ලොව පුරා ආන්දෝලනයක් ඇති කළ පැන්ඩෝරා පේපර්ස් නමින් හෙළිකළ වත්කම් සටහන්වල නම් සටහන් සියලු ම ශ්‍රී ලාංකිකයින් සහ එම ගනුදෙනු පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී ඇත.
මසක් ඇතුළත එහි වාර්තාව ලබා දෙන ලෙස ජනාධිපතිවරයා අධ්යක්ෂ ජනරාල්වරයාට අද (6) උදෑසන උපදෙස් දුන් බවට ජනාධිපති ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා සඳහන් කර සිටියි.
ශ්‍රී ලංකාවේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක් වන නිරූපමා රාජපක්ෂ මහත්මියට හා ඇයගේ සැමියාගේ හෙළි නොකළ වත්කම් මෙම පත්‍රිකා මගින් හෙළිකර තිබේ.