saravita-anim2

2026 ජනවාරි මස 29 වන බ්‍රහස්පතින්දා

2026 ජනවාරි මස 29 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6363 hours ago

LATEST

IOC වෙතින් ඩීසල් MT 40000ක් ගැනීමට යයි

calendar_today 2022 පෙබ 01 - 11:40 remove_red_eye - 250  

ඉන්දීය තෙල් සමාගමෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 40000ක නැව් තොගයක් මිලදී ගැනීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබි තිබේ.

රසායනික පොහොර නොමැතිවීමත් සමග බදුල්ල දිස්ත්‍රික්කයේ මල් වගාකරුවන් දහස් ගණනකගේ ජීවනෝපායන් සියල්ල නැවති තිබෙන බව වගාකරුවන් පවසති. මල් වැඩි වශයෙන් වගා කරන බණ්ඩාරවෙල,හපුතලේ,වැලිමඩ ප්‍රදේශවල වගා කර තිබෙන මල් සදහා රසායනික බෙහෙත් පොහොර නොමැතිවීමත් සමග වගා කර තිබෙන මල් වගාවන් සියල්ල විනාශවෙමින් තිබේ.

Read More

උසස්පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළදී ප්‍රාථමික ශ්‍රේණි හැර සෙසු ශ්‍රේණි සඳහා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

Read More

සපුගස්කන්ද තෙල් පිරිපහදුවට අවශ්‍ය බෙරතෙල් බැරල් 450,000ක් සයිප්‍රස් සමාගමකින් ණය පදනම මත ලබාගැනීමට රජයේ අවධානය යොමුව තිබේ.

Read More

කළගෙඩිහේන පැවැති හමුවකට එක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට එල්ල වූ මැර ප්‍රහාරය පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.

Read More

2015 ජනපතිවරණ සමයේදී දිවි නැගුම දෙපාර්තමේන්තුවේ මුදල් අවභාවිත කරමින් ලිත් බෙදා හැරීමට කටයුතු කළ බවට චෝදනා කරමින් වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු නිදහස් කර තිබේ.

Read More

විදුලි මෝටර් රථයක හෝ ජංගම දුරකථනයක බැටරි තාක්ෂණයට සමාන බැටරි තාක්ෂණයක් සහිතව නිර්මාණය කර ඇති මෙම ගුවන් යානය විනාඩි 30ක ආරෝපණයකින් පැය කාලයක් ගමන් කිරීමට හැකියාව තිබේ.

Read More

බම්බලපිටිය සුපිරි නිවාස සංකීර්ණයක මහල් හතකින් යුත් ගොඩනැගිල්ලකින් අභිරහස් ලෙස ඇද වැටී මියගිය 15 හැවිරිදි පිරිමි දරුවාගේ ශරීරයෙහි මෙත් ඇම්ප්ටමින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය ශරීරගතවී ඇති බවට කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ පැවැති මරණ පරීක්ෂණයේදී තහවුරු වී ඇති බව බම්බලපිටිය පොලිසිය කියයි.

Read More

ටෘඩෝගේ පාසල් වයසේ දරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකුද වෛරසයට ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති බව අගමැතිවරයා සඳහන්කළේය.

Read More

ආහාර කාණ්ඩයේ උද්ධමනය 25%ක් දක්වාත්, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 9.2%ක් දක්වාත් ඉහළට

Read More

ශ්‍රී ලංකා විදුලි යාන්ත්‍රික හා ඉංජිනේරු (SLEME) රෙජිමේන්තුව විසින් නිෂ්පාදනය කරන ලද ප්‍රථම වෙඩි නොවදින සැහැල්ලු සන්නාහ සන්නද්ධ රථය Mine Resistance Ambush Protected Vehicle (Unicob- MRAPV) ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් අද (31දා) ශ්‍රී ජයවර්ධනපුර ශ්‍රී ලංකා යුධ හමුදා මූලස්ථානයථානයේදී පරීක්ෂාවට ලක් කරනු ලැබීය.

Read More

ෂෙන්ෂෝ-13 කාර්ය මණ්ඩලය චීන නව අවුරුදු උත්සව සම්ප්‍රදායන් අභ්‍යවකාශයේ පවා ජීවමානව තබා ගැනීමට තීරණය කර තිබූ අතර, අවුරුදු රාත්‍රිය භුක්ති විඳීමට සූදානම්ව සිටියහ.

Read More

රත්මලාන වැටකෙයියාවත්ත වෙරළතීරයේ අභිරහස් ලෙස මියගොස් තිබූ නාඳුනන පුද්ගලයකුගේ මළ සිරුරක් අද (31දා) හමුවී ඇතැයි ගල්කිස්ස මූලස්‌ථාන පොලීසිය පැවසීය.

Read More

’’සෑම සෙල්සියස් අංශකයක්ම උෂ්ණත්වය පහත වැටෙන විට ආසාදන අවස්ථා 0.3%කින් වැඩි වන බව පර්යේෂණයෙන් පෙන්නුම් කෙරෙනවා’’ ජාතික සෞඛ්‍ය කමිටුවේ ජාතික කොවිඩ්-19 විශේෂඥ කණ්ඩායමේ සාමාජික ලියු යූ පවසයි.

Read More

මාතලේ විල්ගමුව හදුන්ගමුව ගැඹුරු ඔය ප්‍රදේශ්යේ ගොවි සංවිධාන නියෝජිතයන් පිරිසක් අද (31දා) හඳුන්ගමුව ගොවිජන සේවා කාර්යාලය වහලය මත නැඟ උපවාසයක් ආරම්භ කොට තිබේ.

Read More

’’මට මගේ එන්නත් මාත්‍රා තුනම ලැබී තිබීම ගැන මා ස්තූතිවන්ත වෙනවා. ඒ නිසා මට වැඩි අපහසුවක් දැනෙන්නේ නැහැ. මම ස්වයං හුදකලාවේ සිටින අතරතුර නිවසේ සිට රාජකාරී සිදුකරනවා’’ ට්‍රස් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසීය.

Read More

කෝවිඩ් -19 මර්දනයට අදාළ චක්‍රලේඛය පෙබරවාරි මස 28 වන දින දක්වා දීර්ඝ කර ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. මේ දක්වා බලාත්මකව තිබු, දෙසැම්බර් අග දී නිකුත් කරනු ලැබු ජනවාරි මස 31ක දක්වා ක්‍රියාත්මක වීමට නියමිත මාර්ගෝපදේශ චක්‍රලේඛය මේ අවස්ථාවේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙබරවාරි මස 28 දක්වා එය දීර්ඝ කිරීමට කටයුතු කර තිබේ.

Read More

මොඩෙර්නා සමාගමේ කොවිඩ්-19 මර්දන එන්නත එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනයෙන් (FDA) පූර්ණ අනුමැතිය ලබාගෙන තිබේ.

Read More

රුපියල් කෝටි 350කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 350 කට අධික ප්‍රමාණයක් සමඟ දකුණු මුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කළ සැකකරුවන් 17 දෙනාගෙන් 12 දෙනෙකු රිමාන්ඩ් බාරයට පත් කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධිකග සී රාගල මහතා ඉතිරි සැකකරුවන් 05 දෙනා මුදා හැරීමට අද (31දා) නියම කළේය.

Read More

මේ වන විට කොවිඩ් ආසාධිතව සිටින කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට චීන මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කථානායක) ලී ෂන්සු මහතා ලිපියක් මගින් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර ඇත.

Read More

අනුරාධපුර නුවර වැවේ රක්ෂිතය ගොඩ කරමින් හෝටලයක් සහ පිහිනුම් තටාකයක් ඉදි කිරීමට විරෝධය පළ කරමින්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීහු පිරිසක් ඊයේ (31දා) අනුරාධපුර නගර මධ්‍යයේ ඇති, ඩී.එස් සේනානායක ප්‍රතිමාව ඉදිරිපිට පොල් ගසා, දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ.

Read More

ගැහැනු දරුවන්ගේ විවාහ වීමේ අවම වයස 21 හෝ 25 කිරීමට යෝජනාවක් ගැහැණු දරුවකු විවාහ වීමේ වයස සම්බන්ධයෙන් අදහස් එක් රටක් එක් නීතියක කාර්ය සාධක බළකාය හමුවේ අදහස් දැක්වූ මරීනා රිෆායි මහත්මිය කාන්තාවක් විවාහ වීමේ අවම වයස අවුරුදු 21 විය යුතු බව ප්‍රකාශ කළ අතර එය අවුරුදු 25ක් පමණ විය යුතු බව සුහා කාසීම් මහත්මිය ප්‍රකාශ කළාය. මිට හේතුව ලෙස ඔවුන් පෙන්වා දුන්නේ ජාති ආගම් බේදයකින් තොරව දරුවන් උසස් අධ්‍යාපනය සදහා යොමු කිරීමට සියලු දෙනා උනන්දු විය යුතු බවයි

Read More

ඔස්ට්‍රේලියාව හා පැවත්වීමට නියමිත තරග පහකින් සමන්විත තරගාවලිය සඳහා නම්කළ ශ්‍රී ලංකා සංචිතයේ ණුවන් තුෂාර කොවිඩ් ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

දුම්රිය දෙපාර්තමේන්තුවේ විවිධ ප්‍ර දේශවල සේවය කරන දුම්රිය නියාමකවරුන් 31ක් කොවිඩ් ආසාදිතව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

Read More

පළාත් සභා ඡන්දය නොපැවැත්වීම නිසා, විශාල මුදල් ප්‍රමාණයක් මහජන නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් තොරව පරිහරණය වීම පළාත් සභා මට්ටමින් සිදුවන බවත් එම නිසා ඉක්මනින් මහජන නියෝජිතයන් සිටින ආයතනවලට මුදල් ප්‍රමාණය ලබා දීම වඩාත් යහපත් බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය. ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ(30දා) හෝමාගම ගොඩගමදී පැවැති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙනි.

Read More

නැවත දැනුම්දෙන තුරු විදුලිය කප්පාදුවක් සිදුනොවන බව ශ්‍රි ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

Read More

නියමු ව්‍යාපෘතියක් වශයෙන් කොළඹ දිස්ත්‍රික්කය තුළ මෙම ව්‍යාපෘතිය දියත් කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය. මෙහිදී පොල් ගෙඩියක් රු.75/=කට අළෙවි කරනු ලබන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා, වෙළෙඳපොල පොල් මිල පහළ යාමට සාපේක්ෂ්ව ඉදිරියේ දී ලංකා සතොස හරහා අළෙවි කරනු ලබන පොල් වල මිලගණන් ද අඩු වනු ඇති නමුත් වෙළෙඳපොලේ පොල් මිල ඉහළ ගියද, රු. 75/=ක ස්ථාවර මිලකට පොල් අළෙවි කිරීමට ලංකා සතොස කටයුතු කරනු ලබන බව ද සඳහන් කරන ලදී.

Read More

සිරගතව සිටින හිටපු රාජ්‍ය ඇමති රංජන් රාමනායක මහතා නිදහස් කර දෙන ලෙස ඉල්ලා ප්‍රජාත්‍රන්ත්‍රවාදී සංවිධාන එකමුතුව සහ එක්සත් ස්වයං රැකියා වෙළද ව්‍යාපාරිකයින්ගේ සංසදය මගින් අද (31දා) පෙරවරුවේ නීතිඥවරුන්ගෙන් අත්සන් ලබාගැනීමේ වැඩසටහනක් ගාල්ල අධිකරණ සංකීර්ණයෙහි රථ ගාල අසලදී සිදුකරණු ලැබිය.

Read More

කාසල්රී ජලාශයේ පිටාර මට්ටම ද ඉක්ම වු ප්‍රමාණයක් දක්වා ජලය රඳවා තබා ගැනීම සදහා ජලාශ වේල්ල මත නව ජාත්‍යාන්තර ක්‍රම වේදයක් අනුගමනය කරමින් විශේෂ ගෙට්ටු පද්ධතියක් ඉදිකිරිම ආරම්භ කර තිබේ.

Read More

දුම්රිය සේවකයන් කොවිඩ් ආසාදිත වීම හේතුවෙන් අද (31දා) ධාවනය වීමට නියමිතව තීබූ දුම්රිය 16ක් පමණ අවලංගු කිරීමට සිදුව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.