ජනපති ඉවත් වෙන්නේ නෑ - අගමැති
ශ්‍රී ලංකා ආර්ථිකය යහපත් තත්ත්වයට ඒමට පෙර එය නරක තත්ත්වයට පත්වෙනු ඇතැයි නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.එසේම විරෝධතාකරුවන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉවත් වෙන ලෙස සඳහන් කළත් එය සිදු නොවන බවත් ඔහු පැවැසීය
අග්‍රාමාත්‍යධුරයට පත්වීමෙන් අනතුරුව බී.බී.සී. ලෝක සේවය හා සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසිය.
ශ්‍රී ලංකවේ පවුල්වල දිනක ආහාර වේල් තුන සහතික කිරිම තම එක් අරමුණක් බවද ඔහු පැවැසීය.
මූල්‍ය ආධාර සඳහා ලෝකයට ආයාචනා කරමින් ඔහු පැවසුවේ ආහාර සෙයා ගැනීමට කටයුතු කරන බවත් කුසගින්න අර්බුදයක් නොවනු ඇති බවත්ය.
නව අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ආර්ථිකය "බිඳී ගිය" එකක් ලෙස විස්තර කළ නමුත්, ශ්‍රී ලාංකිකයින්ට ඔහුගේ පණිවිඩය වූයේ "ඉවසිලිමත් වන්න, මම දේවල් ආපසු ගෙන එන්නම්" කියායි.
සිය සම්මුඛ සාකච්ඡාවේ දී වික්‍රමසිංහ මහතා කියා සිටියේ ජනාධිපති රාජපක්ෂට ඉල්ලා අස්විය යුතු යැයි ඉල්ලා සිටින විරෝධතාකරුවන්ගේ අදහසට තමන් එකඟ වන නමුත් එය සිදු නොවන බව ය. "දොස් කීම ක්‍රියාවකට මඟ පාදන්නේ නෑ මම මෙහි පැමිණියේ මිනිසුන් පෝෂණය කිරීමටයි " ඔහු පැවසීය.
තමන් "රාජපක්ෂ රජයේ සියලු ප්‍රතිපත්ති වෙනස් කිරීමට යන" බව ඔහු පැවසීය.
ඔහු ජාත්‍යන්තර ප්රජාවගෙන්ද උපකාර ඉල්ලා සිටියේය.
"අපිට අවුරුද්දකට ඔබේ සහය අවශ්‍යයි, අපි ඔබෙන් ලැබෙන ඕනෑම දෙයක් අපි ආපසු දෙනවා. එය කිරීමට අපට උදව් කරන්න. අපි ආසියාවේ පැරණිතම ප්රජාතන්ත්රවාදයයි," ඔහු පැවසීය.

popular news
-
Dayan Friday, 13 May 2022 04:29 PM
Newly appointed spokesman to the president.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

