එක රටක් එක නීතියක් සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය සදහා මහජන අදහස් කැදවීමට තීරණය කර තිබෙනවා.
සමාජයේ විවිධ ආයතන කණ්ඩායම් සහ පුද්ගලයන්ගෙනුයි මෙලෙස යෝජනා අදහස් ලබා ගැනීමට අපේක්ෂා කෙරෙන්නේ.
ලබන 30 වනදාට හෝ ඊට පෙර සිය අදහස් ලබා දිය හැකියි.
එම අදහස් විද්යුත් ලිපිනයට ද ලබාදිය හැකි වනවා. නැතිනම් මහජන අදහස් කැදවීම යනුවෙන් සදහන් කර ලේකම් එක රටක එක නීතියක් සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය තැපැල් පෙට්ටිය 504 කොළඹ යන ලිපිනයට ද එම අදහස් හා යෝජනා ලබා දිය හැකි වනවා.