කාසල්රී ජලාශයේ පිටාර මට්ටම ද ඉක්ම වු ප්‍රමාණයක් දක්වා ජලය රඳවා තබා ගැනීම සදහා ජලාශ වේල්ල මත නව ජාත්‍යාන්තර ක්‍රම වේදයක් අනුගමනය කරමින් විශේෂ ගෙට්ටු පද්ධතියක් ඉදිකිරිම ආරම්භ කර තිබේ.
ඇමරිකාවේ තාක්ෂණික ඥානය හා ඔවුන්ගේ තාක්ෂණික ඉංජිනේරුවන් මෙන්ම මෙරට ඉංජිනේරුවන් එක්ව මෙම ක්‍රියාවලිය සිදු කරමින් සිටිති. Pneumatically operated regulated water controlling crest gate system යනුවෙන් හඳුන්වනු ලබන මෙම ක්‍රමවේදය තුලදි ජල කලමණාකරණය කිරිම හා වාන් දොරටු විවෘත කිරිම ස්වයංක්‍රීයව සිදුවන අතර එම ගේට්ටු පද්ධතිය වායු බැලූනයක් මත සවිකෙරුණු ඇත.එම වායු බැලුනයේ වායු පිඩන මගින් වාන් දොරටුව හෙවත් ගේට්ටු ක්‍රියාත්මක වනු ඇත. මෙම ක්‍රියාවලිය ප්‍රථම වරට මෙරට ජලාශ වේල්ලක සවි කෙරෙන අතර ඒ සඳහා කාසල්රී ජලාශ වේල්ල තෝරාගෙන තිබේ.
කාසල්රී ජලාශයේ ධාරිතාව ජල අක්කර ඝණ අඩි 63000 ක් පමණ වේ. ජාතික ජල විදුලිබල පද්ධතියට අයත් මෙම ජලාශය මගින් මෙරට ප්‍රථම ජල විදුලි බලාගාරය වන විමලසුරෙන්ද්‍ර ජල විදුලිබලාගාරය හා ලක්ෂපාන සහ පොලිපිටිය යන ජල විදුලිබලාගාර සඳහා ජලය සපයනු ලැබේ.
මෙම වෙල්ල නවිකරනය කරමින් නව ගෙට්ටු පද්ධතිය සවිකිරිමෙන් වෙල්ල පවතින මට්ටමට ඉහලින් අඩි හතරක පමණ උසකින් ජල ප්‍රමාණයක් රදවා තබා ගත හැකි වන අතර එය විදුලිය ගිගාවොට් 9 ක් නිෂ්පාදනය කිරිම සදහා අවශ්‍ය කරන බල ශක්තියක් වන බව විදුලිබල මණ්ඩල ඉංජිනේරුවෝ පවසති.
මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක