රුපියල් කෝටි 350කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 350 කට අධික ප්‍රමාණයක් සමඟ දකුණු මුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කළ සැකකරුවන් 17 දෙනාගෙන් 12 දෙනෙකු රිමාන්ඩ් බාරයට පත් කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධිකග සී රාගල මහතා ඉතිරි සැකකරුවන් 05 දෙනා මුදා හැරීමට අද (31දා) නියම කළේය.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගනිමින් මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.
සිද්ධියට අදාළව සිදුකළ විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කරන බවත් විමර්ශන ප්‍රගතිය වාර්තා කිරීමට පියවර ගන්නා බවත් දැනුම් දුන්නේය.
අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් 05 දෙනෙකු සම්බන්ධයෙන් ඉදිරියට පියවර නොගන්නා බව දැනුම් දුන් නිලධාරීහු ඔවුන් මුදාහැරීමට හැකියාව ඇති බවත් අනෙක් සැකකරුවන් රිමාන්ඩ් බාරයට පත් කරන ලෙෂත් ඉල්ලා සිටියහ.
ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 14 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කළේය.