නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය විමට උත්සහ කළ පුද්ගලයින් 19 ක් හලාවතදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් හලාවත වෙරළ ප්‍රදේශය ආවරණය වන පරිදි සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටින් සංක්‍රමණය විමට උත්සහ කළ බවට සැක කෙරෙන පුද්ගලයින් 19 දෙනෙකු වෑන් රථයක් සමඟ හලාවත මෝය ප්‍රදේශයේ දී අද උදෑසන (09) නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
නාවික හමුදාවට ලද තොරතුරකට අනුව හලාවත වෙරළ ප්‍රදේශය ආවරණය වන පරිදි සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී හලාවත මෝය අසල සැකකටයුතු ලෙස නවතා තිබූ වෑන් රථයක් පරික්ෂා කරන ලදී.
එහිදී නීති විරෝධී ලෙස මුහුදු මඟින් සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැක කෙරෙන පුද්ගලයන් දහනවදෙනෙකු (19) සහ එම වෑන් රථය රියදුරු හා සහයක ද සමඟින් නාවික හමුදා භාරයට ගන්නා ලදී.
නාවික හමුදා භාරයටගත් පිරිසට එම වෑන් රථයේ රියදුරු හා සහයක ඇතුළු පිරිමි පුද්ගලයන් දහසය දෙනෙකු (16), එක් කාන්තාවක් (01), කුඩා පිරිමි දරුවන් තිදෙනෙකු (03) සහ ගැහැණු ළමයෙකු (01) අයත්වන අතර, මෙම පුද්ගලයන් කිලිනොච්චි, යාපනය, වත්තල, මඩකළපුව, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මීගමුව සහ කොච්චිකඩේ යන ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයන් බවට හදුනා ගන්නා ලදී.
නාවික හමුදා භාරයට ගත් මෙම පිරිස මුහුදු මාර්ග ඔස්සේ විදේශීය රටකට නීති විරෝධී ලෙස සංක්‍රමණය විම සඳහා උත්සහ දරා තිබූ බවට සැක කෙරේ.
පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කළ මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයන් සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු නාවික හමුදාව විසින් මේ වන විට සිදු කරමින් පවති.