හිටපු සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සම්බන්ධ ඉඩම් නඩුවකට පෙනී සිටි නීතිඥ වරයෙකුට අද (06දා) මුත්‍රා පහරක් එල්ලකල පුද්ගලයෙකු මතුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මතුගම අධිකරණයේ නීතිඥවරයෙක් විසින් දුරකථන මගින් කරන ලද දැනුම්දීමකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි පැවසේ .
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ කළුතර උතුර, කලපුගම ප්‍රදේශයේ පදිංචි 85 හැවිරිදි පුද්ගලයකු බවයි පොලිසිය කීය.
සැකකරු මීට වසර කිහිපයකට ප්‍රථම හිටපු සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට අයත් බැව් කියන අගලවත්ත ප්‍රදේශයේ ඉඩමක ටේලර් සොප් එකක් පවත්වාගෙන ගොස් තිබේ.
එයින් ඉවත්වන ලෙස රාජිත සේනාරත්න මහතා දැනුම් දීමෙන් පසු අධිකරණයේ නඩුවක් පවරා තිබේ. පහරකෑමට ලක්වූ බැව් කියන නීතීඥවරයා විත්තිකරු වෙනුවෙන් පෙනී සිට ඇති බවත් , නඩුව පරාජයට පත්වීමෙන් උරනවූ සැකකරු තමන් ලබාදුන් මුදල් ඉල්ලා නීතිඥවරයාට අද පෙරවරුවේ මතුගම අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දී කිසියම් දියරයකින් පහරදී තිබේ.
පසුව නීතිඥවරයා වෑත්තෑව ප්‍රාදේශීය රෝහලට ඇතුළත්ව එහි බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන ඇතැයි පැවසේ. පහරදීමට යොදාගත්හ දියර වර්ගය මුත්‍රා බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී තහවුරු වී ඇතැයි සඳහන් වේ.
පානදුර සුමිත් ප්‍රේමතිලක