saravita-anim2

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා

Latest News - timelapse 785 hours ago

LATEST

119 හදිසි ඇමතුම් අංකය අවභාවිත කරන්න එපා

calendar_today 2025 ජුනි 23 - 19:10 remove_red_eye - 260  

119 හදිසි ඇමතුම් අංකය අවභාවිත කිරීමෙන් වළකින ලෙස පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. වෙනත් සේවාවන් මගින් අවශ්‍යතාව ඉටුකර ගත හැකිඇතැම් පැමිණිලිද මෙම අංකයට යොමුකරන බව පොලිස් මූලස්ථානය කියයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් ( Volker Turk ) මහතා සිව් දින නිල සංචාරයක් සදහා 06/23 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පත් කර තිබේ.

Read More

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

Read More

ඉරානය හා ඊශ්‍රායෙලය අතර පවතින යුදමය තත්ත්වය සම්බන්ධයෙන් ඊශ්‍රා යෙලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් යාවත්කාලීන කිරීමක් තානාපති නිමල් බණ්ඩාර මහතා සිය ෆේස්බුක් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

පක්ෂයේ තීරණයට පටහැනිව සේරුවිල ප්‍රාදේශීය සභාවේ උප සභාපති ධුරයට ඉදිරිපත්වීම හා උප සභාපති ධූරය භාර ගැනීම,ජාතික ජන බලවේගයේ සභාපති අපේක්ෂකයාට සහාය පළ කිරීම ආදී චෝදනා හයකට සේරවිල ප්‍රාදේශීය සභාවේ උප සභාපති ලෙස පත්වූ සර්වජන බලය ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ.ජී. දිමුතු ප්‍රියංකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට සර්වජන බලය තීරණය කර තිබේ.

Read More

මන්ත්‍රීවරුන්ගේ මාදිවෙල නිල නිවාස සංකීර්ණයේ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගෘහ කාරක සභා‍‍‍‍වේ සාකච්ඡා විය.

Read More

එක්සත් ජනපද ජනාධිපතිවරයාට ඉංග්‍රීසියෙන් කෙලින්ම කතා කරමින් සොල්ෆගාරි මෙසේ පවසයි: ’’ට්‍රම්ප් මහතා, සූදුකාරයා! ඔබ මෙම යුද්ධය ආරම්භ කළා, නමුත් අපි එය අවසන් කරන්නෙමු!’’

Read More

කළුතර මහ නගර සභාවේ නගරාධිපති තනතුරට ජාතික ජන බලවේගයේ ධනුජ හෙට්ටිආරච්චි මහතා 17 - 13 ක් වශයෙන් ඡන්ද ලබාගෙන තේරී පත්විය.

Read More

ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට සිදුකරන උත්සාහයන් වැළැක්වීමට උදව් කරන ලෙස එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ චීනයෙන් ඉල්ලා තිබේ. මෙම සමුද්‍ර සන්ධිය ලෝකයට ඉතාමත් වැදගත් වෙළඳ මාර්ගයක් වන අතර, ලෝකයේ තෙල් හා ගෑස් වලින් හතරෙන් එකක් පමණ ඒ හරහා ගමන් කරයි.

Read More

හිටපු මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙසින් පත් කර තිබේ.

Read More

බැටරියක් සහිත වහල මත සවිකරන සූර්ය පැනල් මගින් ලබා ගන්නා විදුලි ඒකකයකට ගෙවන මුදල ඉහළ දැමූ බව විදුලි බලමණ්ඩලය සඳහන් කරයි.

Read More

2025 මැයි 30 වනදා වනවිට ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි කර ඇති වාහන සංඛ්‍යාව 85 ලක්ෂ 42,000ක් වනවා. (85,42,000) එයින් ලක්ෂ 49ක් යතුරු පැදි. ලියාපදිංචි ත්‍රීරෝද රථ සංඛ්‍යාව ද 11 ලක්ෂ 85,000ක් වනවා.

Read More

ගැටලු හතරක් මුල් කර ගනිමින් මේ මස 26 හා 27 යන දින දෙකෙහි අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයක් සිදුකරන බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ වෘත්තීය සංගමය සඳහන් කරයි.

Read More

ගාල්ල, අක්මීමන ප්‍රදේශයේදී අද (23) අලුයම වෙඩි තැබීමක් සිදුව තිබේ.

Read More

සිනි සමාගම විසින් මෙරට සිනි කර්මාන්තය ඉහළ නැංවිම සදහා පසුගිය කාලය තුලදි ආරම්භකොට තිබු විවිධ ව්‍යාපෘති 11ක්. මුඵමනින්ම අත්හැරදමා තිබු අතර ඒ වෙනුවෙන් වැයකොට තිබු රුපියල් මිලියන 176ක මුදල නිශ්කාර්ය වියදමක් බවට පත්ව ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.

Read More

පසුගිය (15) වනදින අලුයම 2.30 ත් 3.00 අතර කාලයේ කලුබෝවිල පන්සල් පාර පරිඝණක උපකරණ අලෙවි ව්‍යාපාරික නිවසකට වෙඩිතැබීමට සිද්ධියට සම්බන්ධ හ උපකාර ,අනුබල ලබාදුන් කාන්තාවන් දෙදෙනකු සමග තවත් පුද්ගලයෙකු ඔවුන් ගමන්කල ත්‍රීරෝද රථයද සමග ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි.පොලීසිය පැවසීය.

Read More

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න යටතේ ශල්‍ය කර්මවලට ලක්ව අගතියට පත් පුද්ගලයන්ගේ තොරතුරු රැස්කරන බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

යුද හමුදාව විසින් ගන්නා ලබන පරිපාලනමය තීන්දු තීරණ හා ක්‍රමවේදයන් වැරදි ලෙස අර්ථ දක්වමින් සිවිල් සමාජය තුළ යුද්ධ හමුදාව අපකීර්තියට ලක්කිරීම සඳහා යම් යම් සමාජ මාධ්‍ය ජාලා විසින් කටයුතු කරන බව යුද හමුදා මූලස්ථානය සඳහන් කරයි.

Read More

නුවරඑළිය පිහිටි මන්ත්‍රී නිවාඩු නිකේතනයේ එක් කොටසක් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට වෙන්කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී සාකච්ඡා විය.

Read More

ගාල්ල මහනගර සභාවේ කැළිකසල ඉවත් කිරිම සදහා ට්‍රැක්ටර් ඇතුළු යන්ත්‍ර 30ක් පමණ වාහන අංගනයේ තිබුනද එවායින් ධාවනය කළ හැක්තේ ට්‍රැක්ටර් ඇතුළු යන්ත්‍ර13ක් පමණක් බැව් ගාල්ල මහනගර සභාවේ නව නගරාධිපති සුනිල් ගමගේ මහතා පවසයි.

Read More

ස්වයං මාර්ගයෙන් විදේශ රැකියාගත වන ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීමේදී සිදුකෙරෙන ක්‍රමවේදයේ නව සංශෝධනයක් සිදුකරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

Read More

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ඉල්ලීම මත කාර්ය මණ්ඩලය සඳහා අය කරන ආහාර මිල ගණන් නැවත ස‍ංශෝධනය කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව එම කාරක සභාවේ සභාපති ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී තීරණය කෙරිණි.

Read More

පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව හෙට(23දා) රැස්වීමට නියමිතව තිබේ.

Read More

විපක්ෂයට මන්ත්‍රීවරු 16 ක් හා ජාතික ජන බලවේගයට මන්ත්‍රීවරු 11 ක් වශයෙන් පත්ව සිටි මාතලේ උකුවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති ජාතික ජන බලවේගය නියෝජනය කළ නිමල් කරුණාතිලක මහතා ඡන්ද 14 ලබාගෙන ලෙස තේරී පත්විය ඒ සඳහා ඉදිරිපත් වූ සමගි ජන බලවේගය අපේක්ෂකයාට හිමිවූයේ ඡන්ද 12 පමණි .

Read More

බදුල්ල - මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ 04 කණුව ප්‍රදේශයේදී ඊයේ(21දා) අනතුරට පත්වූ බස් රථය පදවා ඇත්තේ එහි ගමන් ගත් පුද්ගලයෙකු බව අනාවරණය වී තිබේ.

Read More

ත්‍රිකුණාමලය නුවර ප්‍රධාන මාර්ගයේ ගල්මැටියාව අනූඅට පෙදෙසේදී ඊයේ (21) රාත්‍රි සිදුවු කැබ්රථ හා යතුරුපැදි අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් දෙදෙනාම මියගිය බව තඹලගමුව පොලිසිය කියයි.

Read More

රුහුණු මහා කතරගම දේවාලයේ 2025 ඇසල මහා පෙරහර මංගල්‍යයේ පෙරහරේ දින15 පුරා දේවාභරණ වඩම්මවන වාසනා ඇතාගේ පෙරහර වස්ත්‍රාභරණ කතරගම දේවාලයට භාරදීම (21) වෙනිදා උදෑසන සිදුකෙරිණි.

Read More

බදුල්ල නගර මධ්‍යයේ පිහිටි ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය බංගලාව පොදු කටයුතු වලට භාවිතා කර ජනතා සේවයට යොදාගන්නා ලෙස ඌව පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ජේ.එම් කපිල ජයසේකර මහතා නිලධාරීන්ට උපදෙස් දෙන ලදි.

Read More

රුහුණු මහා කතරගම දේවාලයේ, ඇසල පෙරහැර මංගල්‍යය හා සම්බන්ධ වීම යාල හා කුමන ජාතික වනෝද්‍යාන හරහා පා ගමනින් පැමිනෙන බැතිමතුන් සදහා, කුමන වනෝද්‍යානයේ ප්‍රවෙිශ දොරටුව විවෘතකල පළමු දිනය එනම් ඉකුත් 20දා බැතිමතුන් 10444ක් වනොද්‍යනය හරහා ගමන් ආරම්භ කල බව කුමන ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු බුද්ධික විතානාරච්චි මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.