saravita-anim2

2025 ඔක්තෝබර් මස 09 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 09 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6388 hours ago

LATEST

ටෙක්සාස් පාසල් වෙඩි තැබීම් සිද්ධියේ සැකකරු භාරවෙයි

calendar_today 2021 ඔක් 06 - 17:55 remove_red_eye - 200  

ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ගිනිඅවි භාවිතයෙන් සිදුවන ප්‍රචණ්ඩක්‍රියා වරින් වර වාර්තා වන අතර, විශේෂයෙන් පාසල් ආශ්‍රිතව සිදුවන ඛේදවාචක සමග නව නීති ගැන කතා වුවත්, පසුව යළිත් ඒවා ක්‍රියාත්මක නොවන පරිසරයක් පවතින බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඉදිරියේදී අනිවාර්යයෙන්ම ගෑස් මිල වැඩිකිරීමට සිදුවෙන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා සිටියි.

Read More

හිටපු සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සම්බන්ධ ඉඩම් නඩුවකට පෙනී සිටි නීතිඥ වරයෙකුට අද (06දා) මුත්‍රා පහරක් එල්ලකල පුද්ගලයෙකු මතුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

1886 මධ්‍යම බෙහෙත් ශාලාව ලෙස ආරම්භ කෙරුණු නාවලපිටිය රෝහල 1977 දී මූලික රෝහලක් බවට පත්ව ඇත. අනතුරුව 2004 වසරේදීී එය දිස්ත්‍රික් මහ රෝහලක් බවට පත් කෙරිණි. ලක්ෂ 5 ක පමණ පිරිසක් ඉලක්ක කර ප්‍රතිකාර කෙරෙන මෙම රෝහල තුළින් ලක්ෂ තුන හමාරක පමණ වතුකරයේ ජනතාවක් ප්‍රතිකාර ලබා ගැනේ. දැඩි සත්කාර ඒකකයක් , නොමේරූ ළදරු ඒකකයක්, ශල්‍යාගාර හා හදිසි ප්‍රතිකාර ඒකකයකින් සමන්විත මෙම රෝහලේ රෝගී ඇඳන් 450 ක් සඳහා පහසුකම් මේ වන විට සලසා ඇත.

Read More

නව ඛණිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වී ඇත. ශ්‍රී ලංකාව සතු තෙල් සහ ගෑස් නිධි භාවිත කරමින් ඛණිජ තෙල් සහ ගෑස් නිෂ්පාදනය මෙරට තුළ ආරම්භ කිරීම සඳහා අවශ්‍ය නෛතික පසුබිම සහ නියාමන යාන්ත්‍රණය සැකසීම, එමඟින් ඛණිජ තෙල් ක්ෂේත්‍රයේ ආයෝජකයින් මෙරට ඛණිජ තෙල් ගවේෂණය සඳහා ආකර්ෂණය කර ගැනීම නව පනත මඟින් අපේක්ෂා කෙරෙයි.

Read More

ගුරු විදුහල්පතිවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පළමුවරට නිල හැඳුනුම්පතක් ලබාදීම අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අදට යෙදුන ගුරු දිනයේ දී සිදුවිය.

Read More

ඔක්තෝබර් මස 21 වනදා සිට ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩු පිරිවෙන් හා සීල මාතා අධ්‍යාපනික ආයතන නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇති බව දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

Read More

පැන්ඩෝරා පත්‍රිකාවල සඳහන් ආකාරයට නිරූපමා රාජපක්ෂ හා තිරුකුමාර් නඩේෂන් මුදල් රැස්කර ඇත්තේ 1990 හා 1998 අතර කාලය තුළ බව අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසා සිටියි.

Read More

ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි සම්පූර්ණයෙන් ඉන්දියාවට ලබා දී තිබෙන බවට ඛණිජතෙල් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සිදු කළ ප්‍රකාශය දේශද්‍රෝහී ප්‍රකාශයක් බවත් එම තෙල් ටැංකි ඉන්දියාවට ලබා දී නොමැති අතර අමාත්‍යවරයාගේ ප්‍රකාශය නිවැරදි කළ යුතු බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය. ‍

Read More

ගිනි අවි සඳහා බලපත‍්‍ර හිමි පුද්ගලයින් හා ආයතනයන්හි 2022 වසර සඳහා ගිනි අවි බලපත‍්‍ර අලුත් කිරීම 2021 දෙසැම්බර් මස 01 වැනිදා සිට 2022 පෙබරවාරි 28 දක්වා ආරක්ෂක අමාත්‍යංශය මගින් සිදුකරන බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

Read More

තොරතුරු තාක්ෂණය සහ වෙනත් මාධ්‍යයන් ඔස්සේ නිර්මාණය කරන අශ්ලීල හෙවත් අශිෂ්ට ප්‍රකාශන සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා නව නීතියක් හඳුන්වාදීමට පනත් කෙටුම්පතක් සකස් කර ඇ​ත.

Read More

කාබනික පොහොර වැඩපිළිවෙලෙන් කිසියම් ගොවියකුට අගතියක් වී ඇති බව වාර්තා වී ඇත්නම් ඔවුන් සඳහා වන්දි ලබාදීමට කටයුතු කරන බවත්, අස්වැන්න අඩුවී යම් අලාභයක් වී ඇත්නම් එය ගණනය කිරීම මේ වසර අගදී සිදු කරන බවත්, සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

Read More

පැන්ඩෝරා පත්‍රිකා මගින් කර ඇති හෙළිකිරීම් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙසත් තමන් හා තම බිරිඳ (නිරූපමා රාජපක්ෂ) සම්පුර්ණයෙන්ම අහිංසක බවත් ව්‍යාපාරික තිරු කුමාර් නඩේෂන් පවසයි.

Read More

ගෑස් (LP) නිෂ්පාදනය සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අනුබද්ධ සමාගමක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

Read More

ජාතික සම්පත් විදේශයන්ට විකිණීම සම්බන්ධයෙන් රජයේ තීරණ වෙනස් නොවන්නේ නම් දැවැන්ත වැඩ වර්ජනයක් දියත් කිරීමට සූදානම් බව ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසා සිටියි.

Read More

උතුරේ ජනතාවගේ ජල අවශ්‍යතාව සපුරාලීමේ දැවැන්තම වැඩසටහනක් අද පැවැත්වුණා.

Read More

නෙළුම් කුළුණ ආසන්නව බේරේ වැව ආශ්‍රිතව නවින ජල සංදර්ශන උද්‍යානයක් ඉදි කිරීම, ආහාර අලෙවිසැල් ස්ථාපනය කිරිම, නෙළුම් කුළුණේ කාර්ය මණ්ඩල කණ්ඩායම් සඳහා කාර්යාල, නවාතැන් හා යටිතල පහසුකම් ඒ ආශ්‍රිත පරිශයේ ඉදිකිරිම, සැලසුම්කර ඇති රථගාල පුළුල් කිරීම ආදී සංවර්ධන කටයුතු සිදුකිරීමට රජයේ අවධානය යොමුකර තිබේ.

Read More

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීම සම්බන්ධව චෝදනා මත රිමාන්ඩ් බන්ධනාගාරගත කළ එපික් ලංකා ටෙක්නොලොජි ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයා මෙම මස 18 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා අද නියෝග කළේය.

Read More

ත්‍රිකුණාමලය පිහිටි තෙල් ටැංකි සංකිර්ණය ඉන්දියාවට පවරාදීම පිළිබඳව පාර්ලිමේන්තුව තුළ අද (6දා) දිනයේදී අමාත්‍ය උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල හා කබීර් හෂීම් මහතා අතර වාදයක් ඇතිවිය.

Read More

ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි සියල්ල ඉන්දියාවට ලබා දී ඇති බවට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශයක් කළ බවත් එය අසත්‍ය ප්‍රකාශයක් වන අතර අදාල ප්‍රකාශය නිවැරදි කිරීමට ඔහු කටයුතු කළ යුතු බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

Read More

ලොව පුරා ආන්දෝලනයක් ඇති කළ පැන්ඩෝරා පේපර්ස් නමින් හෙළිකළ වත්කම් සටහන්වල නම් සටහන් සියලු ම ශ්‍රී ලාංකිකයින් සහ එම ගනුදෙනු පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී ඇ​ත.

Read More

විදේශගත වීමට අපේක්ෂාවෙන් සිටින විදේශ සේවා නියුක්ති කාර්යාංශය යොමු කරන අය එන්නත් කිරීමේ වැඩසටහනක් යුද හමුදා රෝහල මගින් හෙට ආරම්භ කරන බව යුද හමුදාපතිවරයා පවසනවා.

Read More

මෙම නෞකාව කොළඹ වරායට පැමිණියේ පළමු අවස්ථාවට වන අතර කොළඹ වරායද ඇතුළත්ව එම නෞකාවට ගමන් කළ හැක්කේ ලෝකයේ වරායවල් 24කට පමණි.

Read More

මෙරට කොවිඩ් එන්නත්කරණය යටතේ ඊයේ දිනයේ පුද්ගලයින් 57,429 දෙනෙකුට එන්නත් ලබා දි තිබේ.

Read More

සේවා ඉල්ලීම් 08ක් මුල් කරගෙන රජයේ රෝහල්වල සේවය කරන හෙද ,පරිපුරක වෛද්‍ය සේවා ,අතුරු වෛද්‍ය සේවා ඇතුළු සෞඛ්‍ය වෘත්තීන් 20කට පමණ අයත් සෞඛ්‍ය වෘත්තිකයෝ ලබන සිකුරාදා සිය සේවා ස්ථානවලින් ඉවත් වී දීපව්‍යාප්ත එක් දින සංකේත වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති 44කින් සමන්විත සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පවසයි .

Read More

පැන්ඩෝරා පත්‍රිකා මඟින් අනාවරණය වී තිබෙන මෙරට පුද්ගලයින් සම්බන්ධයෙන් වහාම රටට හෙළදරවක් කළයුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා සිටියි.

Read More

අද (06) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 172දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි.

Read More

දරුවන් භාවිතා කරමින් දුම්රිය,බස්රථ,ආදි පොදු ස්ථානවලදි මෙන්ම නගරබද මාර්ග තදබදයන්හි කුඨ ලෙස යාචක ව්‍යාපාරයක නිරතවන පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමට පසුබට නොවන බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි.

Read More

පැන්ඩෝරා පේපර්ස් හෙළිදරුව්වෙන් ශ්‍රී ලංකාවේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක් වන නිරූපමා රාජපක්ෂ මහත්මියට හා ඇයගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන්ට එල්ල වී ඇති චෝදනා පිළිබඳව විමර්ශනයක් කිරිමට ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හකුලාගැනීමට කිසිසේත්ම කටයුතු නොකරන බව ගුරු වෘත්තීය සමිති සඳහන් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.