saravita-anim2

2025 ඔක්තෝබර් මස 12 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 12 වන ඉරිදා

Latest News - timelapse 6554 hours ago

LATEST

ඔස්ට්‍රේලියා සීමා ලිහිල් කිරීම ගැන වෛද්‍යවරු නොසතුටින්

calendar_today 2021 සැප් 01 - 22:30 remove_red_eye - 346  

ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රාන්ත වෛරස් මර්දනය කිරීමේ උපායමාර්ග ලිහිල් කරමින්, වෛරසය සමග ජීවත් වීමට සූදානම් වුවත්, ඉහළ එන්නත් අනුපාතයක් සහිතව වුවද රජයේ නැවත විවෘත කිරීමේ සැලසුම්වලට මුහුණ දීමට රටේ රෝහල් පද්ධතිය තවම සූදානම් නැති බව ඔස්ට්‍රේලියානු වෛද්‍යවරු අනතුරු ඇඟවූහ.

​රට තුල සහල් සහ සීනි ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් උද්ගතව ඇති බවට පැතිර යන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

දකුණු අප්‍රිකානු කොවිඩ්වෛරසය නව ප්‍රභේදය ලංකාවට ඇතුළු විමේ සම්භාවිතාවක් ඇතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

Read More

උද්භිද උද්‍යාන සංරක්‍ෂණ ජාත්‍යන්තරයේ මහ ලේකම් පෝල් ස්මිත් නිවේදනයක් නිකුත් කරමින්, ’’මෙම වාර්තාව මගින් ගස්වලට උපකාර අවශ්‍ය බව ලොව පුරා සිටින සෑම කෙනෙකුම අවදි කරන ඇමතුමක් ලබාදෙනවා.’’ යැයි පැවසීය. තනි වෘක්ෂ විශේෂයක් වඳ වී යාමෙන් තවත් බොහෝ ජීවීන් අහිමි වීමට හේතු විය හැක.

Read More

ඊයේ (31) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ ‍215 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් දෙදෙනෙක්, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 46 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 167 දෙනෙකු අයත්.මෙර​ට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 9,400 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයෙන් ඉවත් වන බවට පළ වන වාර්තා අසත්‍ය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා සිටියි. පක්ෂයට වසර 70ක් සපිරෙන හෙට (02) දිනයේදී තමන් විශේෂ කතාවක් සිදුකිරීමට ද සූදානමින් සිටින බවයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Read More

ආසාදන සංඛ්‍යාවේ යම් පහළ වැටීමක් දැක ඉන්දුනීසියාව සහ තායිලන්තය කොවිඩ්-19 මැඩපැවැත්වීම සඳහා වූ සීමා ලිහිල් කිරීමට කටයුතු කළත්, එන්නත් කිරීමේ අනුපාතය තවම පහළ මට්ටමක පවතින හෙයින් නව ආසාදන අවස්ථා ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බවට සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු අඟවයි.

Read More

රජය භාරයට ගත් සීනි තොග පාලන මිලක් යටතේ රාජ්‍ය හා පෞද්ගලික වෙළඳ ආයතන මගින් පාරිභෝගික ජනතාව වෙත අලෙවි කිරීමට සැලසුම් කර තිබේ.

Read More

දිවයිනේ සෑම රෝහලකම කොවිඩ් රෝගීන් සඳහා අවශ්‍ය ඔක්සිජන් සැපයුම සම්බන්ධයෙන් දෛනිකව නිරීක්ෂණය කරමින් ඒ සඳහා නිසි ක්‍රියා මාර්ග ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට අද (01) උපදෙස් ලබා දුන්නේය.

Read More

එලැඹෙන සීත කාලයේදී වියහැකි කොවිඩ්-19 ආසාදිතයන් වැඩිවීම වැළැක්වීම සඳහා දැන් සිටම සූදානම් වීමේ පියවරක් ලෙස වැඩිහිටියන් සහ අවදානම් සහිත පුද්ගලයන් සඳහා කොවිඩ්-19 තෙවැනි මාත්‍රාවක් ලබාදෙන රටවල් කිහිපය අතරට ජර්මනියද එක්ව තිබේ.

Read More

යාපනය කයිතඩි පිහිටි වැඩිහිටි නිවාසයක වැඩිහිටියන් හා කාර්ය මණ්ඩලයේ පුද්ගලයින් 44 දෙනෙකුට කොවිඩ් ආසාදනය වි ඇතැයි කයිතඩි මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරිහු පවසති.

Read More

කොවිඩ් - 19 පාලනය සදහා මේ වන විට රජය හා සෞඛ්‍ය අංශ ගෙනයනු ලබන වැඩපිළිවෙල තවත් ශක්තිමත් කිරීමට ඇමරිකාවේ වොෂින්ටන් නුවර ජාත්‍යන්තර වෛද්‍ය සේවා සංවිධානය (International Medical Health Organization (IMHO) විසින් ඇමරිකානු ඩොලර් මිලියන 3.1 ක වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් අද දින (01) සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීමට කටයුතු කෙරිණි.

Read More

කොවිඩ් වසංගත තත්ත්වය පාලනය සඳහා රට තවත් සතියක් හෝ දෙකක් වසාතැබීම කළ යුතුයි යන්න තම පෞද්ගලික මතය බව කොවිඩ් පාලන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසා සිටියි.

Read More

සීනි සහ සහල් සඳහා හෙට (02) සිට මිල පාලනයක් හඳුන්වාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා සිටියි.

Read More

පුළුල් වාමවාදී පෙරමුණක් බිහි කරන බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාව සඳහා ශුද්ධාසනයේ නියෝජිත (වතිකානු තානාපති) බ්‍රයන් උඩයිග්වේ අගරදගුරුතුමා ඊයේ ( 31) විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමුවී තිබෙනවා.

Read More

ඉදිරි සතියේ පාර්ලිමේන්තු කටයුතු තීරණය කිරීම සඳහා, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව හෙට (2021.09.02) පස්වරු 2.00ට රැස්වීමට නියමිතය.

Read More

එළැඹෙන අයවැයේ දී ගුරු - විදුහල්පති වැටුප් විෂමතාව පියවර කිහිපයක් යටතේ ඉවත්කිරීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය ඒ සම්බන්ධයෙන් ලබාදිය හැකි සාධාරණම විසදුම බව අමාත්‍ය විමල් වීරවංශ සඳහන් කර සිටියි.

Read More

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සැප්තැම්බර් 07 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Read More

දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරඟාවලිය හෙට (02) සිට ආරම්භ වෙයි. දෙරට අතර පළමු එක්දින තරඟය හෙට පස්වරු 3.00ට දිවා-රාත්‍රී තරඟයක් ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය.

Read More

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබේ.

Read More

වත්තල මාබෝල ප‍්‍රදේශයේ ගබඩාවක සඟවා තිබියදී සොයාගත් සීනි මෙටි‍්‍රක් ටොන් 4800ක් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අද සිය භාරයට ගෙන ඇත.

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝගය මෙන්ම කොවිඩ් අභියෝගය ජය ගැනීමට චීන රජය උපරිමයෙන් ශක්තියක් වන බව චීන මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කථානායක) ලී ෂන්සු මහතා මෙරට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පැවසීය. ඒ මහතා මේ බව පවසා සිටියේ චීන පාර්ලිමේන්තුවේ ඉහළ පෙළේ දූත පිරිසක් සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අතර ඊයේ (31) පැවති රාජ්‍ය තාන්ත්‍රික හමුවේදීය.

Read More

යාපනය ගුරුනගර් ප්‍රදේශයේදී පසුගියදා ආයුධ කල්ලි ප්‍රහාරයකින් එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලැබීමේ සිද්ධියට සම්බන්ධ ආයුධ කල්ලි නායකයා ඇතුලු 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි යාපනය පොලීසිය පවසයි.

Read More

බන්ධනාගාරගත කර සිටින රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

Read More

නිරෝධායන ඇඳිරි නිතිය අස්සේ මිහින්තලා පුදබිමේ රාජගිරිලෙන ආශ‍්‍රිත පුරාවිද්‍යා රක්ෂිතයේ නිධන් හාරමින් සිටි පුද්ගලයින් එකොළොස් දෙනෙක් මිහින්තලේ පොලිසිය විසින් ඊයේ (31) අත්අඩංගුවට ගෙන ඇත.

Read More

දකුණු අප්‍රිකාවෙන් හඳුනාගැනුණු නව කොරෝනා ප්‍රභේදය ශ්‍රී ලංකාවට ද ඇතුළු වීමේ දැඩි අවදානමක් ඇති බව, සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් අද දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර සිටියේය.

Read More

ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ සධාතුක කරඬුව වැඩමවීම සඳහා ඉකුත් අගෝස්තු මස 12 වැනි දින මහනුවරට පැමිණි නැදුන්ගමුවේ රාජා හස්තියා අද (01) නැවතත් සිය ගම්බිම් බලා පිටත්වීමට සඳහා දළදා මාළිගාව පරිශ්‍රයෙන් ගමන් ඇරඹීය.

Read More

දිස්ත්‍රික් මට්ටමින් මේ වන විට සිදු කෙරෙන එන්නත්කරණ කටයුතු ඉතා කඩිනම් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුකවැල්ල මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

Read More

මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ (31) පුද්ගලයින් 511,142 කට කොවිඩ් මර්දන එන්නත් ලබාදී තිබේ. ඊයේ දිනයේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 41,166 කට ලබාදී ඇති අතර එහි දෙවන මාත්‍රාව 442,237 කට ලබාදී ඇති බවත් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව 4,018 කට ලබාදී ඇති අතර දෙවන මාත්‍රාව 485 කට ලබාදී ඇති බවට වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.