මෙරට තුළ පාතාලය, කළු සල්ලි හා කුඩු ජාවාරම ඕපපාතිකව සිදු නොවන බවත් ඒවා දේශපාලනය සමග ඇති සම්බන්ධතා මගින් සිදු වන බවත් ඉදිරියේදි මේවාට සම්බන්ධ ඉහළ පෙළේ දේශපාලනඥයින් හෙළිදරව්වේවි යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (07) මාතලේ දි පැවසිය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මාතලේ මහ රෝහලේ නව ඉදිකිරිම් කිහිපයක් ජන අයිතියට පත් කිරිමේ උත්සවයට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
“කුඩු පාතාලය කළු සල්ලි පොදුවේ දේශපාලනයට සම්බන්ධ බවට ජනතාව දන්නවා.බලයේ සිටිය පොදු පෙරමුණූ ආණ්ඩු වගේම සජිත් අනිල් යු ඇන්පි ආණ්ඩුවල හිටපු දේශපාලනඥයෝ අත්අඩංගුවට පත් වුණේ නැහැ.නිතිය ක්‍රියාත්මක වුණේ නැහැ.හේතුව තමයි ආණ්ඩු මාරු වුණාට එකම අත්තේ වහලා ඉන්න කුරුල්ලෝයි.ඥාති සම්බන්ධකම් ව්‍යාපාර සම්බන්ධකම් තියන අය තමයි ඒ අය.දේශපාලන සම්බන්ධකම් තියන අය.මේ දවස් වල ඔවුන්ගේ එකතු විම මේ දවස් වල දැක ගන්න පුලුවන්.
ඒ නිසා මිට කලින් 2015-20 කාලයේ චෝදනා එල්ලවව විට අඒ අය කියන්න පටන් ගත්තා චෝදනා එල්ල කලාට ඔප්පු කරන්න කියල අභියෝග කළා.විපක්ෂයේ සිටියත් ඒ අයට හානියක් වෙන්නේ නැහැ කියලා විශ්වාසයක් ඔවුන්ට තිබ්බා. අද වන විට චෝදනාවක් එල්ල වන විට මන්ත්‍රිවරයාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන්න නාමල් රාජපක්ෂලා ඉක්මන් කරන්න කියලා.මේ පරික්ෂණ ඉදිරියට යනවා.ලංකාවට ගෙනාව පාතාල සාමාජකියන් වගේම එක් එක් රටවලදි අත්අඩංගුවට ගත් අය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව පරික්ෂණ කරනවා.
සාක්ෂී එකතු කරමින් යනවා.මෙයට සම්බන්ධ දේශපාලනඥයින් හෙළිදරව් වේවි. කෙහෙල්බද්දර ද්මේ ඇතුලු පිරිස් ගුවන්තොටුපලින් එනවිට නාමල් රාජපක්ෂලා කලබල වෙලා. හොරාට කලින් වැට පැන්නාදෝ කියලා සැකයක් තියනවා. ප්‍රාදේශිය දේශපාලනඥයාගේ සිට ඉහළටම සම්බන්ධ අය ගැන සොයනවා. පර්යේෂණ අනුව ඒ අය හෙලිදරව්වේවි.ආණ්ඩු කරපු දේශපාලනඥයින්ගේ සහය අනුදැනුම නැතිව කුඩු ජාවාරම් පාතාල කල්ලිවත් පවතින්නේ නැහැ.ආණ්ඩුව මේ කල්ලි මර්දනය කිරිම තුළින් ඔවුන් කලබලයට පත් ව ඇති බවද අමාත්‍යවරයා පැවසිය.
මහේෂ් කීර්තිරත්න