යහපාලන ආණ්ඩුව විසින් පිහිටවු දූෂණ මර්දන කමිටුව හා ලේකම් කාර්යාලය මගින් සිදුකරන ලදැයි පැවැසෙන අක්‍රමිකතා සොයා බැලීම සඳහා පත්කළ විශේෂ ජානාධපිත පරීක්ෂණ කොමිෂන් සභාව සාක්ෂි විමසීම ආරම්භ කිරීමට නියමිතය.
ඒ අනුව පෙබරවාරි 28 දා පෙරවරු 10.30 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පිහිටි විශේෂ ජනාධිපති කොමිෂන් සභා ශාලාවේදී ආරම්භ කිරීමට නියමිතය.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පරීක්ෂණ කොමිෂන් සභාව 2021/01/28දා පිහිටුවන ලදී.