තත්ත්වයෙන් බාල කාබනික පොහොර කිසිදු රටකින් ආනයනය කරන්නේ නෑ
කාබනික පොහොර වැඩපිළිවෙලෙන් කිසියම් ගොවියකුට අගතියක් වී ඇති බව වාර්තා වී ඇත්නම් ඔවුන් සඳහා වන්දි ලබාදීමට කටයුතු කරන බවත්, අස්වැන්න අඩුවී යම් අලාභයක් වී ඇත්නම් එය ගණනය කිරීම මේ වසර අගදී සිදු කරන බවත්, සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(06) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී කාබනික පොහොර වැඩපිළිවෙල සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් කළ ප්‍රශ්න කිරීමේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
එහිදී චීනයේ සිට ආනයනය කළ කාබනික පොහොර තත්වයෙන් බාල වී යැයි එය නැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් චීන තානාපතිවරයාගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසූ විට අමාත්‍යවරයා අවධාරණය කළේ කිසි ලෙසකින්වත් තත්වයෙන් බාල කාබනික පොහොර කිසිඳු රටකින් ආනයනය කිරීමට කටයුතු නොකරන බවත්, තත්වයෙන් උසස් පොහොර පමණක් ආනයනය කිරීමට කටයුතු කරන බවත්ය.
එමෙන්ම තත්වයෙන් බාල පොහොර නැවැත්වීම රටවල් දෙකක් අතර රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් ඇතිවීමට කාරණයක් නොවන බවත්, එය ප්‍රතිපත්තිමය තීරණයක් වන බැවින් චීනය එය තේරුම් ගනු ඇති බවත්, අමාත්‍යවරයා පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

