saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6075 hours ago

LATEST

රන්ජන් ශ්‍රේෂ්ඨාධිකරණයට

calendar_today 2021 දෙසැ 03 - 10:29 remove_red_eye - 923  

අධිකරණයට අපහාස කිරීමට අදාළ දෙවැනි නඩුව සඳහා රන්ජන් රාමනායක බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන සම්පත් තෙන්නකෝන් අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහු අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගනිමින් සිට ඇත.

Read More

දෙව​න ටෙස්ට් තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා කොදෙව්වන්ට ලකුණු 297ක ඉලක්කයක් ලබාදෙමින්, ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව කඩුලු 9කට ලකුණූ 345ක් ලෙස සටහන්ව තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවෙනි ඉනිම අත් හිටවනු ලැබුවා.

Read More

ශ්‍රී ලංකාවේ වරාය සංවර්ධන මහා සැලැස්මට අනුව ස්වාභාවික ගැඹුරු ත්‍රිකුණාමලය වරාය විශාල කාර්යයක් ඉටු නොකරන්නේ මන්දැයි තමන් පුදුමයට පත්වූ බව ශ්‍රී ලංකාවේ ජර්මන් තානාපති හොල්ගර් සෙව්බර්ට් මහතා පවසයි.

Read More

උත්සව කාලය තුළ බස්නාහිර පළාත ආවරණය වන අයුරින් අපරාධ නිවාරණ ක්ෂණික මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

Read More

කිලෝමීටර් 1,035ක් දිග දුම්රිය මාර්ගය, චීනයේ යෝජිත එක් තීරයක් සහ මාවතක් මුලපිරීම අනුව යන ව්‍යාපෘතියකි.

Read More

නැවත දැනුම්දෙනතුරු දිවයින පුරා ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළඳපොළට නිකුත් කිරීම අත්හිටුවීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ.

Read More

සබරගමුව, මධ්‍යම,ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ, නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයෙන් පිටත පැය දෙකහමාරක් පැවති ගැටුමකින් පසු ආයුධ සන්නද්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගනියි.

Read More

ගෑස් අනතුරු වළක්වා ගැනීමට ක්ෂණිකව ගතයුතු පියවර සම්බන්ධයෙන් ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් හෝ පුපුරායාම් පිළිබඳ විමර්ශනය කිරීම හා ඒ පිළිබඳ විසඳුම් සෙවීමේ ජනාධිපති කමිටුව විසින් දැනුම්දීමක් කර තිබේ.

Read More

දෙමුහුන් විදුලි උත්පාදන ව්‍යාපෘති තුනක් උතුරේ දූපත්හි ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ චීන සමාගම එම ව්‍යාපෘති තුන අත්හැර තිබේ. තෙවැනි පාර්ශ්වයක් මතුකළ ආරක්ෂක ගැටලුවක් හේතුවෙන් එම සමාගම මෙම ව්‍යාපෘති තුන ක්‍රියාත්මක කිරීම අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරයි.

Read More

සංචාරක තහනම් සහ සීමා කිරීම් ක්‍රියාත්මක කළහොත් වසංගතයට සූදානම් වීම සඳහා කාලය ලබාගැනීමට හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශිකාව පවසයි.

Read More

ආබාධයකට ලක්ව සිටිය ද ලබන 5 වැනිදා ආරම්භ වන එල්.පී.එල් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවට ඇන්ජෙලෝ මැතිව්ස් විසින් තමාට සදහන් කළේ යැයි ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පවසා සිටියි.

Read More

මූලික අධ්‍යයනයකින් පෙනී යන්නේ ඩෙල්ටා හෝ බීටා වෛරස ප්‍රභේදයට සාපේක්ෂව ඔමික්‍රෝන් ප්‍රභේදය නැවත ආසාදනය වීමේ සම්භාවිතාව තුන් ගුණයකින් වැඩි බවයි.

Read More

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස පෙනී සිටින විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එම සංගමයේ විධායක සභාවේ ක්‍රියාකාරීත්වය ද නැවත නිලවරණයක් පවත්වනු තුරු අත්හිටුවීමට මොරටුව දිසා විනිසුරු දමින්ද රාමනායක මහතා(30) අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබීය.

Read More

විදේශ සංචාර පිළිබඳ ඉතිහාසයක් නොමැති සිඩ්නි නුවර වාසය කරන සිසුවෙකු කොවිඩ්-19 ඔමික්‍රෝන් ප්‍රභේදයට ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති බව ඔස්ට්‍රේලියාව කියයි.

Read More

ඔමික්‍රෝන් ප්‍රභේදයේ පැතිරයාම පිළිබඳ නිසි අවබෝධයක් ශ්‍රී ලංකාව සතු අතර, යම් හෙයකින් වෛරසය රට තුළට ඇතුළු වුවහොත් ජාන විශ්ලේෂණයකින් එය හඳුනාගැනීමට, පරීක්ෂණාගාර පහසුකම් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

Read More

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් දෙදෙනෙක් ඉන්දියාවෙන් හමුවී ඇති බවට එරට මාධ්‍ය වාර්තා කර සිටියි.

Read More

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ගාල්ල ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අවසන් වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 8ක් දැවී ලකුණු සංඛ්‍යාව 328ක් ලබා ගැනීමට සමත් විය.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 නොවැම්බර් මස 01 වන දින සිට 30 වන දින දක්වා ගතවූ මාසයක කාලය තුළ නැගෙනහිර, ගිනිකොන, වයඹ, උතුර, දකුණ සහ උතුරු මැද නාවික විධානයන් කේන්ද්‍ර කර ගනිමින් සිදු කළ සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයින් 85 ක් සහ ධීවර යාත්‍රා 24 ක් ඇතුළු ධීවර ආම්පන්න නීති‍යේ රැහැනට හසු කර දීමට කටයුතු කෙරිණි.

Read More

වරාය ක්ෂේත්‍රයේ එක් බිම් ගලක් මෙරට නීතියට අනුව තක්සේරු වලින් පිට කුමන හෝ සමාගමකට ලබා දී තිබෙන බවට ඔප්පු කරන්නේ නම් ඇමතිධුර වලින් ඉල්ලා අස්වීමට සූදානම් බව වගකීමෙන් සඳහන් කරන බව වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

Read More

‘‘මාධ්‍යයට ආණ්ඩු හදන්න පුළුවන්. ආණ්ඩුවක් බලයට ගේන්න පුළුවන්. හැබැයි මාධ්‍යයට ආණ්ඩු රකින්න බෑ. ආණ්ඩුව රැක ගන්න පුළුවන් ආණ්ඩුව කරන අයට විතරයි. මාධ්‍යය ආණ්ඩුව රකින්න ගියොත් මාධ්‍යයට මීට වඩා ලොකු රක්ෂණයක් දෙන්න වෙයි’’ යැයි කී අග්‍රාමාත්‍යතුමා, ‘‘ඒක මාධ්‍යවේදීන් තේරුම් ගත්තාට අපේ අය තේරුම් අරගෙන නෑ වාගේ කියලා මට හිතෙනවා’’ යැයි ද පැවසීය.

Read More

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට කටාර් රාජ්‍යයේ රැකියා අවස්ථා ලබාගැනීම සම්බන්ධයෙන් වූ ද්වීපාර්ශ්වීය සාකච්ඡාවක් පසුගියදා නාරාහේන්පිට පිහිටි විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර මේ වනවිට පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදී සිය 08 වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩාමේ ධනංජය ද සිල්වා සමත් විය.

Read More

අසාල් සාලි මහතාට එරෙහිව පැමිණිල්ල ඉදිරිපත් කළ නිමල් පියතිස්ස, ගාමිණී වල්ලෙබොඩ හා මොහොමඩ් මුසම්මිල් යන මන්ත්‍රිවරුන්ගෙන් මෙසේ වන්දි ඉල්ලා සිටියේය.

Read More

ගෑස් පිපිරීම පිළිබඳ වැනි ප්‍රශ්න පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා සුදුසු රසායනාගාරයක් ස්ථාපිත කරන ලෙස ආණ්ඩුවට සඳහන් කරන බව එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

ජාතික ආරක්ෂාව තහවුරු කරන බවට සඳහන් කරමින් බලයට පැමිණි ආණ්ඩුවට ගෑස් පිපිරීමෙන් වර්ථමානයේ මුලුතැන්ගේ ආරක්ෂාවවත් ආරක්ෂා කිරීමට නොහැකි වී තිබෙන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.

Read More

ඇතැම්විට ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය මේ වන විටත් ලංකාව තුළ පැතිර ගොස් තිබිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසා සිටියි.

Read More

කෝවිඩ් රෝගීන් ක්‍රමයෙන් ඉහළ යන වාතාවරණයක් පවතින බැවින්, මෙවරද නත්තල් උත්සවය වෙනදා මෙන් සමරන්නට නොහැකිවේදැයි කිතුණු ජනතාව සැකයකින් පසුවේ. සෞඛ්‍ය බලධාරීන් පවසන ආකාරයට ජනතාවගේ වගකිවයුතු හැසිරීම් මගින් උත්සව සමයේ රට ලොක්ඩවුන් කිරීමකට තල්ලු නොකර පවත්වා ගැනීමේ හැකියාවක්ද පවතියි. කෙසේ වෙතත් නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් නත්තලට සූදානම් වන්නට කරන ඇරයුමකි මේ.

Read More

ලිට්‍රෝ ගෑස් සමාගම විකුණා දැමීමේ මූලාරම්භය ලෙස ගෑස් සිලින්ඩර් පිපිරීම සිදුවන බව අවිවාදයෙන් සඳහන් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.