දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු තොග ප්‍රමාණය පහත වැටීම නිසා එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන බව එහි වෙළෙද සංගමයේ සභාපති යූ බී ඒකනායක මහතා සදහන් කළේය.
පවතින අයහපත් කාලගුණය ඇතුලු හේතු රැසක් නිසා මෙම තත්ත්වය ඇතිවී තිබෙන බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.
සාමාන්‍ය යෙන් දිනකට එළවලු කිලෝ ලක්ෂ 20 ත් 25 ත් අතර ප්‍රමාණයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිනකට රැගෙන එනු ලැබුවද අද දිනයේ දී ලැබී ඇත්තේ එළවලු කිලෝ ලක්ෂ 7 ත් 8 ත් අතර ප්‍රමාණයක් බවයි යූ බී ඒකනායක මහතා සදහන් කළේ.
බෝංචි, මාලු මිරිස්, කැරට්, ලීක්ස් ආදී උඩරට ප්‍රදේශවලින් ලැබෙන එළවලු කිලෝවක මිල රුපියල් 200 සිට 350 දක්වා මිලකට අලෙවි වනවා.
පහතරට එළවලුද කිලෝවක් රුපියල් 150 කට වැඩි මිලකට අලෙවි වන බවයි යූ බී ඒකනායක මහතා කියා සිටියේ.