ඇමරිකානු සංචාරකයා පැමිණි බෝට්ටුවේ තිබු සියලු දෑ සොරාගෙන
කොළඹ සිට බෝට්ටුවකින් යාපනයේ සංචාරයකට පැමිණි ඇමරිකානු ජාතිකයෙකු පැමිණි බෝට්ටුවේ තිබු උපකරණ සියල්ලක්ම සොරාගෙන ඇතැයි අදාල සංචාරකයා විසින් අද (23දා) යාපනය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.
අදාල ඇමරිකානු ජාතිකයා ඊයේ (22දා) කොළඹ සිට විශේෂ බොට්ටුවකින් යාපනය ගුරුනගර් ජැටියට පැමිණ බෝට්ටුව එහි නවතා තිරුනෙල්වේලි ප්රදේශයේ පිහිටි පෞද්ගලික හෝටලයකට නවාතැන් ගැනීම සඳහා ගොස් ගමන්මලු එහි දමා නැවත බෝට්ටුවට පැමිණ පරික්ෂා කිරීමේදී එහි දමා ගොස් තිබූ උපකරණ සියල්ලක්ම අතුරුදහන්ව ඇති බවට අදාල පැමිණිල්ල මගින් ඇමරිකානු ජාතකයා විසින් පොලීසියට දැනුම් දී ඇත.
එහිදී බෝට්ටුවේ තිබූ ඉතා වටිනා කිමිදීමේදී යොදාගන්නා තාක්ෂණික නිරීක්ෂණ කට්ටල, කිමිදුම් කට්ටල, ආරක්ෂිත කබා, කිමිදීමේදී යොදාගන්නා උපැස් යුවලක්, ඇතුලු තවත් භාණ්ඩ කිහිපයක් මෙලෙස අතරුදහන්ව ඇත.
අදාල භාණ්ඩ සොරාගැනීම සම්බන්ධයෙන් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර යාපනය පොලීසිය වැඩිදුර පරික්ෂණයක් අරඹා ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

