පෙබරවාරි 04දාට යෙදෙන ශ්‍රී ලංකාවේ 74 වැනි ජාතික නිදහස් දිනය හේතුවෙන් දිවයින පුරා මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවිසැල් වසා තබන ලෙස ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
උණ්ඩියල් හා හවාලා ක්‍රමයෙන් රටට ඩොලර් ලැබෙන බවට මුදල් අමත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිතගෙන සිටියත් එවැන්නක් සිදු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂද සිල්වා මහතා පැවැසීය.
Read Moreවැලිමඩ හා ඌව පරණගම කාබනික පොහොර යොදා සිදු කල අර්තාපල් වගා අස්වැන්නෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් පණුවන් කා දමා, පරිභෝජනය ගත නොහැකි තත්වයට පත්ව තිබේ.
Read Moreග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මහවත්ත පාර ප්‍රදේශයේ නිවසක රහස් බංකරයක සූක්ෂම ලෙස සගවා තබන ලද රුපියල් මිලියන 04ක් පමණ වටිනා හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ 04ක් සමග සැකකරවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
Read Moreකොල්ලුපිටිය පොලිස් වසමේ බලපත්‍ර රහිතව පවත්වාගෙන ගිය සමාජ ශාලාවක් වටලා විදේශ ජාතික පුද්ගලයන් 09ක, විදේශ කාන්තාවන් 03ක් හා ලාංකික පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreශ්‍රී ලංකාව මේ වන වට මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව සිංගප්පූරුවේ ප්රටධානතම පුවත් සේවයක් වන straitstimes.com පුවත් සේවය වාර්තාවක් පළකර තිබේ.එම වාර්තාවට ඔවුන් Sri Lanka repays debtors as citizens go hungry (ජනතාව බඩගින්නේ, ශ්‍රී ලංකාව ණය ගෙවයි) යනුවෙන් මාතෘකාව යොදා තිබේ.
Read Moreනොරොච්චොල ජනන යන්ත්‍රයක ඇතිව තිබූ කාර්මික දෝෂය යථා තත්ත්වයට පත්කර තිබේ. මේ අනුව එම බලාගාරයෙන් මෙගාවොට් 100ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක්වෙයි.
Read Moreඉන්දුනීසියාවේ නැගෙනහිර පළාතේ මලුකු ප්‍රදේශයට අද (02දා) අලුයම රික්ටර් පරිමාණ 6.2ක භූමිකම්පාවක් ඇති වී ඇති බව එරට කාලගුණ විද්‍යා ඒජන්සිය පවසයි.
Read Moreඋතුරේ ධීවරයින් ඉන්දියානු ධීවරයින්ගේ ප්‍රහාරයට ලක්වීම සම්බන්ධයෙන් මෙතෙක් විසඳුමක් නොලැබීම හා හානි වූ දැල් ආම්පන්න වෙනුවෙන් විසඳුමක් නොලැබීම මත අද (02දා) යාපනයේ ස්ථාන කිහිපයක විරෝධතාවයන් සහ උපවාසයන් දෙවන දිනටත් පැවත්වෙයි.
Read Moreකොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාවේ වැඩිවිමක් දක්නට ලැබෙන අතර කොවිඩ් ආසාදිත සංඛ්‍යාවද අඛණ්ඩව තෙවැනි දිනටත් 1000 සීමාව ඉක්මවා ගියේය.
Read More’’අපි කිසිම රටකට ඊනියා අගුලු දැමීමකට ආපසු යන ලෙස ඉල්ලා සිටින්නේ නැහැ. අපි සියලුම රටවලින් ඉල්ලා සිටින්නේ එන්නත් පමණක් නොවෙයි, දැනට ඇති මෙවලම් කට්ටලයේ ඇති සෑම මෙවලමක්ම භාවිත කරමින් තම ජනතාව ආරක්ෂා කරන ලෙසයි.’’
Read Moreකෝවිඩ්-19 ඔමික්‍රෝන් ප්‍රභේදය සමාජය තුළ පැතිර ඇති බවට පිළිගෙන කටයුතු කළ යුතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ), විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේය.
Read Moreජෝර්ජියානු අගමැති, පෘතුගාල අගමැති සහ මෝල්ඩෝවා අගමැති ආදී වශයෙන් තවත් ලෝක නායකයන් තිදෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබේ.
Read Moreපවතින ඩොලර් ගැටලුව විසඳා ගැනීමට නොහැකි වී තිබෙන නිසා විදේශ රටවලින් ගෙන්වන සම්පූර්ණ යොදය සහිත කිරිපිටි හිඟය තවදුරටත් පවතින බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreපෑලියගොඩ ස්ථාපිත නව මැනිං වෙළඳපොළට පැමිණෙන ව්‍යාපාරික සහ පාරිභෝගික ජනතාවට මෙතෙක් පැවති පොදු ප්‍රවාහන මාධ්‍යයක අඩුව සම්පූර්ණ කරමින් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මැතිතුමාගේ ඉල්ලීමකට අනුව, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ මෙහෙයවීම මත මෙම ප්‍රවාහන සේවාව අද (01දා) ආරම්භ කරනු ලැබිණි.
Read Moreමෙම පිපිරිමත් සමග ඇති වූ ගින්න ඉක්මනින් යාබද ගොඩනැගිලි තුනකට පැතිර ගිය බව ඇල්ජීරියාවේ ගිනි නිවන සේවය පවසයි.
Read Moreරාජ්‍ය සේවකයන්ට ලබාදෙන රුපියල් 5,000ක දීමනාවට සාපේක්ෂව පෞද්ගලික අංශ සේවකයාටත් රුපියල් 5,000ක දීමනාවක් ලබාදීමට අවශ්‍ය මැදිහත් වීම සිදුකරන ලෙස අද (01දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටි බව අන්තර් සමාගම් සේවක සංගමය සඳහන් කරයි.
Read Moreඇමෙරිකාව තුළ ගිනිඅවි භාවිතයේ පවතින නිදහස සමග මෙවැනි විවෘත වෙඩි තැබීම් බොහෝ අවස්ථාවල වාර්තා වන අතර, මෙම නීති වෙනස්විය යුතු බවට විවිධ තර්ක විතර්ක කාලයක් පුරා ඇවිලෙමින් පවතී.
Read Moreමොරටුව පිටකොටුව,පානදුර පිටකොටුව ඇතුළු බස්නාහිර පළාතේ ධාවනය වන කෙටිදුර බස් රථ වල සේවය කරන ඇතැම් රියදුරන් සහ කොන්දොස්තරවරු හෙරොයින්,අයිස් වැනි මත්ද්‍රව්‍ය භාවිතා කර බස් රථ සේවයේ නිරත වන බවට බස් සංගම් වලින් දිගින් දිගටමම පැමිණිලි ලැබී ඇති බවත් ඒ පිළිබඳව වැටලීම් ඉදිරියේ දී කිරීමට බලා බලාපොරොත්තු වන බවත් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඕ.ඩබ්ලිව් සංජීව මහතා අද (01දා)පැවසීය.
Read Moreකලු කඩ ඩොලර් උපයෝගී කරගෙන උතුරු කොරියාවේ ආයුධ මිලදී ගත් බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කරනු ලැබුවේ යැයි පළවන වාර්තා අසත්‍ය බව විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ප්‍රතික්ෂේප කරන බව විදේශ අමාත්‍යාංශය නිවෙදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreරුපියල් 4000ක පැමිණීමේ දීමනාව එකවරම කපා දැමීමට විරෝධය පළ කරමින් සහ රජයේ සේවකයන් හට වැඩි කළ රුපියල් 5000 තමන්ට ද ලබා දෙන ලෙස ඉල්ලා අනුරාධපුර පණ්ඩුලගම ප්‍රදේශයේ පිහිටි ඇඟලූම් කම්හලක සේවක සේවිකාවෝ පිරිසක් අද (01දා) තම විරෝධය පල කර සේවයෙන් පිටව ගියහ.
Read Moreමෙවර 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලගේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට එක්ව තිබේ.
Read Moreකොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ වරකාපොළ තුල්හිරිය ඇගළුම් කර්මාන්තපුරය ආසන්නයේ දී අද(01දා) බස් රථයක් ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් දෙදෙනෙක් මිය ගොස් සිව් දෙනෙක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වරකාපොළ පොලිසිය පවසයි.
Read Moreඅනුරාධපුර පුත්තලම ඒ 12 මාර්ගයේ පණ්ඩුලගම ප්‍රදේශයේ දී අද (01දා) සිදු වූ රිය අනතුරකින් සිල් මාතාවක් අපවත් වෙයි. තවත් කාන්තාවක් බරපතළ තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
Read Moreකේතුමතී රෝහලේ ගිලන් රථ රියදුරුට වෙඩි තැබීමට පැමිණි සැකකරුවන් අතරින් දෙදෙනෙකුගේ තොරතුරු මේ වන විට පොලීසිය අණාවරණය කරගෙන තිබේ.
Read Moreමුදල් , රන්මාල කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බව කියන හිටපු යුද හමුදා සෙබළුන් දෙදෙනකු ඇතුළු පස් දෙනකු ටී56 ජීව පතුරොම්, ගිනිඅවියක්, අත්බෝම්බයක්, සොරකම් කරන ලද රන්මාල ඇතුළු උපකරණ සමඟ අඟුණකොළපැලැස්ස පොලිසිය විසින් අද(01දා) අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකුමන ගැටලු තිබුණත් ජනතාව අදුරේ තියන්න අපි සූදානම් නැහැ. කව්රු මොනවා කිව්වත්, මම වගකීමෙන් කියන්න කැමතියි, අපි කිසිම ආකාරයක විදුලි කප්පාදුවකට යන්න සූදානමක් නැහැ
Read Moreමාධ්‍යවේදීන්ට සිදු වූ ඝාතනයන්, පහරදීම්, පැහැරගැනීම්, බියවැද්දීම් සහ තර්ජනය කිරීම් ආදියට විධමත් පරික්ෂනයන් ඉල්ලා ’’කලු ජනවාරිය’’ නමින් විරෝධතාවක් ඊයේ (31දා) යාපනයේදී සංවිධානය කර තිබුණි.
Read Moreකඩුවෙල පහල බෝමිරිය අතුරුගිරිය මාර්ගයේ වෙලේකඩේ හංදිය ප්‍රදේශයේ ඇල මාර්ගයක තිබී ස්කූටර් වර්ගයේ යතුරු පැදියක් අද (1දා) සොයාගත් බව නවගමුව පොලිසිය පවසයි.
Read Moreනොරච්චෝලේ ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍රයක් යළිත් අක්‍රීය වී ඇති බව වාර්තා වෙයි. මේ අනුව ජාතික විදුලි බල පද්ධතියට එයින් එක්වන මෙගා වොට් 270ක ධාරිතාවක් අහිමි වී ගොස් තිබේ.
Read More