saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 7013 hours ago

LATEST

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

calendar_today 2021 නොවැ 08 - 17:53 remove_red_eye - 1099  

ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අද(8) පෙරවරුවේ දිවයිනට පැමිණෙයි.

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්ත්වය හමුවේ ඉදිරියේ දී ගංවතුර අවධානමක් ඇති වුවහොත් ජනතාවට කඩිනමින් සහන සැලසීම සඳහා බටහිර සහ දකුණු නාවික විධානයන් තුළ නාවික හමුදා සහන කණ්ඩායම් 35ක් සූදානමින් තැබීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

Read More

මීරිගම පස්යාල මාර්ගයේ දන්සැල් වත්ත ප‍්‍රදේශයේදී වෑන් රථයක් හා කන්ටේනර් රථයක් ගැටී පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් ඇත.

Read More

ලබන සතිය වනවිට සියලුම පාසල් දරුවන් සදහා පාසල් ආරම්භ කිරීමට හැකි වනු ඇති බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

Read More

කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබා නොගත් පිරිස් පොදු ස්ථානවලට ගියහොත්, ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බව නීතිපතිවරයා දැනුම්දී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසා සිටියි.

Read More

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී විදේශ රැකියා වල නිරතව සිටින අයට ලියාපදිංචි වීම සදහා මෙම මස 15 දා සිට දෙසැම්බර් මස 14 දා දක්වා අවස්ථාව ලබා දී ඇති බව එම කාර්යාංශය පවසයි.

Read More

එයට පිළිතුරු දෙමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවැසුවේ විනය අංක එක බවත් ඔවුන්ට පනවා ඇති තරග තහනම් ඉවත්වීමෙන් පසුව ජාත්‍යන්තර පිටියට පැමිණිය හැකි බවත්ය.

Read More

කොවිඩ් ආසාදිතයන් දිගින් දිගටම ඉහළ යාම සුභදායි ලක්ෂණයක් නොවන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසා සිටියි.

Read More

බන්ධනාගාර රැඳවියන්ව සතියකට දින 02ක් හමුවීම සඳහා අමුත්තන්ට අවස්ථාව ලබාදෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

Read More

අයහපත් කාලගුණයෙන් ප්‍රදේශ රැසක ජනතාවට බලපෑම් එල්ල වී තිබෙනවා.

Read More

යුගදනවි ගිවිසුම පිළිබඳ රටේ විශාල ප්‍රශ්නයක් ඇතිවී තිබෙන අතර එම ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ආණ්ඩුවට සඳහන් කරන බව එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

මාලදිවයින ජනාධිපති ඉබ‍්‍රහිම් මොහොමඩ් සොලි මහතා අද පෙරවරු 9.45 ට පමණ මෙරටට පැමිණ ඇත.

Read More

ගෙවී ගිය දින 07 තුල මෙරටට සංචාරකයන් 9545 දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ සංචාරකයන්ට රට විවෘත කිරීමත් සමග ක්‍රමානුකූලව මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව වැඩීවෙමින් පවතින බවයි.

Read More

සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (08) නීතිපතිවරයා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ.

Read More

ජනතාව වගකීම් සහගත ලෙස කටයුතු නොකළහොත් යළිත් කොවිඩ් රැල්ලක් ඇතිවිය හැකි බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසා සිටියි.

Read More

පරිසර අමාත්‍යාංශය විසින් ලබා ගෙන ඇති තොරතුරු පරිදි වසරකට මෙරට තුළ රුපියල් කෝටි 96ක සැෂේ පැකට් අලෙවි වී තිබේ. එමෙන්ම වාර්ෂිකව පරිසරයට මුදා හරින ලන්ච්ෂීට් ප්‍රමාණය මිලියන 5475 ඉක්මවයි. මේවා පරිසරයට එක්වීම මත කිසිදු දිනෙක දිරාපත් වන්නේ නැත. මිනිස් ඇසට නොපෙනී යාමට වසර 50 සිට 450 දක්වා කාලයක් ගත වෙන අතර ඒවා ඉන් අනතුරුව ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු බවටත් ඉන් පසු නැනෝ අංශු බවටත් පත්ව අවසානයේ පසට මෙන්ම ජලාශ හා සාගරයට ද එකතු වේ.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දිනයේ ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

Read More

සිය පක්ෂය දැනට ආණ්ඩුවට ඉල්ලීම් කරන පක්ෂයක් බවට පත්වුවත් ඉදිරියේදී ආණ්ඩුවට කොන්දේසි දමන පක්ෂය බවට පත් කරවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.ඩබ්ලිව්.ෂාන් විජයලාල් ද සිල්වා මහතා අද (8) උදේ ඌරගස්මංහන්දිය හිපන්කන්ද ප්‍රදේශයේ පැවති ජන හමුවකදී කීවේය.

Read More

අද සිට දුම්රිය මගින් පාර්සල් ප්‍රවාහනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

බස්නාහිර සහ නැගෙනහිර පළාත් ආවරණය වන ලෙස අද (08) සිට විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට ජාතික ඩෙංගු මර්ධන ඒකකය තීරණය කර තිබේ.

Read More

පාර්ලිමේන්තුව අද (08) රැස්වීමට නියමිතව තිබේ.

Read More

ශ්‍රී ලංකාවට කාබනික පොහොර ගෙන ආ චීනයේ සිවින් බයොටෙක් සමූහය ශ්‍රී ලංකාවේ ජාතික ශාක නිරෝධායන සේවාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගෙන් ඩොලර් මිලියන 8ක වන්දි ඉල්ලමින් එන්තරවාසි යොමුකර තිබේ.

Read More

රටේ අහිංසක විශ‍්‍රාමිකයන්ගේ විශ‍්‍රාම වැටුප අන්තනෝමතික ලෙස කොල්ලකෑමට ආණ්ඩුව තීරණය කර ඇතැයි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

Read More

ගතවූ සති දෙකක කාලයට සාපෙක්ෂව කොවිඩ් නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමය යටතේ ලියාපදිංචි වූ රෝගීන්ගේ පැහැදිලි වැඩිවීමක් මේ වන වන විට දක්නට ඇතැයි එම ව්‍යාපෘතිය භාර විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය සඳහන් කර සිටියාය.

Read More

ගෝලීය වශයෙන් කොවිඩ්-19 විසින් ගෙන එන අවිනිශ්චිතතා සහ අභියෝග සමග ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා චීනය සිය දැඩි කොවිඩ්-19 මර්දන ප්‍රතිපත්ති ඉදිරියටත් ආරක්ෂා කරන බව කියයි.

Read More

දිවයින පුරා රජයේ සහ රජයේ අනුමත පාසල්වල 10, 11, 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද (08දා) සිට ආරම්භ වේ.

Read More

ඇමෙරිකානු ’’ ෆයිසර් ’’ එන්නත් 202,000 ක ප්‍රමාණයක් 11/07 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් දෝහා සිට රැගෙන විත් තිබේ .

Read More

’’මෙය සැබවින්ම ජාතික මෙහෙවරක්. අපි සියලු දෙනා එකතු වී අපගේ කාර්යභාරය ඉටු කරන්නේ නම්, අපට මේ අභියෝගාත්මක ශීත කාලය ගතකළ හැකියි. සීමාවන් වෙත ආපසු යාමෙන් වැළකී නත්තල භුක්ති විඳිය හැකියි’’ බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමති පවසයි.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු තොග ප්‍රමාණය පහත වැටීම නිසා එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන බව එහි වෙළෙද සංගමයේ සභාපති යූ බී ඒකනායක මහතා සදහන් කළේය.

Read More

රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුපෙන් අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය සඳහා මුදලක් අයකරගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයට සමස්ත ලංකා රාජ්‍ය සේවා විශ්‍රාමිකයින්ගේ ඒකාබද්ධ ජාතික සංවිධානය විරෝධය පළ කර සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.