වාහන ආනයනය කිරිම සදහා මෙම වර්ෂයේ මුල්මාස හය තුලදි ඇමරිකානු ඩොලර් මිලියන 475ක මුදලක් වැයවි ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
ඒ අනුව පුද්ගලික රථවාහන, වාණිජ්‍ය කටයුතු සදහා යෙදාගනු ලබන වාහන, ඇතුළු වාහන ආනයනය කිරිම සදහා මෙම මුදල වැයවි ඇත. මෙම වර්ෂයේ ජනවාරි මාසයේ දි වාහන ආනයන මත පනවා තිබු සිමාවන් ලිහිල් කිරිමත් සමග මෙම වර්ෂයේ මුල් භාගයේ දි වාහන ආනයනය කිරිම කැපිපෙනෙන ලෙස වැඩිවිමක් දක්නට ලැබුණු බවද මහබැංකු වාර්තාවේ සදහන් වේ. වාහන සදහා ඉල්ලුම ඉහළයාමේ තත්ත්වයක් දක්නට ඇති අතර වාහන සදහා ඇති අධික ඉල්ලුම ක්‍රමයෙන් අඩුවනු ඇති බවද මහබැංකුව පෙන්වා දෙයි.
වාහන ආනයන සිමාවන් ලිහිල්කිරිම සහ ආනයන ඉහළයාම මධ්‍ය යේ 2025 වර්ෂයේ ජුලි මස 22 වැනිදින දක්වා කාලය තුල ශ්‍රිලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 3.1 සුළු අවප්‍රමාණයක් සිදුවි ඇති බවද මහබැංකු වාර්තාවේ සදහන් වේ.
චන්දන සමරවික්‍රම