පැන්ඩෝරා හෙළිදරව්ව - චෝදනා ගැන විමර්ශනයක්
පැන්ඩෝරා පේපර්ස් හෙළිදරුව්වෙන් ශ්‍රී ලංකාවේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක් වන නිරූපමා රාජපක්ෂ මහත්මියට හා ඇයගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන්ට එල්ල වී ඇති චෝදනා පිළිබඳව විමර්ශනයක් කිරිමට ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
මෙහිදී අමාත්‍යවරුන් කිහිපදෙනෙක්ම අදාළ චෝදනා පිළිබඳව අදහස් දක්වා තිබේ.
එසේම එම චෝදනා මගින් රටට සිදුවිය හැකි හානිය පිළිබඳවද කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබේ.
මේ අනුව අදාළ චෝදනා පිළිබඳව ගැඹුරු විමර්ශනයක් සිදුකිරීමට කැබිනට් මණ්ඩලය තිරණය කර තිබේ. මේ අනුව අදාළ විමර්ශනය ගැන ඉදිරියේදී නිවේදනයක් නිකුත් කිරිමට නියමිතව තිබේ.
නිරූපමා හා තිරුකුමාර් යුවලට ලන්ඩන් නුවර හා සිඩ්නි නුවර එපාට්මන්ට් ඇතුළු විවිධ දේපළ ඇති බවට මෙයින් චෝදනා කර තිබුණි.
ඩේලි මිරර් ඇසුරෙනි

popular news
-
samson de silva Wednesday, 06 October 2021 04:41 AM
Nirupama welapeema (sorry, Yasodhara): "Mata kiyanawaa Yohani lokayatama Sri Lanka naamaya gena giya hatiyi, Sangakkara MCC eke President wunu hetiyi. Kawuruth kiyanne nehe mama apey rata lokayema prasidda karapu heti. Api thamayi hondatama keruwe, Api Rajapaksalaa, harida? Hah!"
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

