යාපනය කෝපායි පොලිස් වසමේ රාසාවින් ප්‍රදේශයේ පිහිටි නිවෙසක වයෝවෘද්ධ කාන්තාවක් ඝාතනය කොට තිබියදී මළ සිරුර ඊයේ (22දා) සවස සොයාගත් බවට පොලීසිය පවසයි.
අදාල කාන්තාවගේ නිවසේ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් කුලී පදනම මත නැවතී සිටින අතර සිසුන් විශ්වවිද්‍යාලයට ගොස් ආපසු නිවසට පැමිණීමේදී නිවෙස් හිමි කාන්තාව පුටුවක් මත ඝාතනය කොට සිටිනු දැක ඒ පිළිබඳ සිසුන් විසින් කෝපායි පොලීසියට දැනුම් දී ඇත.
අනතුරුව පොලිසිය නිවෙසට පැමිණ සිදුකරන ලද පරික්ෂණ වලදී හෙලි වී ඇත්තේ කාන්තාවගේ හිසට පහරදීමක් සිදුකොට ඇති බවටත් අසල බිම මල් පෝච්චියක් වැටී තිබූ හෙයින් මල් පෝච්චියෙන් හිසට සිදුකල පහරදීමකින් අදාල කාන්තාව මිය ගොස් ඇති බවට සැකපල කරන බවටත්ය.
මෙලෙස මිය ගොස් ඇත්තේ මරයිනායගම් ජෙයසීලි නැමති 72 හැවිරිදි වයොවෘද්ධ කාන්තාවකි.
මිය ගිය කානත්වගේ ගෙවත්තේ එදින කුලී වැඩට පුද්ගලයෙකු පැමිණ ඇති බවටත් මිය ගිය කාන්තාව පැළඳි සියලු රන්ආභරණ නොතිබූ අතර කුලී වැඩට පැමිණි පුද්ගලයාද අතුරුදහන්ව සිටි හෙයින් එම පුද්ගලයා විසින් අදාල කාන්තාවට පහරදී රන් ආභරණ කොල්ල කා පලා ගොස් ඇති බවට සැක පල කරන බවද එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ ආරම්භ කොට ඇතැයිද කෝපායි පොලීසිය වැඩිදුරටත් පැවසීය.