saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 6507 hours ago

LATEST

බදියුදීන්ගේ සිද්ධිය බන්ධනාගාර විනිශ්චය සභාවක් ඉදිරියේ කැඳවීමට තීරණය කරයි

calendar_today 2021 අගෝ 25 - 17:17 remove_red_eye - 278  

මැගසින් බන්ධනාගාරයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඇති කරගත් බව කියන සිද්ධිය බන්ධනාගාර විනිශ්චය සභාවක් හමුවේ කැඳවීමට තීරණය කර තිබෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක සඳහන් කර සිටියි.

දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන යළි එලඹෙන 28 සහ 29 යන දෙදින විවෘතව තැබීමට තීරණය කර තිබේ.

Read More

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පිරිසකට වරද පැටවීමට උත්සාහ කිරීමක් පිළිබඳව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් පසුගියදා මහනුවර හා අනුරාධපුර වෙත ගොස් මහානායක ස්වාමීන් වහන්සේලා දැනුවත් කිරීමට කටයුතු කෙරිණි.

Read More

මෙරට කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ බවට හඳුනාගත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 4 සීමාව ඉක්මවා තිබේ. ඒ ගතවූ දින 4 තුළ PCR සහ ඇන්ටිජන් පරීක්ෂණවලින් පුද්ගලයින් 4,484 දෙනෙකු ආසාදිත බවට හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසා සිටියි.

Read More

මෙරට ඔක්සිජන් අවශ්‍යතාව වෙනුවෙන් ඉන්දියාවේ ප්‍රමුඛ අවධානයක් මේ මොහොතේ යොමු කරන ලෙස ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාගෙන් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද (25) ඉල්ලා සිටියේය.ඉන්දියාවේ නිෂ්පාදිත ජංගම ඔක්සිජන් ඒකක මෙරටට ලබාදීම කෙරෙහිද අවධානය යොමුකරන ලෙස අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය.

Read More

1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළක්වීමේ පනතේ 13 වන වගන්තිය අනුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් උපදේශක මණ්ඩලයක් පත් කර ඇතැයි ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ හරිගුප්ත රෝහණධීර මහතා පවසයි.

Read More

මොණරාගල තණමල්විල ප්‍රදේශ ආශ්‍රිතව ඊයේ රාත්‍රියේ ඇති වූ සුළු භූ කම්පන තත්ත්වය පිළිබදව පරීක්ෂණ සිදු කෙරෙන බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය පවසනවා.

Read More

එමිරේට්ස් ගුවන් සේවය ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර, ගුවන් සේවා ලබන පළවනදා සිට යළි ආරම්භ කරන බව නිවේදනය කර සිටියි. කොළඹ සහ මාලේ අතර සැප්තැම්බර් පළවනදා සිට දිනපතා ක්‍රියාත්මක වන මෙම ගුවන් සේවය, ඩුබායි සහ මාලේ අතර මෙන්ම, කොළඹ සිට ඩුබායි හරහා මාලේ දක්වා ක්‍රියාත්මක ගුවන් සේවාවන්හි දිගුවක් වනු ඇත.

Read More

හෙරොයින් ජාවාරමක නිරතවුණු කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More

ජනප්‍රිය සංගීතඥයෙක් වන ඉරාජ් වීරරත්න ජාතික තරුණ ​සේවා සභා​වේ අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකත්වයෙන් ඉල්ලා අස් වී තිබේ.

Read More

ශ්‍රී ලංකා ආරාධිත පන්දුවාර විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ, තරගාවලියේ වීරයා සම්මානය හිමිකරගත් එස්.එල්.සී. ග්‍රේස් කණ්ඩායමේ නායක දසුන් ශානක ඒ වෙනුවෙන් තමන්ට ලැබුණු මුදල (රු.ල. 02) දකුණු කොළඹ ශික්ෂණ රෝහල (කළුබෝවිල) වෙත පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත.

Read More

කොරියානු තානාපතිවරයා හමුවූ විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාව සහ කොරියාව අතර සබඳතා වැඩිදියුණු කිරීමේ ප්‍රමුඛතා පිළිබඳව අවධාරණය කරයි.

Read More

අද (25) දිනයේ දිස්ත්‍රික්ක 24ක මධ්‍යස්ථාන 205 කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.

Read More

මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කොට්ඨාසයෙන් ඊයේ (24) දින කොවිඩ් 19 රෝගීන් 468 දෙනෙකු හමුවී ඇතැයි මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තුසිත අත්තනායක මහතා පැවසීය.

Read More

උද්ගතවී ඇති ව්‍යසනකාරි තත්ත්වය හමුවේ නිරෝධායනයට ලක් කර සිටින පවුල් සඳහා බේදයකින් තොරව ලබා දෙමින් තිබෙන මෙම වියලි ආහාර සලාකය අඩු ආදායම්ලාභී පවුල් වලට පමණක් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව එම චක්‍රලේඛයෙහි සඳහන්වේ.

Read More

චීන මහජන විමුක්ති හමුදාවෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ වෙත භාවිත කිරීම වෙනුවෙන් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් පරිත්‍යාග කර තිබේ.

Read More

කුඨ ලේඛණ සකස් කිරිම හා අනුබල දිමේ චෝදනාව යටතේ සැකකරුවන් 3 දෙනෙකු බොරැල්ලේදි අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

(FACT CHECK) බදු බර සම්බන්ධයෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන: සංඛ්‍යාවන් නිවැරදි නමුත් නිගමනය නිවැරදි නොවේ!

Read More

පූර්ණ එන්නත්කරණයට ලක්වූ බව සහතික කිරීමේ ඩිජිටල් කාඩ්පත සැප්තැම්බර් 15 වැනිදායින් පසු නිකුත් කිරීමට තීරණය කර ඇ​ත. සැප්තැම්බර් මුල් සතිය වන විට වයස අවුරුදු 30 ට වැඩි දෙවන මාත්‍රාව ලබාගත් පිරිස 75% ප්‍රතිශතයක් වනු ඇති බවට අපේක්ෂා කරන බවට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා සිටියේය.

Read More

මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි තොගයක් සමග පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සිය වැටුප් ගැටලුවට මෙතෙක් විසදුම් නොලැබීම හේතුවෙන් ගනු ලබන ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව අද (25) දිනයේ තීරණය කරන බව ලංකා ගුරු සංගමය පවසා සිටියි.

Read More

ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 5 949 431ක් පූර්ණ එන්නත්කරණය කර අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. මේ අතරින් වැඩිම පිරිසක් එනම් පුද්ගලයන් 4519751කටම ලබාදී ඇත්තේ චීනයේ නිශ්පාදිත සයිනොෆාම් එන්නතයි.

Read More

ගුවන් හමුදාපති, එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතාට කොවිඩ් 19 ආසාදනව වී තිබේ.

Read More

හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කොට ඇති ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්යමණ්ඩලයේ 112 දෙනෙකුට මෙම මාසය තුලදි කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.

Read More

නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධව පුද්ගලයන් 705 ක් ගතවූ පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

Read More

’’ඩෙල්ටා ප්‍රභේදය හමුවේ කෙසේ හෝ තමන්ට කොවිඩ්-19 රෝගයෙන් සදහටම ආරක්ෂා විය හැකි යැයි ඕනෑම ප්‍රාන්තයක් සහ ප්‍රදේශයක් සිතනවා නම් එය තනිකරම විකාරයක්. මම කියන්නේ නවසීලන්තයටත් ඒක කරන්න බැහැ. ඔවුන් අනුගමනය කළේ වෛරසය තුරන් කිරීමේ උපාය මාර්ගයක්. ඔවුන් අගුලු දමාගෙන සිටිනවා.’’

Read More

Invitational T20 League ශූරතාවය ජයගන්නට දසුන් ශානක නායකත්වය දැරූ ග්‍රේස් කණ්ඩායම අද සමත් විය. ඒ අවසන් තරගයේ දී දිනේෂ් චන්දිමාල් නායකත්වය දැරූ රෙඩ් කණ්ඩායම ලකණු 43කින් පරාජය කරමින්.

Read More

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වෙයි. මේ වන විට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවටද වාර්තා වෙයි.

Read More

සමෝවා වාර්ගික දේවස්ථානයක ආසාදිත පොකුරක් සමග නවසීලන්තයේ වර්ගවාදී අදහස් ප්‍රජාව තුළ ඉස්මතු වී තිබේ. නවසීලන්ත සෞඛ්‍ය අමාත්‍යාංශය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, ’’ගැටලුව ඇත්තේ වෛරසයේ මිස මිනිසුන්ගේ නොවෙයි’’ යනුවෙනි.

Read More

වයස අවුරුදු 60ට වැඩි සියළුම ජනතාව එන්නත් කිරීමේ වැඩසටහන යටතේ වයස අවුරුදු 60ට වැඩි සියලුම පූජ්‍ය පක්ෂය එන්නත් කිරීම සඳහා යොමු කිරීමට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට රජය විසින් වැඩපිළිවෙලක් සංවිධානය කර තිබෙන බව බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.