අනුරාධපුර, තලාව, නව හඟුරන්කෙත කොට්ඨාසයේ, අරුණපුර ග්‍රාමයේ පවුල් 25ක් රුපියල් 2,000 දීමනාවට හිමිකම් ලැබූහ. ඔවුන් ලබාගත් රුපියල් 2,000 දිමනාව රටේ වත්මන් ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන නැවත එම මුදලම කොවිඩ් අරමුදලට බැර කරන ලෙස ඔවුන් ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
ඉදිරි සතියේ පාර්ලිමේන්තුව සැප්තැම්බර් 6 සහ 7 පමණක් රැස්වීමට තීරණය කර තිබේ. අද පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
Read Moreමුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට හා දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රනවක මහතාට එරෙහිව පවරා ඇති ජී. අයි. බට නඩුව ලබන ඔක්තෝබර් 8 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියෝග කළේය.
Read Moreදකුණු අප්‍රිකානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ප්‍රථම එක්දින තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම කණ්ඩායම සමත් විය.
Read Moreකොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ රෝග තත්ත්වයන් අනුව ප්‍රතිකාර මධ්‍යස්ථාන හා නිවෙස් නිරෝධායනය සඳහා යොමු කිරීමට නව ක්‍රමවේදයක් අද (02) සිට දකුණු පළාතට හඳුන්වා දී තිබේ.
Read Moreමහ කන්නය සඳහා අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කඩිනම් කිරීම සඳහා වැඩපිළිවෙල රැසක් මේ වන විට ආරම්භ කර ඇති බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංග්ස්ලි රත්නායක පවසා සිටියි.
Read Moreනිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුව ද අද දිනයේද දිවයිනේ සියලු තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාල විවෘතව පවතිනවා.
Read Moreදෙහිවල ගල්කිස්ස මහ නගර සභාව මගින් හඳුන්වාදුන් කාඩ්බෝඩ් මිනී පෙට්ටි සඳහා වියට්නාමයෙන් ලැබී තිබේ.
Read Moreමෙරට ඒන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 474,116කට ඊයේ කොවිඩ් එන්නත් ලබා දි තිබේ.
Read Moreනිවාස වල ඇතිකරන සුනඛයින්ට බද්දක් හඳුන්වාදීම හා නගර සභාව මගින් අය කරන සියලුය බදු වැඩිකිරීමට දඹුල්ල මහ නගර සභාවෙන් යෝජනාවක් ගෙනවිත් තිබේ.
Read Moreවසර 2030 වනවිට පුනර්ජනනීය බලශක්ති දායකත්වය 70% ක් දක්වා වර්ධනය කිරීමේ ප්‍රගතිශීලී පියවරක් වශයෙන්, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් වෙනුවෙන් පුද්ගලික අංශයේද දායකත්වය ලබාගනිමින් නව ව්‍යාපෘති ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ඒ අනුව ඉදිරියේදී ඒ වෙනුවෙන් යෝජනා කැදවීමට කටයුතු කරන බව සූර්යබල, සුලං සහ ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අවධාරණය කරයි.
Read Moreමෙම මස 07, 08, 09 සහ 10 යන දිනවල පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව තීරණය කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද පස්වරු 2.00ට රැස්වීමට නියමිතය.
Read Moreශ්‍රී ලංකා ඇපල් යන නමින් දෙස් විදෙස් හි ප්‍රසිද්ධයට පත්ව ඇති රාගල පෙයාර්ස් අස්වනු නිසි මිලකට විකුණා ගත නොහැකිවීම හේතුවෙන් තම අස්වනු මේ දිනවල හරකුන්ට කෑමට ලබාදීමට පියවර ගෙන ඇතැයි රාගල පෙයාර්ස් ගොවියෝ පවසති.
Read Moreටෝකියෝ පැරාලිම්පික් තරගාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝක වාර්තාවක් තබමින් රන් පදක්කම හිමිකරගත් යුද හමුදාවේ දිනේෂ් ප්‍රියන්තට රුපියල් කෝටි 5ක ත්‍යාග මුදලක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ.
Read Moreනිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දිර්ඝ කරනවාද නැද්ද යන්න සම්බන්ධ තිරණය හෙට ප්‍රකාශයට පත් කිරිමට නියමිතය.
Read Moreඅද (02) දිනයේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 416කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටියි.
Read Moreහදිසි තත්වයක් ප්‍රකාශයට පත්කොට ඇති ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්යමණ්ඩලයේ 140 දෙනෙකුට අගෝස්තු මාසය තුලදි පමණක් කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.
Read Moreකිසිදු අත්‍යවශ්‍ය ඖෂධ වර්ගයක හිඟයක් රට තුළ නොමැති බව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කර සිටියි.
Read Moreගතවු පැය 24ක් තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 621 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමෙම වසරේ දෙසැම්බර් මාසය වනවිට ජනගහනයෙන් 90%කට වැඩි ප්‍රතිශක්තියක් ලබාදීමේ ව්‍යාපාරයේ කොටසක් ලෙස කියුබාව නව යොවුන් වියේ පසුවන ළමයින්ට සහ කුඩා දරුවන්ට එන්නත් ලබාදීම ආරම්භ කරන බව නිවේදනය කරයි.
Read Moreදකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරඟාවලිය හෙට (02) සිට ආරම්භ වෙයි. සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඔහුගේ යූටුයිබ් නාලිකාවේ වීඩියෝවක් මගින් ඔහුගේ කණ්ඩායම නම් කර තිබිණි. ලසිත් මාලිංග විසින් නම් කර කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල්ට අවස්ථාවක් හිමිව නැහැ.
Read Moreජනතාව නිසි ආහාරපාන නොමැතිව පිඩා විදින අවස්ථාවක ඇවිදින මංතිරු සැකසිම කළ යුතුද යන්න පිළිබදව ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරයෙකු වන චන්දිම විරක්කොඩි මහතා ප්‍රශ්න කරයි.
Read Moreඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රාන්ත වෛරස් මර්දනය කිරීමේ උපායමාර්ග ලිහිල් කරමින්, වෛරසය සමග ජීවත් වීමට සූදානම් වුවත්, ඉහළ එන්නත් අනුපාතයක් සහිතව වුවද රජයේ නැවත විවෘත කිරීමේ සැලසුම්වලට මුහුණ දීමට රටේ රෝහල් පද්ධතිය තවම සූදානම් නැති බව ඔස්ට්‍රේලියානු වෛද්‍යවරු අනතුරු ඇඟවූහ.
Read Moreරට තුල සහල් සහ සීනි ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් උද්ගතව ඇති බවට පැතිර යන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreදකුණු අප්‍රිකානු කොවිඩ්වෛරසය නව ප්‍රභේදය ලංකාවට ඇතුළු විමේ සම්භාවිතාවක් ඇතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.
Read Moreඋද්භිද උද්‍යාන සංරක්‍ෂණ ජාත්‍යන්තරයේ මහ ලේකම් පෝල් ස්මිත් නිවේදනයක් නිකුත් කරමින්, ’’මෙම වාර්තාව මගින් ගස්වලට උපකාර අවශ්‍ය බව ලොව පුරා සිටින සෑම කෙනෙකුම අවදි කරන ඇමතුමක් ලබාදෙනවා.’’ යැයි පැවසීය. තනි වෘක්ෂ විශේෂයක් වඳ වී යාමෙන් තවත් බොහෝ ජීවීන් අහිමි වීමට හේතු විය හැක.
Read Moreඊයේ (31) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 215 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් දෙදෙනෙක්, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 46 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 167 දෙනෙකු අයත්.මෙරට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 9,400 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයෙන් ඉවත් වන බවට පළ වන වාර්තා අසත්‍ය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා සිටියි. පක්ෂයට වසර 70ක් සපිරෙන හෙට (02) දිනයේදී තමන් විශේෂ කතාවක් සිදුකිරීමට ද සූදානමින් සිටින බවයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
Read Moreආසාදන සංඛ්‍යාවේ යම් පහළ වැටීමක් දැක ඉන්දුනීසියාව සහ තායිලන්තය කොවිඩ්-19 මැඩපැවැත්වීම සඳහා වූ සීමා ලිහිල් කිරීමට කටයුතු කළත්, එන්නත් කිරීමේ අනුපාතය තවම පහළ මට්ටමක පවතින හෙයින් නව ආසාදන අවස්ථා ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බවට සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු අඟවයි.
Read Moreරජය භාරයට ගත් සීනි තොග පාලන මිලක් යටතේ රාජ්‍ය හා පෞද්ගලික වෙළඳ ආයතන මගින් පාරිභෝගික ජනතාව වෙත අලෙවි කිරීමට සැලසුම් කර තිබේ.
Read More