saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 6194 hours ago

LATEST

අමරකීර්ති අතුකෝරාලගේ මරණය සියදිවි නසාගැනිමක් යැයි මාධ්‍යයට දුන්නේ කවුද?

calendar_today 2022 මැයි 14 - 19:07 remove_red_eye - 1346  

අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකොරාල මහතාගේ මරණය සියදිවි නසා ගැනීමක් බවට මුලින්ම මාධ්‍ය වෙත තොරතුරු ලබාදුන්නේ කවුදැයි යන්න පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රශ්න කරයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට යොමුකළ ලිපියට පිළිතුරු දෙමින් විපක්ෂනායකවරයා පවසන්නේ තමන් එකඟ වන්නේ බහු පක්ෂ ආණ්ඩුවකට පමණක් බවයි.

Read More

පක්ෂ දේශපාලනය පසෙකලා මේ මෙහොතේ ජනතාව මුහුණ දෙන දැවෙන ප්‍රශ්න විසඳීමට නව රජය සමඟ අත්වැල් බැඳගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමගි ජන බලවේගයට ආරාධනා කර තිබේ.

Read More

දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කළු ගගේ ජල මට්ටම වැඩිවෙමින් පවතින අතර රත්නපුර නගරයේ පහත් බ්ම් රැසක් ජලයෙන් යටව තිබේ. කළු ගඟේ ජල මට්ටම් අද පස්වරු තුන පමණ වන විට සුළු ගංවතුර තත්ත්වය ඉක්මවා ගොස් තිබුණි.

Read More

විදේශ කටයුතු - මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, -දිනේෂ් ගුණවර්ධන මහතා පළාත් සභා හා පළාත් පාලන නාගරික සංවර්ධන හා නිවාස - රසන්න රණතුංග මහතා විදුලිබල හා බලශක්ති - කංචන විජේසේකර මහතා

Read More

ශ්‍රී ලංකාව මේ වන විට වසර 200ක් 300ක් තුළ මුහුණ දෙන ආර්ථික අර්බුදයට ‌මුහුණ දෙන බවත් ශ්‍රි ලංකාව සතුව විදේශ විනිමය හෝ රුපියල් නොමැති බවත් නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් පිහිටුවන රජයේ අමාත්‍යධුර ලබාගැනීම සඳහා විපක්ෂයේ පක්ෂ මෙන්ම ආණ්ඩුවේ සිට ස්වාධින වූ කණ්ඩායම් අකමැත්ත ප්‍රකාශ කර තිබේ.

Read More

රටේ පවතින සත්‍ය තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳුදා දිනයේදී ජනතාව වෙත ප්‍රකාශයක් කිරිමට නියමිත බව වාර්තා වෙයි.

Read More

හයිලෙවල් මාර්ගය නාවින්නෙන් වසා දමා ජනතාව විරෝධයක නිරත වෙයි. ගෘහස්ත ගෑස් ඉල්ලමින් ඔවුන් මෙම විරෝධතාව දක්වයි.

Read More

ආහාර සුරක්ෂිතතාව පවත්වා ගැනීම සඳහා ඉන්දියාව වහාම ක්‍රියාත්මක වන පරිදි තිරිඟු අපනයනය තහනම් කර ඇති බව රජය නිවේදනය කරයි.

Read More

ඉදිරි යළ කන්නයේ වගා කටයුතු වෙනුවෙන් අවශ්‍ය යූරියා මෙට්‍රික් ටොන් 65000ක් ශ්‍රී ලංකාවට ලබාදීමට ඉන්දීය රජය තීරණය කර තිබේ.

Read More

උණ ආශ්‍රිත රෝග ලක්ෂණ පෙන්නුම් කළ පුද්ගලයින් 18,000ක් පමණ බ්‍රහස්පතින්දා වාර්තා වූ බව කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන සමූහාණ්ඩුවේ KCNA ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන රජයේ අමාත්‍යධුර භාර නොගන්නා බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහත වෙත ලිපියක් යොමුකරමින් සඳහන් කර තිබේ.

Read More

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස කටයුතු කළ ලක්ෂ්මන් හුළුගල්ල මහතා අභාවප්‍රාපත්ත වී තිබේ.

Read More

රුසියාවේ TASS ප්‍රවෘත්ති ඒජන්සිය රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය උපුටා දක්වමින් කියා සිටියේ මෙම ඇමතුම ඇමෙරිකානු පාර්ශවයේ මුලපිරීම මත සිදු වූ බවයි.

Read More

නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ. කෙසේ වෙතත් පක්ෂයේ ස්වාධීනත්වය සුරකිමින් මෙම සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

Read More

සිය සම්මුඛ සාකච්ඡාවේ දී වික්‍රමසිංහ මහතා කියා සිටියේ ජනාධිපති රාජපක්ෂට ඉල්ලා අස්විය යුතු යැයි ඉල්ලා සිටින විරෝධතාකරුවන්ගේ අදහසට තමන් එකඟ වන නමුත් එය සිදු නොවන බව ය. ’’දොස් කීම ක්‍රියාවකට මඟ පාදන්නේ නෑ මම මෙහි පැමිණියේ මිනිසුන් පෝෂණය කිරීමටයි ’’ ඔහු පැවසීය.

Read More

ස්ලොවේනියාවේ පසුගිය අපේ‍්‍රල් 24 වැනිදා පැවති මහ මැතිවරණයෙන් පසුව කථානායක ධුරය සඳහා උර්ස්කා ක්ලැකෝකාර් පත්කර ගනු ලැබිණි.

Read More

මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව දැනට මුලු දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය හෙට (14) පෙ.ව 6.00ට ඉවත් කෙරෙන බව ජනපති මාධ්‍ය අංශය කියයි. එය ප.ව. 6.00ට යලි පැනවෙන අතර පසුදින (2022-05-15) පෙ.ව. 5.00 දක්වා බල පැවැත්වේ.

Read More

ගාසා තීරයේදී ඝාතනය කරන ලද ප්‍රවීණ අල්-ජසීරා මාධ්‍යවේදිනී ෂිරීන් අබු අක්ලේගේ ගෞරවය පිණිස පලස්තීන කලාකරුවන් පින්තාරු කරන ලද බිතු සිතුවම.

Read More

ඉදිරි පැය 36 තුළ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඒ් අනුව දිවයිනේ නිරිත දිග කොටසේ (බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ) දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් ‌බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවපවසයි.

Read More

අභිනව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ශ්‍රි ලංකාවේ චීන තානාපති චී ශෙන්හොන් මහතා අතර හමුවක් පවත්වා තිබේ. අද පස්වරුවේ පැවැති මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්කිරීම හා සමාජ ආර්ථික සංවර්ධනය පිළිබඳව අදහස් හුවමාරු කරගෙන තිබේ. ඒ සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය චීනය ලබාදෙන බවට චීන තානාපතිවරයා මෙයිදී ප්‍රකාශ කර තිබේ.

Read More

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලයේදී උවද රාජ්‍ය හා පෞද්ගලික ඔසුසැල් හා සාත්තු නිවාස විවෘතව තබා ගැනිමට අවසර දීමට අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය අවසර දී තිබේ.

Read More

කාසල්රි ජල පෝෂක ප්‍රදේශයට සහ නෝටන්බ්‍රිජ් , ලක්ෂපාන යන ප්‍රදේශවලට ඊයේ (12දා) දින රාත්‍රියේ සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග නෝටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජලාශය වාන් දමන බවත්, ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කර ඇති බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

Read More

එසේම ඔහු රාජකාරියේ යෙදී සිටියදී ජීවිතක්ෂයට පත්වීම හෙතුවෙන් ඔහුගේ බිරිඳ හා දරුවන් වෙත රුපියල් ලක්ස 50ක මුදලක් පරිත්‍යාග කිරීමටද කටයුතු කර තිබේ

Read More

වෙසක් පුන් පොහෝ දිනයේදී විදුලි කප්පාදුවක් සිදු නොවන බවත් හෙට (14දා) පැය පහක විදුලි කප්පාදුවක් සිදු නොවන බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පවත්වා තිබේ. මෙහිදී නව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වීම පිළිබඳව සුබ පැතුම් එක්කිරීමට ගෝපාල් භගලේ මහතා කටයුතු කර තිබේ.

Read More

ඉන්දියාවට වීසා නිකුත් කිරීම ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය, ඉන්දියානු කොන්සියුලර් ජෙනරාල් කාර්යාලය හෝ සහකාර මහ කොමසාරිස් කාර්යාලය විසින් අත්හිටුවා ඇති බවට වන ප්‍රචාර මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කරයි.

Read More

මේ පිළිබඳව සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරන්නේ රජයට එක්නොවුණත් ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් ගන්නා වූ ක්‍රියාමාර්ග සඳහා සහාය දක්වා සිටින බවයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ලෙස තමන්ට හිමි වැටුප් හා සියලු දිමනා මැයි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා මාස 6ක කාලසිමක් සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට පරිත්‍යාග කිරීමට ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා තීරණය කර තිබේ. ඒ බව දන්වමින් ඔහු පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට ලිපයක්ද යොමුකර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.