පොල්ගහවෙල සහ වලකුඹුර අතර ප්‍රධාන දුම්රිය මාර්ගයේ දී ඊයේ (10දා) දහවල් පීලි පැනීමට ලක්වූ මඩකලපුව සිට ධාවනය වූ දුම්රිය මගින් හානියට පත්වූ දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් පරිදි 58 වන සේනාංකයේ 583 බලසේනාවේ 1 වන සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් සහ දුම්රිය සේවක පිරිස් විසින් මේ වන විට සිදු කරමින් පවතී.



