රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් විශාල මාළු තොගයක් අද (18) වාද්දුව ප්‍රදේශයේ මාදැල් දෙකකට හසුවී තිබේ .
ඉල් පොහොය දින වුවද, මාළු මිලදී ගැනීම සහ සිද්ධිය දැක බලා ගැනීම සඳහා වැල නොකැඩී ජනතාව පැමිණෙන අයුරු දැකගත හැකි විය.
තොග වශයෙන් මාළු මිලදී ගැනීම සඳහා, ලොරි රථ සහ ත්‍රිරෝද රථවලින් වෙළඳුන් ද පැමිණ සිටියහ .
පරව් , කිරලාවා සහ අලගුඩුවා යන වර්ග වලට අයත් මාළු දැල් වලට පැටලී සිටියහ.
වෙනත් දිනවලට ඉහල මිළගනන් වලට අලෙවි වන මාළු ඉතා මුදලට අලෙවි වූ අතර , ජනතාව ඉතා උනන්දුවෙන් මාළු මිලදී ගන්නා අයුරු දැකගත හැකි විය.
පානදුර සුමිත් ප්‍රේමතිලක \ වාද්දුව දයා හේමන්ත සිල්වා
