saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 6532 hours ago

LATEST

ජාත්‍යන්තරයට ගිය ලංකාවේ කාඩ්බෝඩ් මිනී පෙට්ටිය

calendar_today 2021 අගෝ 24 - 12:08 remove_red_eye - 2810  

දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව විසින් හඳුන්වාදුන් කාඩ්බොඩ් මිනී පෙට්ටියට ජාත්‍යන්තර මාධ්‍යයේද අවධානය හිමිව තිබේ. ඒ එම මිනී පෙට්ටිය පිළිබඳව රොයිටර් පුවත් සේවය තොරතුරු වාර්තා කිරීමත් සමගිනි.

කොරෝනා ආසාදිතව සිටි හිටපු අමාත්‍ය මංගල සමරවීර අද උදෑසන කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී ති​බේ. මිය යන විට ඔහු 65 වන වියේ පසුවිය.

Read More

ශ්‍රී ලංකාව තුළ පළමුවරට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් සකස් කිරීම ආරම්භ කර තිබෙනවා.

Read More

චීනයේ වාර්තා වූ නවතම කොවිඩ් 19 නැගිටීම දින 35 ක් තුළදී පාලනය කිරීමට චීනය සමත්ව තිබේ. ඒ එරට තුළ දින 35කට පසුව දේශීය වශයෙන් සම්ප්‍රේෂණය වූ කොවිඩ් රෝගීන් වාර්තා නොවීමත් සමගිනි

Read More

ගුරු විදුහල්පති වැටුප් ගැටලුව පිළිබදව කැබිනට් මණ්ඩල තින්දුව ලබන සතියේ දැනුම් දෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.

Read More

කොවිඩ් ආසාදිතයන් සඳහා අවශ්‍ය කරන ද්‍රව වෛද්‍ය ඔක්සිජන් ලීටර 300,000 ක් සතිපතා ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

Read More

කෝවිඩ් වෛරසයජය ගැනීමට අවශ්‍ය නම් වැරදි මතවලින් මිදී පලා වර්ග සහ ප්‍රෝටීන් බහුල ආහාරවලින් යුත් සමබල ආහාර වේලක් ලබාගැනීම අත්‍යවශ්‍ය වන බව කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ, පෝෂණවේදය පිළිබඳ මහාචාර්ය රනිල් ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Read More

දැඩි සත්කාර සේවය අවශ්‍ය වන කොවිඩ් රෝගින් ඇතුළු රෝගීන් සඳහා අත්‍යාවශ්‍ය එන්නත්වල පවතින හිගය නිසා රෝගී ජීවිත වලට අවධානමක් මතුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ඌව පළාත් සම්බන්ධීකාරක බදුල්ල මහ රෝහලේ කොවිඩ් ප්‍රතිකාර වාට්ටු බාරව කටයුතු කරන වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් බදුල්ල මහරෝහලේදී පැවසීය .

Read More

මුහුදු ආහාර අපනයනයෙන් ශ්‍රී ලංකාව වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ පසුගිය ජුලි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 40.5ක් වටිනා මුහුදු ආහාර ශ්‍රී ලංකාව අපනයනය කිරීමෙනි.

Read More

කෝවිඩ්-19 රෝගය විද්‍යාත්මක ලෙස පාලනය කිරීම සඳහා සති හයක කාලයක්වත් නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත්, දින 10ක කාලයකින් රට විවෘත කළහොත් ඒ හරහා සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට නොහැකි වන බවත් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

නව ජල සම්බන්ධතා ලබා ගැනීමේදී හිමිකම් නොමැති ඉඩම් වෙනුවෙන් මෙතෙක් කලක් අය කරන ලැබූ ගාස්තුව කපා හරින ලෙස ජල සම්පාදන ඇමති වාසුදේව නානායක්කාර මහතා ඊයේ (23 දා) ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට උපදෙස් දී ඇත.

Read More

අද (24) දිනයේ දිස්ත්‍රික්ක 20 ක මධ්‍යස්ථාන 176 කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර ඇ​ත.

Read More

නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කිරිම හේතුවෙන් පැය 24ක් තුළ පුද්ගලයින් 639ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන අද සහ හට විවෘතව තැබෙනවා.

Read More

ශ්‍රී ලංකාව විසින් මිළදී ගත් , සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 10 ක් , අද දින අලුයම , චීනයේ බෙයිජිං නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .

Read More

එරට ප්‍රථම කොවිඩ්-19 මරණය 2020 ජනවාරි 5 සිට ජනවාරි 11 දක්වා සිදුව ඇති අතර, තවත් මරණ 5ක් ජනවාරි 12 සිට පෙබරවාරි 01දා දක්වා සිදුව ඇති බව එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) පවසයි.

Read More

කෝවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමට සති තුනක කාලයක් රට වසා තබන්නැයි ජනාධිපතිවරයාට ලිපියක් යවා එය මාධ්‍යය ලබාදුන් පොදුජන පෙරමුණ නියෝජනය කරන පක්ශ නායකයන්ට අගමැති මහින්ද රාජපක්ශ මහතා අද (23දා) පැවති කැබිනට් රැස්වීමේදී දැඩිසේ අවවාද කර තිබේ.

Read More

රට හමුවේ කුමන අභියෝග, බාධක පැමිණියත් අතහැරිය නොහැකි ජාතික වගකීම් හා යුතුකම් සමුදායක් ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. එහි පළමු තැන දළදා සමිඳුන් වෙනුවෙන් කැපවීමෙන් පවත්වන පුද පූජාවන්ට අයත් බව ඉතිහාසයේ සිට පාලකයන් විශ්වාස කර ඇති බව ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබිණ.

Read More

ෆේස්බුක් සිය මෙසෙන්ජර් ඇප් එක විවෘත නොකර, ඇමතුම් ලබා ගැනීම පහසු කිරීම අරමුණු කරගනිමින් සිය ප්‍රධාන යෙදුම තුළ හඬ සහ වීඩියෝ ඇමතුම් ලබාගැනීමේ පහසුකම් සැලසීමට සූදානම් වෙයි.

Read More

ජි ඒ රෝයි අබේසේකර මහතා, ධම්මිකා චන්දසේකර මහත්මිය, නීතිඥ ක්‍රිස්ටිනා ජිත්මි මහත්මිය හා ක්‍රිස්ටෝපර් දඹගේ මහතා මෙලෙස නගර සභා මැතිවරණයට ඉදිරිපත්ව තිබේ.

Read More

කැබිනට් මණ්ඩලයේ ලබාදෙන තිරණය අනුව ගුරු විදුහල්පති වැටුප් විෂමතා අරගලයේ ඉදිරි පියවරයන් තිරණය කරන බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි.

Read More

තමාට කොවිඩ් අරමුදල වෙනුවෙන් වැටුප පරිත්‍යාග කිරීමේ හැකියාවක් නැතැයි, රාජ්‍ය අමාත්‍ය, පියල් නිශාන්ත මහතා පවසා සිටියි. සිය වැටුප සම්පූර්ණයෙන් බැංකු ණයක් සඳහා වෙන් කර ඇති බැවින් එලෙස වැටුප පරිත්‍යාග කිරීමේ හැකියාවක් නොමැති බව රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේය.

Read More

’’එන්නත ලබා දීමෙන් වෛරසය සමග ජීවත් වීම පහසු වෙනවා. එය හරියට සෙම්ප්‍රතිශ්‍යාව වැනි වෙනත් වෛරස් සමග අප ජීවත් වීම හා සමානයි’’ ඩොහර්ටි ආයතනය පැවසීය. ’’අපට ජනගහනයෙන් 70% - 80%ක එන්නත් ආවරණයක් ලබාගත් පසු, දෛනිකව ජාතික වශයෙන් සිය දහස් ගණනක ආසාදිතයන් හමු වුවත් රට විවෘත කළ හැකියි.’’

Read More

සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 394335ක් දක්වා වර්ධනය විය.

Read More

ඉන්දියාවේ සක්‍රීය රෝගීන් 333,924ක් රට තුළ සිටින අතර, සමස්තයක් ලෙස පුද්ගලයන් 31,680,626දෙනෙකු සාර්ථකව සුව වී රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

ඊයේ (22) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 194 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ති​බේ. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 49 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 145 දෙනෙකු අයත් වෙයි.

Read More

ඇෆ්ගනිස්තානය හා පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබූ එක්දින ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවෙන් පාකිස්තානය වෙත ගෙන ගොස් තිබේ. එක්දින තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ හම්බන්තෙට ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

ඩෙල්ටා ප්‍රභේදය පැතිර යාම අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින හෙයින් මුළු රටම අනතුරු ඇඟවීමේ 4 වැනි මට්ටමේ සීමාවන් පනවා ඇති අතර, එරට එන්නත්කරණය මන්දගාමී වීමෙන් අර්බුධයක් මතුකර ඇති බව කියයි.

Read More

නිවස තුළම ඇඳ ඇතිරිල්ලකින් ‍ජනේලයක එල්ලී වැලළාගෙන සිටි 37හැවිරිදි පුද්ගලයෙකුගේ මෘත දේහය පීසීආර් පරික්ෂණයට ලක්කිරීමේදී ඔහු කොවිඩ් 19 ආසාදිතයෙක් බව අද තහවුරු වී තිබේ .

Read More

ඉටුකම අරමුදලට මිලියන 1827.3ක් ලැබී ඇති බව එම අරමුදලට අදාළ වෙබ් අඩවියේ දැක්වෙයි

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.