අද රටේ ප්‍රශ්නය මැතිවරණ පිළිබඳ ප්‍රශ්න නෙමෙයි රටේ ප්‍රශ්නය ජීවත්වීම පිළිබඳ ඇති වෙලා තිබෙන නොසන්සුන්තාව. එය විසඳන්න ආණ්ඩුව ප්‍රමුඛව සියලු දේශපාලන පක්ෂ එකට එක්විය යුතුයි.
යුද සමයේදී නාවික හමුදා යාත්‍රාවලට ප්‍රහාර එල්ල කිරීම සඳහා භාවිතා කළ කොටි ත්‍රස්ත සංවිධානයේ මුහුදු කොටි බලකායට අයත් මරාගෙන මැරෙන බෝට්ටුවක් මුලතිව් චලෙයි ප්‍රදේශයේදී සොයාගත් බව යුද හමුදාව පවසයි.
Read Moreනිට්ටඹුව නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුට අයිති වත්තක කොස් ගසකින් පොලොස් ගෙඩි හයක් හොරෙන් කැඩූ බව කියන සැකකරුවෙකු මාර්තු මස 14 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රදවා තැබීමට අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් සිරිපාල ඇම් පතිරණ මහතා අද (28දා) නියෝග කළේය.
Read Moreරත්නපුර දිස්ත්‍රික්කයේ අද (28දා) දින තුල ඉන්ධනහල් කිපයකම ඉන්ධන නොමැතිකම හේතුවෙන් රථවාහන හිමියන් ඇතුළු ජනතාව දැඩි අපහසුතාවයකට ලක්ව සිටින අයුරු දක්නට ලැබිණි.
Read Moreඩොලර් අර්බුදය හේතුවෙන් වර්තමානය තුළ මෙරට හිඟව ඇතැයි පැවසෙන ඖෂධ බොහොමයක් මෙරටදීම නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇතැයි වෛද්‍ය පර්යේෂණ ආයනයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි.
Read Moreමාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ප්‍රහාරයක් එල්ලවීම සම්බන්ධයෙන් පොලීසියට ප්‍රකාශයක් ලබාදීම සඳහා ශ්‍රී ලංකා විවාහක රූ රැජින වන පුෂ්පිකා ද සිල්වා මහත්මිය පිළියන්දළ පොලීසියට පැමිණියාය.
Read Moreආරක්ෂක අමාත්‍යාංශය ෆේස්බුක්හි පළ කරන ලද ප්‍රකාශයක දැක්වෙන්නේ රුසියානු හමුදා භටයින් 5,300 ක් පමණ මිය ගොස් ඇති අතර යුක්රේන හමුදා විසින් ටැංකි 191 ක්, ප්‍රහාරක ජෙට් යානා 29 ක්, හෙලිකොප්ටර් 29 ක් සහ සන්නද්ධ වාහන 816 ක් විනාශ කර ඇති බවයි.
Read Moreඩීසල් නොමැති විමෙන් නුවරඑලියේ එලවළු වෙලදාම සියයට හැටකින් පහල බැස ඇති බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂි ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.
Read Moreයුක්රේනයේ පිහිටා ඇති යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය වන Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරය තම හමුදාව විසින් අත්පත් කරගෙන ඇති බවට රුසියාව කළ ප්‍රකාශය යුක්රේන නිලධාරීන් ප්‍රතික්ෂේප කර ඇත.
Read Moreමහරගම නගරයේ අවන්හලකට බීමතින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු කළ ආහාර ඇණවුමක් සම්බන්ධයෙන් වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් දෙපාර්ශවය අතර පහරදීමක් සිදුව ඇති අතර ඉන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව මහරගම පොලිසිය පවසයි.
Read Moreමහවැලි බී කලාපයේ මෙවර මහ කන්නයේ කාබනික පොහොර භාවිතයෙන් වගා කරන ලද අක්කර හැට දහසකට ආසන්න කුඹුරු බිම් ප්‍රමාණයකින් ලක්ෂ තුන්සියයකට ආසන්න වී කිලෝ ප්‍රමාණයක් අහිමි වී ඇති බව මහවැලි බී කලාපීය ගොවි ව්‍යාපාර කමිටුවේ හිටපු ප්‍රධාන ලේකම් සරත් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreරුසියාව සහ යුක්‍රේනය අතර ඇතිව තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින මෙරට සංචාරයේ නිරත යුක්‍රෙන ජාතිකයන් සඳහා අවශ්‍ය සෞඛය පහසුකම් නොමිලේ ලබා දීමට කටයුතු සූදානම් කර ඇති බව ඇඹිලිපිටිය ශ්‍රී බොධිරාජ පදනමේ නිර්මාතෘ දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසයි.
Read Moreරුසියානු - යුක්රේන යුද්ධයේ නිමාවක් වෙනුවෙන් දෙරට අතර පැවැත්වීමට නියමිත සාම සාකච්ඡා සඳහා සාකච්ඡා සඳහා සියලු කටයුතු සූදානම් බව බෙලරුසියාව පවසයි.
Read Moreඉන්ධන පිරවූ බවුසරයක් තිබියදී පාරිභෝගිකයන්ට ඉන්ධන ලබා නොදුන් බව කියන දික්වැල්ල නගරයේ පිහිටි පිරවුම්හලකින් ඉන්ධන නිකුත් කරවීමට දික්වැල්ල පොලිස් ස්ථානයේ නිලධාරින්ට මැදිහත්වීමට සිදුවිය.
Read Moreනේපාලයේ විදුලි බල සම්ප්‍රේෂණ පද්ධතිය වැඩිදියුණු කිරීම මෙන්ම මාර්ග සංවර්ධනය කිරීමට අදාළව ඇමෙරිකාව විසින් ඉදිරිපත් කළ MCC ගිවිසුමට අත්සන් තැබිමට නේපාල පාර්ලිමේන්තුව අනුමැතිය ලබා දී තිබේ.
Read Moreගුවන් හමුදාවේ වන්නි ගුවන්හමුදා රෙජිමේන්තු පුහුණු පාසලේ කාබනික පොහොර ව්‍යාපෘතිය මගින් රජයේ කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපාරය ශක්තිමත් කිරීමේ අරමුණින් සීමාසහිත ලංකා පොහොර සමාගමට මෙට්‍රික් ටොන් 15ක කාබනික පොහොර තොගයක් දෙවන වරටත් භාරදීමට ගුවන්හමුදාව පියවර ගන්නා ලදි.
Read Moreරාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනා යටතේ කඩුවෙන මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර තිබූ නඩුවකින් ඔහු නිදෝස් කොට නිදහස් කිරීමට එම අධිකරණය නියෝග කර තිබේ.
Read Moreහිසට ගිනිඅවියක් තබා මැණික් ව්‍යාපාරිකයෙකු පැහැරගෙනයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට විසිතුන් හැවිරිදි තරුණයෙකු ඊයේ (27දා) ගිනිඅවියක් සමඟ පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.
Read Moreයාපනය සංගුපිඩ්ඩි පාලම අසලදී ඊයේ (27දා) රාත්‍රියේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ගමන්ගත් යතුරුපැදියක් අනතුරට ලක්වීම හේතුවෙන් එක් පොලිස් නිලධාරියෙකු මිය ගොස් තවත් අයෙකු බරතල තුවාල ලබා ඇති බවට යාපනය පුනරීන් පොලීසිය පැවසීය.
Read Moreරුසියාවේ මිතුරු රාජ්‍යයක් වන බෙලරුසියාව තම හමුදා සොල්දාදුවන් යුක්රේනය වෙත යැවීමට තීරණය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. රුසියා - යුක්රේන යුද්ධයේදී රුසියානු හමුදාවට සහාය දැක්වීම වෙනුවෙන් මෙසේ බෙලරුසියාව සිය සොල්දාදුවන් යුක්රේනය වෙත යැවීමට තීරණය කර තිබේ.
Read Moreඉන්ධන හිඟය නිසා දීවයින යින පුරා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය සහ එළවළු මිලදී ගැනීමට එන වෙළෙන්දන් ගේ පැමිණීම 50% කට වඩා අඩු වී ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ සහ ගොවීන් පවසති.
Read Moreයුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ඝාතනය කිරීම සඳහා රුසියාව විසින් පුද්ගලික මිලීෂියාවකට අයත් පුද්ගලයන් (කුලී හේවායන්) 400 කට වැඩි පිරිසක් අප්‍රිකාවේ සිට ගුවන් මගින් රැගෙන ගොස් ඇති බව ඊයේ රාත්‍රියේ අනාවරණය විය.
Read Moreපවතින විදුලි හා ඉන්ධන අර්බුදයත් සමග විදුලිබල අමාත්‍යාංශය හා බලශක්ති අමාත්‍යාංශය විසින් අද (28දා) පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීම සඳහා කැබිනට් සංදේශ හා පත්‍රිකා 11ක් පමණ ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව එම අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි.
Read Moreයුක්රේනය තුළ සිදුවන රුසියානු මෙහෙයුමට එරෙහිව ගෙනෙන ඕනෑම ප්‍රතිචාරයකට සූදානමින් සිටින ලෙස සිය න්‍යෂ්ටික හමුදා ඒකක ඇතුළු හමුදා බලකායන්ට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් නියෝගයක් සිදුකර තිබේ.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු හයකින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති තෙවැනි විිස්සයි20 තරගයද ජය ගැනීමට සත්කාරක ඉන්දීීය කණ්ඩායම සමත්විය.
Read Moreදීර්ඝකාලීන බදු පදනම මත පවරා දී ඇති කිසිදු සංවර්ධනක් නොකළ ඉඩම් යළි රජයට පවරා ගන්නා බව ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා සඳහන් කළේය
Read Moreයුක්රේන බලධාරීන් පවසන පරිදි යුක්රේනයේ සිදුවන රුසියානු මෙහෙයුම් අතරතුරදී ලොව විශාලතම ගුවන් යානය වන ඇන්ටනොව් AN-225 විනාශ වී ඇත.
Read Moreසෞඛ්‍ය අමාත්‍යවරයා එකගවූ ඉල්ලීම් පිළිබද ගනු ලැබූ ක්‍රියාමාර්ග කිසිවක් පිළිබදව මේ වනතෙක් තම සම්මේලනය දැනුවත් කර නොමැති බවත් ඒ අනුව සෞඛ්‍ය වෘත්තීයවේදීන් තාවකාලිකව අත්හිටුවූ වෘත්තීය ක්‍රියාමාර්ගය යළිත් මාර්තු 02 දා හා 03 දා සියලු රෝහල්වලදී ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි.
Read Moreඉංග්‍රීසි භාෂා දැනුම අඩුකම, අධ්‍යාපන මට්ටම, අඩු ආදායම් සහ පදිංචිව සිටින ප්‍රදේශය අනුවද මෙසේ වෙනස් කොට සැලකීමේ ව්‍යාප්තිය වැඩිකර ඇත.
Read Moreසයිබර් අවකාශය තුළ සිදුවන අපරාධ ක්‍රියාවල ඉහළ යාමක් පෙන්නුම් කරන බවත්, පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මේ දක්වා කාලය තුළ පැමිණිලි 2,500ක් පමණ ලැබී තිබෙන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
Read More