සපුගස්කන්ද ප්රදේශයේ දී ගමන් බෑගයක තිබී කාන්තා මළ සිරුරක් සොයා ගැනීමේ සිද්ධියේ ප්රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සපුගස්කන්ද තෙල් පිරිපහදුව අසළ මාර්ගයේ කැළිකසල ගොඩක තිබී හමුවූ ගමන් බෑගයක තිබියදීයි මළ සිරුර සොයා ගැණුනේ.
ඝාතනයට ලක්වූ කාන්තාව මොහොමඩ් සාෆි ෆාතිමා මුන්තාස් නමැත්තියක් බවට හදුනා ගැණුනා. ඇය අවසන් වරට හමුවූ අඹු සැමි යුවළකගෙන් කළ දීර්ඝ ප්රශ්න කිරීම්වලදී හෙළි වුණේ සිය සොහොයුරෙකුද සමග එක්ව සමිට්පුර ප්රදේශයේ දී ෆාතිමා ඝාතනයට ලක් කළ බවයි.
මෙම පුද්ගලයා ප්රදේශයෙන් පලා ගොස් සිටි අතර ඔහු අද අත්අඩංගුවට ගැණුනේ වැල්ලම්පිටිය ප්ර දේශයේ නිවසක සැඟව සිටියදීයි.
ඝාතනය සිදු කර සිරුර රැගෙන ගිය ත්රිරෝද රථය ද පොලිසිය සොයාගෙන තිබෙනවා.