සහල් ආනයනයකරුවන් ට බදු සහන ලබාදීමට මුදල් අමාත්‍යවරයා ගත් තීරණය වහාම හකුළා ගන්නා ලෙස ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකොන් පවසයි.
එම තීරණය හේතුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් ට අසාධාරණයක් සිදුවන බවයි ඔහු පෙන්වා දෙයි.
සහල් ආනයනය කළද රුපියල් 100 ට අඩු මුදලකට ලබාදීමේ හැකියාවක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.