ශ්‍රී දළදා මාලිගාවේ වත්මන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ දෙවන දස අවුරුදු ධුර කාලය අද (07) බිනර පුන් පොහෝ දිනයෙන් අවසන් වූ අතර ඒ අනුව හෙට (08) දින මල්වතු අස්ගිරි වහනාහිමිවරුන්ගේ නිර්දේශ මත වැඩ බලන දියවඩන නිලමේ නිලමේවරයෙකු පත් කොට මාස 03 ක කාලයක් ඇතුළත බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ තීක්ෂණය යටතේ නව දියවඩන නිලමේවරයකු පත්කර ගැනීම සඳහාා වූ නිල වරණය පැවැත්විය යුතුව ඇත.
මෙම නිලවරණය සඳහා ඡන්දය භාවිතා කිරීම සඳහා මල්වතු මස්ගිරි මහානායක හිමිවරුන් ඇතුළු උඩරට රාජධානියේ රජමහා විහාරවල විහාරාධිපතිි හිමිවරුන්ද එහි භාරකරුවන්ද උඩරට රාජධානියට අයත් මහනුවර මාතලේ නුවරඑළිය කුරුණෑගල පුත්තලම අනුරාධපුර පොළොන්නරුව වවුනියාවේ සිංහල පත්තුව ත්‍රිකුණාමලයේ සිංහල පත්තුව අම්පාරේ සිංහල පත්තුව මොණරාගල බදුල්ල කෑගල්ල රත්නපුර ගාල්ල හිණිදුම් පත්තුව මාතර මොරවක්කෝරලේ යන ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරුන්ට ඡන්දය හිමිවේ.
අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයා කාන්තාවක හෝ අන්‍යාගමිකයෙකු නම් ඔහුට හෝ ඇයට ඡන්දය හිමි නොවන අතර ඒ අනුව මෙවර 100 කට ආසන්න පිරිසකට ඡන්දය හිමි නොවන බව පැවසේ. ඡන්දය ලබාදීමට හිමිකම් ලැබෙනුයේ ප්‍රාදේශීය ලේකම්වරුන් 76 දෙනෙකුට පමණක් බවද කියති.
මෙවර 20 වැනි දියවඩන නිලමේවරයා තෝරා ගැනීමේ ඡන්දය සඳහා වත්මන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, ශ්‍රී කතරගම දේවාලයේ සහ පස්ගම දේවාලයේ බස්නායක නිලමේ දුමින්ද බණ්ඩාර උඩුරාවන, ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිලමේ ඒ. ඩබ්ලිව්.එස්. බණ්ඩාරනායක යන මහත්වරුන් ඉදිරිපත් වන බවට මේ වන විටත් මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන්ට දැහැත් දී තිබේ.
එසේ නමුත් දියවඩන නිලමේ ඡන්ද සටන දිනෙන් දින උණුසුම් වෙද්දි සමාජ ක්‍රියාකාරිකයකු වන සිවිල් බුද්ධි පෙරමුණේ කැඳවුම්කරු සංජය මහවත්ත මහතා තවත් පිරිසක් සමඟ ඊයේ (06) දහවල් මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහා නාමිවරුන්ට ලිපියක් බාර කරමින් ඉල්ලා සිටියේ අද (07) දිනයෙන් වන දියවඩන නිලමේ ධූරය සඳහා මට බලන දියවඩන නිලමේවරයකු පත් කරන අවස්ථාවේදී වත්මන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා නැවත වැඩ බැලීම සඳහා එම තනතුරට පත් කිරීමට නිර්දේශ නොකරන ලෙසයි.