කොවිඩ් මර්දනය සඳහා හඳුන්වා දී ඇති කරල් සඳහා ඖෂධ පිළිබඳ තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.
molnupiravir නම් මෙම ඖෂධය ශ්‍රී ලංකාව තුළ යොදා ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ලිපියක් යොමු කරමින් පසුගියදා කොවිඩ් තාක්ෂණික කමිටුවෙන් විමසීමක් කර තිබුණි. ඒ අනුව කොවිඩ් තාක්ෂණික කමිටුව molnupiravir ඖෂධය මෙරට භාවිතය සඳහා අනුමැතිය ලබාදී තිබේ.