රට තුල ඖෂධ හිඟයක් ඇතිවිය හැකි බව කල් තියා දැන්වූවත් අදාල බලධාරීන් ඒ සම්බන්ධව නිහඬ පිලිවෙතක් අනුගමනය කල බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිලිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය චෝදනා කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරනුයේ අවස්ථා කිහිපයකදී ඖෂධ හිඟය සම්බන්ධව බලධාරීන් දැනුවත් කල නමුත් ඒ සෑම අවස්ථාවකදි නිහඬ පිලිවෙතක් අනුගමනය කර සිටි ඔවුන් වර්ථමානයේ සෞඛ්‍ය ආධාර ලබා දෙන ලෙස විවිද පුද්ගලයන්ට ලිපි නිකුත් කරමින් සිටින බවයි.
එමෙන්ම මෙම ඖෂධ හිඟය සම්බන්ධව විවිධ වෘත්තිය සමිති සහ මාධ්‍ය දිගින් දිගටම කරුණු වාර්තා කරන අවස්ථාවකදී එවැනි තත්ත්වයක් කිසි සේත් ඇති නොවන බව දේශපාලකයින් සහ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කල පසුබිමක දෛවයේ සරදමකට මෙන් මේ වනවිට සෞධ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින්ම ඖෂධ හිඟය සම්බන්ධව ඖෂධ නිෂ්පාදනය සහ බෙදාහැරීම භාර රාජ්‍ය අමාත්‍යාංශය මගින් සෞඛ්‍ය ආධාර මෙරටට ගෙන්වීමෙ යාන්ත්‍රණය සම්බන්ධයෙන් ලිපි නිකුත් කිරීම දෛවයේ සරදමක් බවත් එම සංගමය සඳහන් කරයි.
රට තුල නිර්මාණය වී ඇති ඖෂධ හිඟයෙහි මූලික අධියර මේ මොහොතේ සිදුවන නමුත් ඉදිරි සති 06ත් 12ත් අතර කාලය තුල මෙය ඉතාම බැරෑරුම් තත්වයකට පත්විය හැකි බවත් මේ හේතුවෙන් මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් රෝගී තත්ත්ව උත්සන්න වීම හෝ එම උත්සන්න වීමෙන් මරණයට පත්වීමට වැඩි ඉඩකඩක් පවතින බව දැනටමත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය මගින් පවා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇති බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.