saravita-anim2

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 5914 hours ago

LATEST

යුරෝපයේ දැන් පැන්ඩමික් නොවේ ට්වින්ඩමික් ඇවිත්

calendar_today 2022 ජන 17 - 17:00 remove_red_eye - 683  

මේ වනවිට යුරෝපා කලාපය තුළ කොවිඩ්-19 පූර්ණ එන්නත්කරණය සමග මෙම ලොක්ඩවුන්, මුඛ ආවරණ සහ සමාජ දුරස්ථ ක්‍රියාමාර්ග ක්‍රමයෙන් අඩුවෙමින් පැවතීම නිසා යළිත් ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වය හිස ඔසවමින් ඇති බව කියයි.

නව සාමාන්‍යාධිකාරීවරයාට විරෝධය දක්වමින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ලෙඩ නිවාඩු වාර්තා කොට වෘත්තීය ක්‍රියාමාර්ගයකට හෙට (18දා) එළඹෙන බව විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පැවසීය.

Read More

මෙම හුන්ගා-ටොන්ගා-හුන්ගා-හාඅපායි ගිනිකන්ද පසුගිය දශක කිහිපය තුළ නිතිපතා පුපුරා ගිය නමුත් සෙනසුරාදා පුපුරා යාමේ බලපෑම ෆීජි, නවසීලන්තය, එක්සත් ජනපදය සහ ජපානය දක්වා ඈත ප්‍රදේශයන්ටද දැනුණි.

Read More

ලෝක සිතියමේ ආසියාවට යටින් එල්ලිලා තියෙන එක තමයි මුතු ඇටේ කියලා අපිට උගන්නල තියෙන්නෙ, ඒක වැරදියි. මේ සිතියම අනිත් පැත්ත හරවල බලන්න ඕනේ දැන් උඩින්ම තියෙන්නේ ලංකාව. මේක ආක්‍රමණය කරපු පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි දැන් ආක්‍රමණය කරන ඇමරිකාව, ජපානය, ඉන්දියාව, චීනයට ලංකාව මග ඇරලා යන්න බැහැ.

Read More

ශ්‍රි පාද වන්දනාවේ පැමිණි බැතිමතුන් පිරිසක් ගමන් ගත් මොටර් රථයක් අද (17දා) අනතුරට පත් විමෙන් මොටර් රථයේ රියදුරා ඇතුළු තවත් දෙදෙනෙක් තුවාල ලබා මස්කෙලිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු එම තුවාලකරුවන් වැඩි දුර ප්‍රතිකාර සදහා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කළ බව නල්ලතන්නිය පොලිසිය පැවසිය.

Read More

අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කර ගැනීම ‌සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් ලංකා ඉන්දීය තෙල් සමාගම සමග සාකච්ඡාවක් ආරම්භ කරන ලෙස තමන් ලංවිම සභාපතිවරයාට දැනුම් දුන් බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.‍

Read More

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර ජනතා අයිතියට පත් පත්කිරීමෙන් අනතුරුව පළමු පැය 12 තුළ රුපියල් 2,805,100 ක ආදායමක් උපයා තිබේ.

Read More

ශ්‍රී ලංකාවට මෙම වසරේ මුල් දෙසතිය තුල සංචාරකයින් 39172 දෙනෙකු පැමිණ ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. මෙම දෙසතිය තුල මෙරටට වැඩිම සංචාරක පිරිස රුසියාවෙන් පැමිණ තිබේ. ඒ සංචාරකයින් 6963 වේ.

Read More

හෙට දිනයේදී දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (17දා) මධ්‍යාහ්න නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

Read More

කූරගල ඓතිහාසික පුදබිමෙහි පිහිටා ඇති ඇසිදිසි සුගත මහා සෑයේ පූජා වස්තු තැන්පත් කිරීමේ පුණ්‍යෝත්සවය ඊයේ (16දා) දින සවස්වරුවේ ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

Read More

ලක්විජය බලාගාරයේ මෙහෙයුම් හා නඩත්තු සඳහා තාක්ෂණික උපදේශන සේවා ලබාගත් චයිනා මැෂිනරි ඉංජිනේරින් කෝපරේෂන් සමාගම (සී.එම්.ඊ.සී) සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 17.5ක හිඟ මුදලක් ගෙවිමට සිදුව ඇති බව වාර්තා වෙයි.

Read More

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව කෝවිඩ් වසංගතයෙන් පසු විවෘත කර ජනවාරි මස 14, 15, 16 යන තෙදින තුළ වාර්ථාගත රුපියල් 10,344,221.94 ක මුදලක් ආදායම් ලෙස උපයා ගැනීමට සමත්ව ඇතැයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය පැවසුවාය.

Read More

2022 අවසානය වනවිට කොවිඩ්-19 වසංගතය අවසන් වනු ඇති බවට තමාට විශාල විශ්වාසයක් පවතින බව චීනයේ, ෂැංහයි හි ඉහළම බෝවන රෝග විශේෂඥයෙකු වන ෂැං වෙන්හොං පවසයි.

Read More

දුම්රිය ධානවය කිරීමේදී හා දුම්රිය ස්ථානාධිපතිවරුන්ට ඇති වී තිබෙන ගැටලු විසඳන බවට බලධාරීන් ලබාදුන් පොරොන්දු කඩ වී තිබෙන නිසා ඉදිරියේදී ඕනෑම මොහොතක දුම්රිය ස්ථානාධිපති වැඩවර්ජන සිදුවිය හැකි බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලාංකිකයන් විදෙස් ගතව උපයන මුදල් ශ්‍රී ලංකාවට එවීමේ විශාල පහළ යෑමක් පසුගිය වසර තුළදී මෙන්ම දෙසැම්බර් මාසය තුළදී දක්නට ලැබේ.

Read More

එන්නත් ප්‍රතික්ෂේප කිරීම නිසා ඔස්ට්‍රේලියාව තුළ වසංගතයට එරෙහිව සෑම අයෙකුටම එකලෙස ක්‍රියාත්මක නීතියට පිටින් යෑමට එහිදී ටෙනිස් ලෝක ශූරයාටද අවස්ථාවක් නොමැති විය.

Read More

’’ඔමික්‍රෝන් ප්‍රභේදයත් එක්ක ලෝකෙන් කොවිඩ් 19 රෝගය තුරන් ව යාමේ යම්කිසි හැකියාවක් තියෙනවා. එහෙම වුණොත් අපි හිතන්නේ නෑ සිව්වෙනි මාත්‍රාවක් ගැන කතා කළ යුතුයි කියලා. ඉදිරියේ දී අවශ්‍ය වුණොත් එහෙම සිව්වැනි මාත්‍රාවක් කරා යන්න අපි ළඟ සැලසුම් තියෙනවා.’’

Read More

ආසියානු සංවර්ධන බැංකුවේ ණයවලින් ලබාගත් රුපියල් මිලියන 88ක් වටිනා ජාන අනුක්‍රමික විශ්ලේෂණ යන්ත්‍රය මාස පහක කාලයක් තිස්සේ මහරගම අපේක්‍ෂා රෝහලේ කොරිඩොවේ තබා තිබෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි.

Read More

දකුණු කොරියානු ජනරජයේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් පවසන පරිදි, මෙම මාසයේ සිව්වැනි පරීක්ෂණයේදී, උතුරු කොරියාව නැගෙනහිර මුහුදට තවත් මිසයිල දෙකක් අත්හදා බලා තිබේ.

Read More

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත - මීරිගම කොටසත් පොතුහැර - ගලගෙදර කොටසත් 2024 වර්ෂයේ දී ජනතා අයිතියට පත්කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

Read More

මෙම කාර්ය මණ්ඩලය 2021 ඔක්තෝබර් 16 වැනි දින චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථාන මූලික මොඩියුලය වෙත පිටත්ව ගියේ, මාස හයක කාලයක් එහි රැඳී සිටීමේ මෙහෙයුමක් සඳහාය.

Read More

කෝවිඩ් මරණ 14ක් ඊයේ (15) දින සිදුවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

උතුරු මැසිඩෝනියාවේ පාර්ලිමේන්තුව මැසිඩෝනියාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ (SDSM) සභාපති දිමිතාර් කොවසෙව්ස්කි, රටේ නව අගමැති ලෙස තෝරා පත්කර ගෙන තිබේ.

Read More

මාලදිවයින ජනරජයේ 19වැනි කථානායකවරයා වන මොහොමඩ් නෂීඩ් මහතා සිව් දින නිල සංචාරයක් සඳහා අද (16දා) දහවල් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියේය .එතුමා සමග දූත පිරිස ලෙස තවත් දෙදෙනෙකුද පැමිණ සිටියහ.

Read More

තවත් වසර දෙකක් ඇතුළත මෙරට භාවිතා කරන ඖෂධවලින් 70%ක් රට තුළම නිෂ්පාදනය කිරීම සම්බන්ධව අවධානය යොමුව තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි .

Read More

මුදල් වැඩිපුර අච්චු ගහලා තිබෙනවා. ඒක කළේ පාලනය කරන්න පුළුවන් විදිහටයි. ඒකෙන් අහිතකර බලපෑමක් වුනොත් ඒක අනිත් පැත්ත හරවන්න අපි දන්නවා. සියලු මුදල් සංසරණයට යොදවලා නැහැ. ඒකට පිළියම් අපි දන්නවා. එක දෙයක් අල්ලගෙන කෑ ගැහුවට වැඩක් නැහැ. මහ බැංකුවේ ඉන්නව මේවා ගැන දන්නා අය. ෆේස්බුක් ආර්ථික විශේෂඥයෝ කියන දේවල් ඇත්ත නොවෙයි. ණය ගෙවීම සම්බන්ධව කිසිදු ප්‍රශ්නයක් නැහැ .

Read More

සමහරු හිතනවා අපි ඉන්නේ අර්බුදයේ උච්ඡස්ථානයේ කිහලා. එහෙම එකක් නෑ. මාර්තු මාසය වෙද්දී අපි අර්බුදයේ උච්ඡස්ථානයට යාවි අර්බුදය විසින් තමයි දේශපාලනයේ දිශානතිය තීරණය කරන්නේ.

Read More

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයට විසඳුමක් වශයෙන් ආහාර, අත්‍යාවශ්‍ය භාණ්ඩ, ඖෂධ හා ඉන්ධන මිලදී ගැනීම වෙනුවෙන් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 1500ක ණය පහසුකමක් ලබාදීමට ඉන්දියාව එකඟ වී තිබේ.

Read More

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පලමු තරගයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.

Read More

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට ක්‍රීඩා කිරීමට පැමිණි නොවැක් ජොකොවිච්ට එම තරගාවලියට ක්‍රීඩා කිරීමකින් තොරව ඔස්ට්‍රේලියාවෙන් පිටව යෑමට සිදුව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.