saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 6495 hours ago

LATEST

නැදුන්ගමුවේ රාජා ගැන අවසන් තීන්දුව පුරාවිද්‍යාව සහ මාළිගාව සතුයි

calendar_today 2022 මාර් 07 - 11:57 remove_red_eye - 1153  

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ සධාතුක කරඩුව වැඩමවීම 13 වරක් වැඩම කරවීමට තරම් භාග්‍යවන්තවූ නැදුන්ගමුවේ රාජා හස්තියා අද ( 7දා) උදෑසන මියයාම සැලවීමත් සමග විශාල ජනතාවක් , ගෞරවය පුද කිරීම පිණිස හස්තිරාජයාගේ හිමිකරුවූ වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය මහතාගේ ගම්පහ, නැදුන්ගමුව නිවස කරා පැමිණෙමින් සිටිති.

සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයට ප්‍රහාරයක් එල්ල වී ඇති බව එම පක්ෂය කියයි. ඇතුල්කෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද පෙරවරුවේ පැවැති විරෝධතාවක් අතර තුළදී මෙසේ ගල්මුල් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි එම පක්ෂය කියයි.

Read More

තිදෙනකු ගමන් ගත් යතුරු පැදියක් අද (7දා) අළුයම බණ්ඩාරගම රයිගම ප්‍රදේශයේදී කොන්ක්‍රීට් කණුවක ගැටීමෙන් යතුරුපැදිය පැද වූ පුද්ගලයා එම ස්ථානයේදීම මිය ගිය බවත් අනෙක් දෙදෙනා තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කළ බව බණ්ඩාරගම පොලීසිය පවසයි.

Read More

රුසියා - යුක්රේන අර්බුදය හමුවේ බොරතෙල් බැරලයක මිල වසර 13කට පමණ පසුව ඉහළම මිල වාර්තා කර තිබේ.

Read More

ඉන්දීයානු නාවික හමුදාව විසින් 11 වන වරටත් පවත්වන ලද මිලාන් - 2022 බහුපාර්ශික නාවික අභ්‍යාසය, මෙවර ඉන්දියාවේ විසාකාපට්නම් වරාය සහ නැගෙනහිර ඉන්දීය මුහුදු තීරය කේන්ද්‍ර කර ගනිමින් 2022 පෙබරවාරි මස 25 වන දින සිට 2022 මාර්තු මස 04 වන දින දක්වා පැවැති අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව සහභාගී විය.

Read More

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කන්සියුලර් දෙපාර්තමේන්තුවේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. ඒ එම දෙපාර්තමේන්තුව පවත්වාගෙන යන සෙලින්කෝ ගොඩනැගිල්ලේ විදුලිය විසන්ධි කිරීමක් හේතුවෙනි.

Read More

මොරටුව අඟුලාන පොලිස් බල ප්‍රදේශය තුළ සිදුකළ විශේෂ අපරාධ මැඩලීමේ මෙහෙයුම්කින් සැකකරුවන් දාසය දෙනෙකු අද (6දා) අලුයම අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය පවසයි.

Read More

යුක්‍රේනයේ නාගරික සටන් මෙහෙයවීම වෙනුවෙන් ඒ සඳහා ප්‍රවෘණතාවක් ඇති සිරියානු සෙබළුන් බඳවා ගැනීමට රුසියාව කටයුතු කරමින් සිටින බවත එක්සත් ජනපද නිලධාරීන් වෝල් ස්ට්‍රීට් ජර්නල් වෙත පවසා තිබේ.

Read More

මෙරට ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා ’ආර්ථික සභාව’ කැඳවීමට ජනාධිපතිවරයා විසින්තීරණය කරඇති බව වාර්තා වන අතර,මෙම ආර්ථික සභාව සතිපතා රැස්වීමටද නියමිතය.

Read More

හිටපු කර්මාන්ත කැබිනට් අමාත්‍ය විමල් වීරවංශ හා හිටපු බලශක්ති කැබිනට් අමාත්‍ය උදය ගම්මන්පිල මහත්වරුන් විසින් තමන්ගේ කැබිනට් අමාත්‍ය ධුර අහිමිවීමට පසුබිම් වූ සිද්ධි මාලාව පිළිබඳ විස්තර සහිතව පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශ දෙකක් සිදුකිරීමට සූදානමින් සිටින බව ’අද’ට වාර්තා වේ.

Read More

මහනුවර දළදා පෙරහරේ සධාතුක කරඩුව වැඩමවීම සිදු කළ නැදුන්ගමුවේ රාජා හස්තියා අද ( 7) අලුයම 5.30 පමණ මියගොස් ඇත.

Read More

යුක්රේනය විසින් සිය හමුදා සහ ආයුද රැස්කිරීම වෙනුවෙන් යොදාගත හැකි, සාකච්ඡා ඇදගෙන යාමේ ඕනෑම උත්සාහයක් යුක්රේනයේ ස්වයං-පරාජයක් වනු ඇති බවට ව්ලැදිමීර් පූටින් අනතුරු අඟවයි.

Read More

දැනට පවතින තාක්ෂණය යටතේ රථ වාහන වැරදිකරුවන් සම්බන්ධයෙන් ක්රි යාත්මක වීමේ කටයුතු මන්දගාමී ස්වරූපයක් ඉසිලූ අතර එම තත්වය මග හරවා ගැනීම සඳහා මෝටර් රථ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව සමග එක්වී අදාල වැරදිකරුවන්ගේ නිවසටම දඩ පත්‍රිකාවක් යැවීමේ ක්‍රියාදාමය නුදුරේදීම සිදු කිරීමට නියමිතය

Read More

Visa සහ MasterCard රුසියාව තුළ සිය මෙහෙයුම් නැවැත්වීම තුළ කාඩ්පත් හිමියන්ට සිදුවන බලපෑම අවම කිරීමට රුසියාව චීනය සමග එක්වෙයි.

Read More

රට දැනට පත්ව තිබෙන අර්බුදකාරී තත්ත්වයෙන් මුදා ගැනීම ආණ්ඩු මාරුවකින් සිදු කළ නොහැකි බවත් රටේ පාලනය යම් කාලයකට බුද්ධි මණ්ඩලයකට භාරදිය යුතු බවත් සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මහනුවරදී පැවසීය.

Read More

පූටින්ගේ ප්‍රකාශකයා පවසන්නේ බොහෝ රටවල යුරෝපා සංගමයට සහ එක්සත් ජනපදයට වඩා සමබර ප්‍රවේශයක මෙම ගැටලුව දෙස බලන බවයි.

Read More

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදල ලබාදීම සඳහා ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට දැඩි කොන්දේසි දමා ඇති බව ද සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

Read More

එක්සත් ජනපදය, ඉන්දියාව සහ බ්‍රසීලය වැඩිම තහවුරු වූ ආසාදිතයන් සංඛ්‍යාවක් ඇති පළමු වැනි රටවල් තුන බව සඳහන් වේ.

Read More

’’යුක්රේනයට එරෙහි ආක්‍රමණය’’ හෙළා දකින එක්සත් ජාතීන්ගේ යෝජනාව හමුවේ, පාකිස්තානයේ අසල්වැසි ඉන්දියාව, බංග්ලාදේශය, චීනය, ඉරානය, ශ්‍රී ලංකාව, ටජිකිස්තානය, කිර්ගිස්තානය සහ කසකස්තානයද ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

Read More

ගෑස් හිඟය, ඉන්ධන හිඟය, විදුලි කප්පාදුව, තිරිඟු පිටි හිඟය හා අමුද්‍රව්‍ය මිල විශාල ලෙස ඉහළයෑම නිසා සමස්ත බේකරි කර්මාන්තයම දැඩි අර්බුදයකට ලක්ව ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

නීති විරෝධී වත්කම් හා දේපළ විමර්ශන කොට්ඨාසය ආරම්භ කර ගෙවීගිය මාස හතක කාලය තුළදී නීතිවිරෝධී ලෙස වත්කම් හා දේපළ උපයාගත් පුද්ගලයන් 1100ක ප්‍රමාණයක් පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

Read More

හෙට දිනයේ උදෑසන 8 සිට රාත්‍රි 11 දක්වා අතර කාලය තුල පැය හතහමාරක විදුලි කප්පාදුවක් සිදු කිරීමට සැලසුම් කර ඇතැයි මහජන උපයෝගීකා කොමිසම සඳහන් කරයි.

Read More

කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු එම ධුර වලින් ඉවත් කිරීම සහ නව කැබිනට් අමාත්‍යවරුන් පත් කිරීමත් සමග පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ආසනව වල වෙනස් කිරීමක් සිදු කර තිබේ.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමකින් හා ලකුණු 222කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් දැවැන්ත ජයක් ලැබීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත්විය.

Read More

දකුණු යුක්රේනයේ වරාය නගරයක් වන මයුරුපෝල් හි දේශීය වේලාවෙන් උදෑසන 10 සිට රාත්‍රී 09 තෙක් පැය 11ක සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට යුක්රේන හා රුසියානු ආරක්ෂක අංශ එකඟ වී තිබේ.

Read More

අද රටේ තියෙන ලොකුම කර්මාන්තය මුදල් අච්චු ගැසීම බවත් රටේ ප්‍රශ්නයක් නැතැයි මහ බැංකු අධිපතිවරයා පවසන නමුත් පොදු ජනතාව ජීවත්වීමේ බරපතල ප්‍රශ්නවලට මුහුණ දී ඇති බවත්වි පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බදුල්ල පුරහලේදී අද(6) දා පැවැති ලංකා ජාතික වතුකම්කරු සංගමයේ 26 වන සංවත්සර සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහබාගිවෙමින් පැවසීය .

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පදිංචිව සිටින නිවස ඉදිරිපිට විරෝධතාව පැවැත්වූ තමන් ඇතුළු පිරිස ලංකාවේ අපරාධ නීතිය යටතේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවැසුවාය.

Read More

රුසියානු යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් මේ රටේ මතය මෙතෙක් ප්රතකාශ කොට නොමැති වුවත් රුසියාවෙන් ශ්‍රී ලංකාව ණයක් ඉල්ලා තිබෙන බවත් මේ අවස්ථාව රුසියාවෙන් ණයක් ඉල්ලීමට අවස්ථාවක් ද යන්න සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

Read More

මෙරටට අවශ්‍ය ඖෂධවලින් 50% -60% අතර ප්‍රමාණයක් 2025 වසර වන විට රට තුළ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පියවර ගැනෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

රජයේ තීරණයකට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙගාවොට් 200ක හදිසි විදුලිය මිලදී ගැනීමේ යෝජනා කැඳවීමටලංකා විදුලිබල මණ්ඩලය ඊයේ තීරණය කර ඇති බව ද සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.