අළුත් අවුරුදු නිවාඩු සමය වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹ පැමිණීමට විශේෂ බස් රථ සේවාවක් අද (15) සිට ධාවනයට එක් කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරයි.
ඒ අනුව මේ සඳහා අතිරේක බස් රථ 200ක් පමණ ධාවනයට එක් කිරීමට නියමිත බවත් සඳහන්.
එමෙන්ම කොළඹ බලා පැමිණීමේ ගමන්වාර සඳහා පෞද්ගලික අංශයේ බස් රථ ද ධාවනයට එක් කර ඇති අතර ඒ සඳහා ඉන්ධන ලබාදීමේ කටයුතු ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ හරහා සිදුකරන බවත් එම මණ්ඩලය සඳහන් කරයි.
එසේම කොළඹ බලා පැමිණීමට අපේක්ෂා කරන ජනතාව වෙනුවෙන් විෂේශ දුම්රිය සේවවක් ලබන 17 වැනි දින සිට ක්රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ද සඳහන් කර සිටියි.