saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 6478 hours ago

LATEST

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර CIDයට කැඳවයි

calendar_today 2021 අගෝ 30 - 21:58 remove_red_eye - 1623  

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපතිවරයාගේ පැමිණිල්ලකට අනුව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා හෙට(31) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) හමුවට කැඳවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියි.

‘Lanka Government Cloud’ සඳහා තමන් Hosting සේවාවන් ලබා නොදෙන බව SLT-MOBITEL අවධාරණය කරයි.

Read More

අයිඩා සුළි කුණාටුව ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණුදිග ප්‍රාන්තයන්ට දැඩි බලපෑමක් කරමින්, ලුසියානා ප්‍රාන්තයට සුළඟ සහ වර්ෂාව හේතුවෙන් වෙරළ තීරය සම්පූර්ණයෙන්ම විනාශ කර තිබේ.

Read More

කිරිබත්ගොඩ පොලීසියට ලද තොරතුරක් මත හුණුපිටිය අළුත්පාරේ පවත්වාගෙන ගිය පාරිභෝගික සේවා අධිකාරියේ ලියාපදිංචි වී නොමැති ගබඩාවක් අද (30දා) වැටලූ පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත‍්‍රික් වැටලීම් ඒකකයේ නිලධාරීන් සහ කිරිබත්ගොඩ පොලීසිය එම ගබඩාවේ තිබි සුදු සීනි මෙටි‍්‍රක් ටොන් 800ක් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ඊයේ (29) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ ‍216 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් 5 දෙනෙකු, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 41 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 170 දෙනෙකු අයත්.

Read More

2020 දී මධ්‍යම චීනයේ වූහාන් නගරයේ හුවානාන් මුහුදු ආහාර වෙළෙඳ පොළ වෙත කොවිඩ්-19 වෛරසය පැමිණ ඇත්තේ ආනයනික සීතල දාම සැපයුම් මගින් බව චීනයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසයි.

Read More

කොවිඩ් ආසාදිත බෞද්ධ භික්ෂුන් වහන්සේලා සඳහා පළමුවරට කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කොළඹ විජේරාම මාවතේ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදි අද විවෘත කෙරිණි.

Read More

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජාන විශ්ලේෂණ අංශය ඉදිරිපත් කර ඇති පර්යේෂණ ප්‍රතිඵල අනුව කොරෝනා වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය වැඩි වශයෙන්ම පැතිර යන්නේ බස්නාහිර පළාතේ බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ විධායක සභික විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා පවසනවා.

Read More

යුරෝපය පුරා පසුගිය සති දෙක තුළ කොවිඩ්-19 සම්ප්‍රේෂණ අනුපාතය ඉහළ යාම සහ සමහර රටවල අඩු එන්නත් අනුපාතය සමග දැඩි ලෙස කනස්සල්ලට පත්වන තත්ත්වයක් බව යුරෝපයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී හාන්ස් ක්ලූගේ පවසයි.

Read More

ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී මව්බිම රනින් සැරසූ සැරයන් දිනේෂ් ප්‍රියන්ත බලලත් නිලධාරී 01 දක්වා උසස් කළ බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියි.

Read More

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ සහ ඇයගේ පියා විසින් ඉදිරිපත්කරන ලද ඇප ඉල්ලීම අද (30) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

Read More

ටෝකියෝ පැරාලිම්පික් උළෙලේ අද (30දා) දිනය ශ්‍රී ලංකාවට වාසනාවන්ත දිනයක් බවට පත්කරමින් මවුබිමට ලෝකඩ පදක්කමක් දිනාදීමට දුලාන් කොඩිතුවක්කු සමත් විය.

Read More

ඇෆ්ගනිස්ථානයේ සිටි ශ්‍රී ලාංකිකයින් 66 දෙනෙකු මේ වනවිටත් එරටින් ඉවත් කරගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කර සිටියි.

Read More

මෙරට ගැබිනි මවුවරුන්ගෙන් සියයට 75කට මේ වන විට කොවිඩ් මර්දන එන්නත් ලබා දි ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය.

Read More

දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත තරග 3 බැගින් යුත් එක්දින හා 20යි 20 තරගාවලි සදහා ක්‍රීඩකයින් 23 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර ඇත.

Read More

ලෝකය ආර්ථික අර්බුධයකට යන විට අපේ රටත් ලෝක ආර්ථික අර්බුධයේ ප්‍රධාන ගොදුරක් වූයේ 2015- 2019 දක්වා වර්ෂයන් වල රට පාලනය කළ මේ වන විට විපක්ෂය ලෙස පෙනී සිටින කණ්ඩායම සිදු කළ මහ බැංකු බැදුම්කර වංචාව සහ අනිකුත් දූෂණ ක්‍රියා මාර්ග නිසා බවත් වත්මන් රජයේ මේ වන විට තීන්දු තීරණ ගැනීම් සිදු වන්නේ ආණ්ඩු පක්ෂයෙන් විතරක් නොව විද්වත් මණ්ඩලයේ තීන්දු බව සමෘද්ධි, ගෘහ ආර්ථික , ක්ෂ්ද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවැස

Read More

බස්නාහිර පළාතේ කොවිඩ් ආසාදිත පුද්ගලයින්ට හා නිරෝධායන වන පුද්ගලයින් සිටින නිවෙස්වලට ආයුර්වේද ඖෂධ නොමිලේ බෙදාදීමේ වැඩසටහන අද ආරම්භ කෙරුණු අතර ඒ බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන්.

Read More

පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි නොවී වී තොග එක්රැස් කරන්නන් සොයා සිදු කෙරෙන මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

Read More

අද (30) දින සිට ලංකා සීනි සමාගම හරහා සියලුම සතොස, සමුපකාර ඇතුළු රජයේ අලෙවි ආයතන වෙත සීනි බෙදාහැරීම ආරම්භ කරන බව අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසා සිටියි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්නට කොවිඩ් ආසාදනය වී තිබේ. සිය ෆේස්බුක් ගිණුමේ ඔහු මේ සම්බන්ධයෙන් සටහනක්ද තබා ඇත.

Read More

මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 118,242කට ඊයේ දිනයේ කොවිඩ් එන්නත ලබා දි තිබේ.

Read More

ගම්පහ දිස්තී‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු වූ ටියුඩර් ගුණසේකර මහතා කොවිඞ් ආසාදිතව මිය ගොස් ඇත.

Read More

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් හදිසි අත්‍යවශ්‍ය නඩු පමණක්, විවෘත අධිකරණයේ කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ගෙන තිබූ තීරණය තවදුරටත් දීර්ඝකර තිබේ.

Read More

ටෝකියෝ පැරාලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාවට ඉහළම ගෞරවය රැගෙන එමින් පිරිමි හෙල්ල විසිකිරීම ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත අද (30දා) සමත් විය. එක් අතක් වැලමිටෙන් පහළ අහිමි හෝ අප්‍රාණික ක්‍රීඩකයන් සහභාගිවන F-46 කාණ්ඩය යටතේ තරග වඳිමින් දිනේෂ් මෙම ගෞරවය මවුබිමට රැගෙන ආවේය.

Read More

ජපානයේ පැවැත්වෙන පැරාලිම්පික් තරගාවලියේ හෙල්ල විසිකිරීමෙ ඉසව්වෙ නව පැරාලිම්පික් ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත සමත්වූයේය. ඒ මීටර් 67.79ක් වාර්තා කරමිනි.

Read More

පාරිභෝගික අධිකාරියෙහි ලියාපදිංචි වි නොමැති සිනි ගබඩා සොයා තවදුරටත් විශේෂ මෙහෙයුම් එම අධිකාරිය ආරම්භ කර තිබේ.

Read More

ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ තීරණය අද (30) ලබාදීමට නියමිතව තිබේ.

Read More

ගතවු පැය 24ක් තුළ නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 581ක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දකුණු ආසීයානු කලාපයේ පවතින නව කොවිඩ් 19 ව්‍යා​ප්තියත් සමග ඉකුත් අප්‍රේල් (29) දා සිට ශ්‍රී ලංකාවේ සිට ඉතාලියට ඇතුල්වීමට තිබු ගුවන් මගි තහනම අද (30) දිනයෙන් පසුව ඉවත් කිරිමට ඉතාලි සෞඛ්‍ය අමත්‍යාංශ​ය තීරණය කර තිබේ.

Read More

සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.