විදුලි කප්පාදුව හේතුවෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශාල ප්‍රශ්නයක් වන බවත් මෙම විදුලි කප්පාදුව උසස් පෙළ විභාගය අවසන් වන මාර්තු 05 වැනිදායින් පසුව සිදු කිරීමට කටයුතු කරන ලෙස ආණ්ඩුවට සඳහන් කරන බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
විවිධ ප්‍රදේශ වල විවිධ අවස්ථාවන්හීදී විදුලිය කප්පාදු කිරීම හේතුවෙන් ජනතාවට මූලික අයිතිවාසිකම් කඩවීම පිළිබඳ සඳහන් කරමින් නඩු පැවරිය හැකි බව ඊයේ (23දා) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් හෙතෙම සඳහන් කළේය.
මෙම ගැටලුව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පෙරේදා(22දා) සාකච්ඡාවක් පැවතුන බවත් ඒ අනුව මෙම විදුලි කප්පාදුව වෙනස් කිරීමට විදුලිබල මණ්ඩලය සහ මහජන උපයෝගීතා කොමිසම සමග විභාග කොමසාරිස්වරයා සහ අධ්‍යාපන අමාත්‍යාංශය සාකච්ඡා පවත්වා තිබෙන බවත් ඊට පිළිතුරු ලබා දෙමින් සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.