විශේෂඥ වෛද්‍යවරුන් වශයෙන් දැනට රටේ ඇතිව ඇති අර්බුද හමුවේ සිවිල් ජනතාවගේ කැළඹීම පිලිබඳව නිරන්තර අවධානයෙන් සිටින බවත් දැනට රට මුහුණ දී සිටින අත්‍යවශ්‍ය ද්‍රව්‍යන්ගේ හිඟය, විදුලි කප්පාදුව සහ දිනෙන් දින වැඩිවන ජීවන වියදම ආදී නොයෙකුත් හේතුන් මත මෙම කැලඹීම මහජනතාව තුලින්ම නිර්මාණය වූවක් බව ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එමෙන්ම ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක් බවට පත්වෙමින් ඇති බවට පළවන ආර්ථික සහ දේශපාලන විචාරකයන්ගේ මතය යථාර්තයක් බවට පත් වීම වැළැක්වීමට මෙම ප්‍රශ්න සදහා ආර්ථික මෙන්ම දේශපාලනමය විසඳුම් කඩිනමින් ලබා දිය යුතු බවත් වෘත්තිකයන් වශයෙන් තමන්ද රට මෙවැනි දුර්දාන්ත තත්වයක් කරා යෑම වැළැක්වීමට, රජයට උපදෙස් දීම සහ ඒ සඳහා රජය පෙළඹවීමට සදාචාරාත්මක මෙන්ම වෘත්තිමය අයිතියක් ඇති බවද ඔවුන් සිය නිවේදනයෙහි සඳහන් කර සිටියි.
එම නිසා නැවත ගොඩ ගත නොහැකි තත්ත්වයකට රට පත් වීමට පෙර කළ යුතු වැඩ පිළිවෙල ලෙස රජයට යෝජනා කිහිපයක් ඉදිරිපත් කිරීමට එම සංගමය පියවර ගෙන ඇති මෙම යෝජනාවලිය මගින් දැනට රට වැටි ඇති අස්ථාවර මෙන්ම අර්බුදකාරී තත්ත්වයෙන් රට මුදා ගැනීමට හැකි බවත් ඔවුන් විසින් නිකුත් කල නිවේදනයෙහි සඳහන් වෙයි.
විෂේශඥ වෛද්‍යවරුන්ගේ යෝජනාවලිය වනුයේ,
- ඉක්මන් දේශපාලන ක්‍රියාවලියක් මගින් ස්ථාවර රාජ්‍ය යාන්ත්‍රණයක් පිහිටු වීමට කටයුතු කිරීමෙන් ආර්ථිකමය වශයෙන් ස්ථාවරත්වයක් ලබා ගැනීමට අවශ්‍ය අඩිතාලම දැමීමට හැකි වන අතර මෙමගින් අන්තර්ජාතික මූල්‍ය අරමුදල මෙන්ම අනිකුත් අන්තර්ජාතික සංවිධාන මගින් අවශ්‍ය මූල්‍යමය උපදෙස් මෙන්ම ණය හෝ ආධාර ලබා ගැනීමට ඇති හැකියාව වැඩි කල හැකි වනු ඇත. රටේ පොදු යහපත සඳහා යම්කිසි පරිත්‍යාගයන් දේශපාලනමය වශයෙන් සිදු කිරීමට සියලුම දේශපාලන පක්ෂ බැඳී සිටිය යුතු අතර, එමගින් ඉහත සඳහන් කළ ජාත්‍යන්තර සංවිධාන රජය කෙරෙහි ඇති විශ්වාසය පලුදු නොවී පවත්වා ගැනීම මෙහි ඇති ප්‍රධාන පරමාර්ථයයි.
- සියලුම දේශපාලන පක්ෂවල යම් එකමුතුවක් මගින් අන්තර් පාලන රජයක් පිහිටුවිය යුතු අතර ඒ සඳහා අවම කැබිනට් මණ්ඩලයක් පත්කර මෙම අර්බුදකාරී තත්ත්වයෙන් මිදීමට කටයුතු කළ යුතුයි. රට ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය වන ව්‍යවස්ථා සංශෝධන කිරීම ඉතා අවශ්‍ය අතර එම සංශෝධන නොයෙකුත් දේශපාලන පක්ෂ වල පැවැත්ම සඳහා සිදු කරන ඒවා නොවිය යුතුය.
- අප යෝජනා කරන්නේ මෙම අන්තර්වාර කැබිනට් මණ්ඩලය (15 අඩු සංඛ්‍යාවකට සීමා විය යුතු අතර) අවංක, එමෙන්ම වෘත්තීයමය දැනුම මෙන්ම ඥානයක් ඇති, විශ්වාසය තැබිය හැකි කෘතහස්ත දේශපාලකයන් ගෙන් සමන්විත විය යුතු බවයි. දේශපාලන පක්ෂ භේදයකින් තොරව, දැනට පොදු මහ ජනතාවගේ ගෞරවයට පාත්‍ර වී ඇති අවංක මෙන්ම එක් එක් විෂයයන් සඳහා විශේෂඥ දැනුමක් ඇති අය මේ සඳහා තෝරාගත යුතු බව අපි ඉතා දැඩි ලෙස විශ්වාස කරමු.
- තවද , විශේෂම කාරණය ලෙස අප දකින්නේ අවංක මෙන්ම රටක මූදල් කළමණාකරණය පිළිබඳ කෘතහස්ත දැනුමක් ඇති පුද්ගලයෙක් මුදල් අමාත්‍ය ධුරයට පත් කිරීම මඟින් අන්තර්ජාතික මූල්‍ය අරමුදල සහ අනෙකුත් සංවිධාන සමඟ සාකච්ඡා කිරීම ඇරඹීම සඳහා ප්‍රමුඛත්වය ලබා දීම ය.