saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 6697 hours ago

LATEST

එන්නත් විද නොගත් කතකට ප්‍රභේද 2ක්ම එකවර වැලඳිලා

calendar_today 2021 ජුලි 11 - 18:00 remove_red_eye - 235  

බෙල්ජියමේදී කොවිඩ්-19 මර්දන එන්නත් විදගෙන නොතිබූ, පසුගිය මාර්තු මාසයේදී වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත් 90 හැවිරිදි කාන්තාවකට එකවර කොවිඩ්-19 ප්‍රභේද දෙකක්ම වැලඳී තිබූ බව අනාවරණය වෙයි.

මෙරට ජනගහනයෙන් මිලියන 13 කට අධික පිරිසකට අගෝස්තු සහ සැප්තැම්බර් මස අවසන් වන විට එන්නත්කරණය කිරීමට හැකිවනු ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේය.

Read More

රැඳවියන් තිදෙනෙකුගෙන් විද්‍යුත් ක්‍රමයට මුදල් ලබා ගත් බව කියන බෝගම්බර බන්ධනාගාරයේ නියාමකවරයෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමට ලක් කළ බව බන්ධනාගාර මුලස්ථානය පවසයි.

Read More

ඊයේ (10) දින තවත් කොරෝනා මරණ 35 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර ති​බේ. මිය ගිය අය අතරට අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 10 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 25 දෙනෙකු අයත්.ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව මියගිය සමස්ත සංඛ්‍යාව 3,502 ක් දක්වා ඉහළ යනවා.

Read More

වසංගතයේ රැලි බොහොමයක් සඳහා සාර්ථකව කටයුතු කිරීමෙන් පසුව, වියට්නාමය අපේ‍්‍රල් අග සිට වඩාත් මුරණ්ඩු ආසාදන රැල්ලකට මුහුණ දී ඇති අතර, දිනපතා ආසාදන වාර්තාගත මට්ටම් කරා ඉහළ යමින් පවතී.

Read More

15 හැවිරිදි බාල වයස්කාර දැරිය අපයෝජනයට ලක් කිරිමේ සිද්ධියට අත්අඩංගුවට ගත් හිටපු බැංකු කළමනාකාරු සහ උප පොලිස් පරික්ෂකවරයා ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

සයිනොෆාම් එන්නත මගින් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයට ඉතා සුවිශේෂී රැකවරණයක් ලැබෙන බව දේශීය ව සිදුකළ පර්යේෂණයකින් අනාවරණය වී ඇ​ති බවට රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කර සිටියි. මේ සතියේ බදාදා හෝ බ්‍රහස්පතින්දා වන විට පරීක්ෂණයට අදාළ වාර්තා එළිදැක්විය හැකි බවට ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ​ය.

Read More

අද (11) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,598 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

කොවිඞ් පැතිර යෑමේ අවදානම හඳුනාගෙන ඇති දිස්ත‍්‍රික්කයන්ට ප‍්‍රමුඛතාව දෙමින් මෙම මාසය ඇතුළත ලැබෙන එන්නත් මාත‍්‍රා සංඛ්‍යාව ජනතාවට ලබාදීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොවිඞ් මර්දන විශේෂ කමිටුවට උපදෙස් දී ඇත.

Read More

හෙට සිට මාර්ගගත ක්‍රමයට ඉගැන්විම් කටයුතු වලින් ගුරුවරුන් ඉවත් විමට ගත් තින්දුවේ කිසිදු වෙනසක් නොමැති බව ගුරු වෘත්තීය සමිති පවසයි.

Read More

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට වන්දි ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් අද(11) පස්වරුවේ පැවැත්වෙයි.

Read More

ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වු කොවිඩ් ආසාදිතයින් ගණන 1,548 කි.

Read More

කොරෝනා ආසාදිත රෝගීන් 71කු එකවර අද අද දින වාර්තා වීමේ හේතුවෙන් පිළියන්දල තුම්බෝවිල උතුර ග්‍රාම සේවා වසමේ කරදියාන වත්ත ග්‍රාමය හුදෙකලා කළ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය

Read More

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2 තොගයෙන් ලක්ෂ 05ක් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ලබාදීමට නියමිත අතර කළුතර දිස්ත්‍රික්කය සඳහා ලක්ෂ 03ක්, කොළඹ හා කුරුණෑගල දිස්ත්‍රික්ක සඳහා ලක්ෂ 02 බැගින් ලෙස ලබාදීමට නියමිතයි.

Read More

වීරකැටිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇඟළුම් කම්හලක සේවකයින්ට සයිනොෆාම් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දීමෙන් අනතුරුව හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් සේවිකාවන් 12 දෙනකු වීරකැටිය ප්‍රාදේශීය රෝහලට යොමු කළ බව සෞඛ්‍ය අංශ කියයි.

Read More

අධික වැසි සමඟ ඇතිවු ආපදා හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 11,737 දක්වා ඉහළ ගොස් තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා සඳහන් කර සිටි​යේ අධික වැසි හා සුළඟින් දිස්ත්‍රික්ක 08 කට බලපෑම් එල්ලවී ඇති බවය.

Read More

කප්පම්කරුවන් ,මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ,ළමා හා කාන්තාවනට හිරිහැර කරන්නන් හඹා ගොස් අත්අඩංගුවට ගැනිම සඳහා විශේෂ කණ්ඩායමක් යොදවා තිබේ.

Read More

කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ ඊයේ පුද්ගලයින් 175,824 කට එන්නත් ලබා දි තිබේ.

Read More

කොරෝනා වසංගතය හේතුවෙන් පනවා ඇති සෞඛ්‍යය මාර්ගෝපදේශ වලට අනුව , බස්නාහිර පළාතේ අත්‍යාවශ්‍ය සේවා සඳහා යන මගීන් ප්‍රවාහනය කිරීමට, පෞද්ගලික බස් රථ එකොලොස්දහස් හාරසිය් තිස් අටක් , ධාවනය කර ඇති බව ,බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා පැවසීය .

Read More

ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 295 දෙනෙකු (11) උදෑසන වනවිට ගතවූ පැය 24 තුල හමුව ඇති බවත් මින් 39 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙනම පක්ෂයක් හැටියට සාකච්ඡා කරන්න, තීන්දු තීරණ ගන්න පුලුවන් ඒ අයට ආණ්ඩුව එක්ක ඉන්නවනම් ඉන්න පුළුවන් නැත්තං යන්න පුළුවන් අපි යන්න කියන්නෙත් නෑ ඉන්න කියන්නෙත් නෑ ගියා කියලා ආණ්ඩුවට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නම් නෑ කියලා මට ස්ථිරවම කියන්න පුළුවන් . වත්මන් රජය තුනෙන් දෙකක බලයක් තිබෙන ආණ්ඩුවක් යැයිද ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පැවසීය .

Read More

මධ්‍යම කදුකරයේ ඉහළ ජලාධාර ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව නිසා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් අද (11) දින විවෘත කළ බව එහි ජලාශය භාර ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේය.

Read More

කාබනික පොහොර වලට යොමුවීමට රජය ගත් ප්‍රතිපත්තිමය තීන්දුවේ කිසිදු වෙනසක් නොමැති බවත් රජය යළිත් රසායනික පොහොර ආනයනය කිරීමට තීරණය කළ බවට සමාජ මාධ්‍ය වල ගෙනයන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බවත් කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කළේය.

Read More

නවගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ජපනයේ රැකියා දෙන පවසා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන සමස්ත කෝවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (10) ගෙවුණු පැය 24 කාලය නව ආසාදිතයින් 149 ක් වාර්තාවිමත් 29,412 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.

Read More

දිස්ත්‍රික්ක දෙකකට අයත් ග්‍රාම නිලධාරී වසම් හතරක් සඳහා පනවා තිබූ හුදෙකලා බව අද උදෑසන සිට ඉවත් කරන බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.

Read More

රත්නපුර දිස්ත්‍රික්කයට අයත් පරගල ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.

Read More

නිරෝධායන නීති උල්ලංඝනය කිරිම හේතුවෙන් 214 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

Read More

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 20 ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා 02 ක් මගින් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

අද (10දා) එළිදක්වන ලද ප්‍රාන්ත රජයේ යෝජනා යටතේ, දරුවන් දෙදෙනෙකුට වඩා සිටින යුවළයන්ට රජයේ ප්‍රතිලාභ හෝ සහනාධාර ලබා ගැනීමට ඉඩ නොදෙන අතර, ප්‍රාන්ත රජයේ රැකියා සඳහා අයදුම් කිරීම තහනම් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.