saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 6688 hours ago

LATEST

මොඩර්නා එන්නත් ලක්ෂ 15ක් සිකුරාදා ශ්‍රී ලංකාවට

calendar_today 2021 ජුලි 13 - 20:40 remove_red_eye - 339  

කොවැක්ස් පදනම යටතේ නොමිලේ මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15 ක් ලබන සිකුරාදා (16) දින ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාව වෙත රැගෙන එන බව සොෟඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

දැනට සිකුරාදා අවසන් වීමට නියමිතව ඇති සීමාවන් ඉවත් කරනු ලබන්නේ ප්‍රජාව තුළ සංසරණය වන අලුතින් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව ශුන්‍යයට ආසන්න වූ විට පමණකි. එමෙන්ම වසා දමා ඇති ව්‍යාපාරවලට මූල්‍ය සහන ලබාදීමටත් සූදානම් වෙයි.

Read More

කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රය තුළ පිහිටි ඩී.එච්.එල්. නැමැති කූරියර් පාර්සල් ආයතනයක් තුළ , රට තුළට ගෙන යාමට සූදානම් කර තිබූ , විදේශීය රටවල් 02 කින් ලැබී තිබූ පාර්සල් 03 ක් තුළ වූ හෂීෂ් සහ මරිජුවානා මත්ද්‍රව්‍ය තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 07/13 දින සවස අත් අඩංගුවට ගෙන ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා පැවසීය .

Read More

විවාහ මංගල්‍ය කටයුතු සඳහා මනාලයා සහ මනාලිය පළාත් දෙකක සිටිනම් ඒ අය සඳහා පළාත් අතර ගමන් කිරීමට අවසර හිමිවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More

ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 14.5ක් ශ්‍රී ලංකාවට ලබාදීමට ජපානය තීරණය කර තිබේ. මෙම එන්නත් ජපානයේ නිෂ්පාදිත එන්නත් වෙයි.

Read More

දශක ගණනාවක යුද්ධ හා සම්බාධක මධ්‍යයේ රටේ අබලන් වූ සෞඛ්‍ය සේවා පද්ධතිය ඉස්මතු කරමින් නසිරියාවේ අල් හුසේන් ශික්ෂණ රෝහලේ සඳුදා රාත්‍රියේ ඇති වූ ගින්නෙන් පුද්ගලයින් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයිද බලධාරීහු පවසති.

Read More

අද දැනට කොරෝනා ආසාදිතයන් 882 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 41ක් වාර්තා වී තිබේ. මෙම මරණ 41ක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (12දා) තහවුරු කළ මරණ වෙයි.

Read More

ගිනිගැනිමට ලක්ව එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කාර්ය මණ්ඩලයේ 14 දෙනෙකුට සම්බන්ධයෙන් වන විමර්ශන සම්පුර්ණයෙන් අවසන් වි ඇති නිසා ඔවුන්ට විදෙස්ගත විම සඳහා අධිකරණය අවසර ලබා දි තිබේ.

Read More

කිසියම් මාධ්‍ය ආයතනයක් හෝ පාර්ශ්වයක් රටේ ජාතික ආරක්‍ෂාවට අභියෝග කරමින් ජාතීන් අතර සමඟිය නැති කිරීමට කටයුතු කරවා නම් ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස ව්‍යවස්ථානුකූලව නීතියේ රාමුව තුළ සිටිමින් ඔවුන්ට එරෙහිව නිසි පියවර ගැනීමට තමන් කිසිවිටෙකත් පසුබට නොවන බව කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

Read More

නිරෝධායන පනත යටතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිර්දේශ කර ඇති කණ්ඩායම් තුන හැර අනෙකුත් කිසිඳු පුද්ගලයෙන් නිරෝධායනය කිරීමට හෝ අධිකරණයට ඉදිරිපත් කිරීමට නිර්දේශ නොකරන ලෙස දිවයින පුරා සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට උපදෙස් ලබා දී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගම​යේ සභාපති උපුල් රෝහණ සඳහන් කර සිටියේය.

Read More

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් හානියට පත් ධිවරයිනට පළමු වටයේ වන්දි ලබාදිම හෙටිව් ආරම්භ වෙයි.

Read More

රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම අගෝස්තු මස 31 වනදා දක්වා තාවකාලිකව ඉවත්කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

Read More

චීන ඖෂධ නිෂ්පාදක සමාගමක් වන සීනෝවාක් විසින් නිපදවන ලද කොරෝනාවැක් එන්නත මාත්‍රා දෙකක් මගින් කොවිඩ් වසංගතයට එරෙහිව සියයට 83.5 ක ආරක්ෂාවක් ලබා දෙන බව ඉහළ වෛද්‍ය සඟරාවක් වන ද ලැන්සෙට් හි ප්‍රකාශයට පත් කරන ලදී.

Read More

උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාසභංග යෝජනාව තුනෙන් දෙකක බහුතරයකින් පරාජය කිරීමට කටයුතු කරන බව සංචාරක අමාත්‍ය රණතුංග මහතා පවසයි.

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 1,328 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි. ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 247,569 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ඊයේ(12) දීප ව්‍යාප්ත මට්ටමින් ආරම්භ කරන්නට යෙදුණු පාසල් ගුරුවරුන් එන්නත්කරණ වැඩසටහන දින 10ක් තුළ අවසන් කිරීමට නියමිත බවත් ඊයේ දහවල් 12 වනවිට බස්නාහිර පළාතේ ගුරුවරුන් 86%කට (කොළඹ දිස්ත්‍රික්කය 97%ක්, ගම්පහ 81%ක් සහ කලුතර 82%) ඌව පලාත 60%ක් (බදුල්ල 90%ක්) උතුරු පළාත 47%ක් (මුලතිවු 67%ක්, යාපනය 64%ක්, ‍කිලිනොච්චි 64%ක්) ද වශයෙන් එන්නත්කරණය සම්පූර්ණ කර ඇත

Read More

නඩු 20ක් 30ක් දාලා අපේ ජනතාව සන්තෝෂ කරන්න පුළුවන් කියලා ආණ්ඩුව හෝ ඒ ආයතන හිතනවනම් ඒ අයම රවට්ටා ගැනීමක්. අපි මේක මෙතනින් ඉවර කරන්නේ නෑ.

Read More

නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස මේජර් ජනරාල් (විශ්‍රාමික) උදය නානායක්කාර මහතා පත්කොට තිබේ.

Read More

බලංගොඩ මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කෝවිඩි රෝගියෙකු අද (13) දා දහවල් රෝහලෙන් පැන පලාගොස් ඇතැයි පොලිසිය පවසයි.

Read More

නිරෝධායනයේ නෙමෙයි, හිරේ නෙමෙයි කොහේ දැම්මත් අපි මේ කොතලාවල පනත රාජය කරන බවට ලංකා ගුරු සගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිං මහතා පවසා සිටියේය.

Read More

2021 Zero Chance Stories කෙටි චිත්‍රපටි තරගයේ පළමු ජයග්‍රාහකයින් තිදෙනා පසුගියදා ප්‍රකාශය​ට පත්වුණි. නීතිවිරෝධීව මුහුදු මගින් සිදු කෙරෙන සංක්‍රමණ​යේ භයානක කම ශ්‍රි ලාංකීය නව සිනමාකරුවන්ගේ දායකත්වයෙන් නිර්මාණශීලීව දැක්වීම මෙම වැඩසටහනේ අරමුණයි.

Read More

විවිධ නිෂ්පාදකයින්ගේ කොවිඩ් එන්නත් මිශ්‍ර කර ලබාදීම භයානක තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥවරයා සඳුදා උපදෙස් දුන්නේය.

Read More

මෙරට දෛනික කොවිඩ් -19 ආසාදිතයින්ගෙන් ඊයේ (12) දිනයේ වැඩිම ආසාදිතයින් ගණන කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබේ.

Read More

‌ෙඑතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍ය ඊයේ 3 වන දිනටත් විථි සංචාරය කෙරේ.

Read More

අන්තර්ජාලයට අසභ්‍ය දර්ශන හා ඡායාරූප මුදාහැරි සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය දින කිහිපයේ පිටකොට්ටේ, පිළියන්දල, පූජාපිටිය හා රාජගිරිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් එලෙස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර සිටියේය.

Read More

109 වැනි වසරට වෙනි ජන්ම දිනය (2021.08.20) සැමරිමට අපෙක්ෂාවෙන් සිටින සයදරු මවක් ගිනිගත්හේන රම්පාදෙණිය ග්‍රාමසේවා වසමේ කොටියාකුඹුර ප්‍රදේශයේ පදිංචිව සිටියි.

Read More

කාබනික පොහොර නිෂ්පාදනය කර ගොවිතැන්වලට භාවිත කරන ගොවීන්ට හෙක්ටයාරයකට රුපියල් 12,500 බැගින් උපරිම වශයෙන් හෙක්ටයාර් 02 (අක්කර 05) නොඉක්මවන පරිදි දීමනාවක් ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිව ඇ​ත.

Read More

කූරියර් සේවා භාවිත කරමින් තෑගි ලබාදෙන ආකාරයට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අණාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.

Read More

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.