විශ්රාමිකයන්ගෙන් පළිගන්නට තරම් ආණ්ඩුව සැහැසි වෙලා
රටේ අහිංසක විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප අන්තනෝමතික ලෙස කොල්ලකෑමට ආණ්ඩුව තීරණය කර ඇතැයි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.
විශ්‍රාමිකයන්ගේ මුදල් අග්‍රහාර රක්ෂණයට බැර කරන මුවාවෙන් මෙලෙස කපා ගැනීමට නියමිත අතර මේ මුදල් කපා ගැනීම සම්බන්ධයෙන් සති දෙකක් ඇතුළත විශ්‍රාමික ප්‍රජාවගෙන් කැමැත්ත අකැමැත්ත විමසා ඊට ප්‍රතිචාර නොදක්වන්නේ නම් ඒකාන්ත වශයෙන්ම එම මුදල් කපා ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවද විපක්ෂ නායකවරයා කීය.
බලයට පැමිණි විගසම ධන කුවේරයින්ට කෝටි ප්‍රකෝටි ගණන් බදු සහන ලබාදෙමින් රාජ්‍ය ආදායම නැත්තටම නැති කරගත් ආණ්ඩුව ඒ පාඩුව පියවා ගන්නට හදන්නේ මේ රට වෙනුවෙන් වසර ගණනාවක් තිස්සේ දහඩිය මහන්සිය සහ බුද්ධිය කැප කරමින් රාජ්‍ය සේවය කළ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් බව පැවසූ විපක්ෂ නායකවරයා, මේ මෘග්ධ ක්‍රියාවලියට එරෙහිව කොන්දේසි විරහිතව කටයුතු කරන බවද පැවසීය.
නැදිගම්විල රාජමහා විහාරයට පැමිණි විපක්ෂ නායකවරයා අමරපුර සිරි සද්ධම්ම යුත්තික මහා නිකායේ අනුනායක ධුරන්දර අතිපූජ්‍ය උයන්වත්තේ සද්ධාරාම නාහිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත් අතර ඉන් අනතුරුව මාධ්‍යය මේ බව පැවසීය.
අග්‍රහාර රක්ෂණය ශක්තිමත් කිරීමේ නාමයෙන් ක්‍රමෝපායික ලෙස මේ රටේ ලක්ෂ සංඛ්‍යාත විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදු කිරීමට ආණ්ඩුව ගෙන ඇති කූට සහ නිර්ලජ්ජිත ක්‍රියාමාර්ගය පිළිබඳව සිය දැඩි පිළිකුළ පළ කරන බව පැවසූ විපක්ෂ නායකවරයා, 2016/01/1 ට පෙර විශ්‍රාම ගිය වයස අවුරුදු 70ට වැඩි විශ්රාමිකයන්ගෙන් රුපියල් හයසීයක් කපා ගන්නටත්, වයස අවුරුදු 70ට අඩු අයගෙන් රුපියල් හාරසියයක් කපා ගැනීමටත් ආණ්ඩුව විසින් අලූත්ම චක්‍රලේඛය ඔක්තෝබර් 29 වැනිදා නිකුත්කොට ඇතැයිද පැවසීය.
popular news
-
Kumar Tuesday, 09 November 2021 02:32 AM
vishramikayan neda mayma rajaya path karannaganna sumadan vunay. dan amathaka welada.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

