් දැඩි ජනතා කැපවීම මත දැනට ලබා ඇති රෝග පාලනය ගිලිහී යාමට ඉඩ ඇති බව විශේෂඡ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

Read More

චීනය විසින් පරිත්‍යාග කරන ලද සීනොෆාම් කොවිඩ්-19 මර්දන එන්නත්වල පළමු වැනි තොගය අද (18දා) කෙන්යාවේ නයිරෝබි හි, ජෝමෝ කෙන්යාටා ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

වැලිකඩ බන්ධනාගාරයේ තාප්පයෙන් බන්ධනාගාරය තුළට විසි කරන ලද සැක කටයුතු පාර්සල් කිහිපයක් බන්ධනාගාර නිලධාරින්ගේ භාරයට ගෙන තිබේ.

Read More

සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.

Read More

පොලීසිය පවසන්නේ විරෝධතා කණ්ඩායම් එකට ඒම වැළැක්වීමට උත්සාහ කිරීම හේතුවෙන් නිලධාරීන්ට පහරදීමක් සිදුවීමෙන් පසුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුව ඇති බවයි.

Read More

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

වයින් ස්ටෝර්ස් විවෘත කිරීමේ තීරණය සෞඛ්‍ය අමාත්‍යාංශ​යේ සම්බන්ධ වීමකින් තොරව ගෙන ඇති බව අද(18) පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා සිටියේය

Read More

ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල ගණන් පහත බැස තිබිය දී ආසාධාරණ ලෙස ඉහළ මිල ගණන් යටතේ එළවළු අලෙවි කිරීමේ නිරත ජංගම වෙළෙඳුන්ගේ බලපත්‍ර අවලංගු කිරීමට පියවර ගන්නා බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසයි.

Read More

සුරකිමු ගංගා වැඩසටහන යටතේ දිස්ත්‍රික්ක විසිපහටම මුදල් ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා.

Read More

සුරාසැල් විවෘත කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි. අමාත්‍යවරයා මෙසේ පැවැසූයේ තංගල්ල මැදකැටිය ප්‍රදේශයේදී අද(18) පැවැති ගැබිණි මාතාවන් සඳහා පෝෂණ ආහාර ලබා දීමේ වැඩසටහනකට සහභාගී වෙමිනි.

Read More

සීනි බදු ආදායම පහත වැටීමේ තිත්ත ඇත්ත විපක්ෂ නායක ප්‍රේමදාස විසින් නිවැරදිව තක්සේරු කෙරේ

Read More

ශක්තිමත් වෙනස් නොවන ජාතික ප්‍රතිපත්ති මාලාවක් සකස් කළහොත් වසර දෙකක් ඇතුළත ශ්‍රී ලංකාව සංවර්ධිත ජාතියක් බවට පත් කළ හැකි බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

විශ්වවිද්‍යාල කඩිනමින් විවෘත කිරීමට සැලසුම් කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

Read More

සෞභාග්‍යයේ ගම්මාන වැඩසටහන යට‌ෙත් ආරම්භ කෙරුණ කිරි ගම්මානවල කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා නව වැඩපිළිවෙලක් රජය ක්‍රියාවට නංවා තිබෙනවා.

Read More

එක්සත් රාජධානිය සිය කොවිඩ් රතු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත්කර ඇත. එම තීරණය සැප්තැම්බර් 22 වනදා සිට ක්‍රියාත්මකවීමට නියමිත බව ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසා සිටියි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විමට තිරණය කර ඇති බව වාර්තා වෙයි. මේ වන විට හිස්ව ඇති එක්සත් ජනපදයේ හා මෙක්සිකෝවේ තානාපතිධුරයට ඔහු පත්කිරීමට යෝජිත බවද වාාර්තාවෙයි.

Read More

බස්නාහිර පළාතට ඇතුළු වන මාර්ග බාධක හරහා ගමන් කිරීමට පැමිණි පුද්ගලයින් 295 දෙනෙක් නියමිත අවසර නොමැති වීමෙන් ආපසු හරවා යවා තිබේ.

Read More

කූඨ ලෙස සකස් කළ ගුවන් ගමන් බලපත්‍රයක් සහ අන්සතු ඉතාලි නේවාසික වීසා බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ඩුබායි ඔස්සේ ඉතාලිය වෙත යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයකු අද (18දා) අලුයම කටුනායක ගුවන්තොටුපල ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හා පහ වසර ශිෂ්‍යත්ව විභාගය මේ වසරේ පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව ඉරිදා ලංකාදීපය වාර්තා කර සිටියි.

Read More

සිලෝන් ටි නමින් අපනයනයට සුදානම් කර තිබු කසල තේ තොගයක් ලොරි රථයක් ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකායේ මගින් යක්කලදි අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මෙරට සම්පූර්ණ ජනගහනයෙන් 50%ක ජනතාව සඳහා කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කර අවසන් බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසා සිටියි.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව දින ගණනාවක් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ අඛණ්ඩව ආවෙක්ෂණයන් සිදු කරමින් ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමක්‍ මඟින් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබූ තවත් විදේශීය ධීවර යාත්‍රාවක් සැකකරුවන් 09 දෙනෙකු සමඟ අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

Read More

වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන පුද්ගලයින්ට අය කරන දඩ මුදල් රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමිමට අදාළ සංශෝධන ලබන බදාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සමුපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළේය.

Read More

නිරෝධායන ඇඳිරි නීතිය ලබන මස 1 වැනිදා දක්වා දිර්ඝ කිරිමත් සමඟ ආර්ථික මධ්‍යස්ථාන පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් අද තින්දුවක් ගන්නා බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

Read More

ව්‍යාජ මැණික් ගලක් පෙන්වා රුපියල් ලක්ෂ 23ක මුදලක් ඉල්ලා වංචාවක් සිදු කිරිමට තැත්කළ පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (18) අළුයම දිවයිනෙන් පිටත්ව ගියේය.

Read More

ගතවු පැය 24ක් තුළ නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 613ක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගත් මුළු ගණන 74,507කි. අත්අඩංගුවට ගත් වාහන සංඛ්‍යාව 104ක් වෙයි.

Read More

ශ්‍රී ලංකාවේ එන්නත්කරණය සදහා චීනයෙන් මිළදී ගත් , එරට නිෂ්පාදිත ’’ සයිනොෆාම් ’’ එන්නත් , තවත් මාත්‍රා ලක්ෂ 40 ක් (මිලියන 04 ) බෙයිජිං නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් 09/18 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.