සූරියවැව පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අද (10දා) අළුයම අනතුරට ලක්වීමෙන් මියගොස් ඇතැයි සූරියවැව පොලිසිය පවසයි.
Read Moreකිරිවදින අක්කර දෙකහමාරක අති සාර්ථක වී වගාවක් සමසමස්ත ගොවි පරපුරට පිංන් අනුමෝදන් කිරීම සඳහා කිරි එළදෙනුන් ට දන්දීමේ අපූරු පුවතක් ගලේවෙල දේවහුවකොස්ගගහින්න ප්‍රෙද්ශයෙන් අද (10දා) වාර්තා විය.
Read Moreමේ වනවිට රට තුල නිර්මාණය වී ඇති ඖෂධ හිඟය හේතුවෙන් ඔසුසල් සහ රෝහල්වලින් ඖෂධ නිකුත් කිරීමේදි ඇතැම් ඖෂධ නොමැති බවට ප්‍රකාශ කරන තත්ත්වයක් නිර්මාණය වී ඇති බැවින් මේ සම්බන්ධව අවධානය යොමුකරන්නැයි ඉල්ලා වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිලිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය විසින් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
Read Moreනිව්ඩාව-සිට පානදුර දක්වා ධාවනය වන ලංගම බස් රථයට අරුක්ගොඩ කිරිබේරිය ප්‍රදේශයේදී යතුරුපැදියෙන් මග හරස් කර එහි රියදුරුට ආරක්ෂක හිස්වැස්ම කින් සහ අතින් පයින් පහර දුන් තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව හිරණ පොලිසිය පවසයි.
Read Moreපුත්තලම හා ආණමඩුව ඇතුළු ප්‍රදේශ රැසකට අද(10දා) උදෑසන කාලයේ දැඩි මීදුම් තත්වයක් ඇතිව තිබු ආකාරය දැක ගත හැකි විය. මෙම මීදුම් තත්වය මත පරිස්සමේන් රථ වාහන ධාවනය සිදුකල බව රියදුරන් පවසති. මීදුම් තත්වය මධ්‍යම රාත්‍රියේ සිට උදෑසන 7.30 පසුවනතුරුත් පැවති ආකාරය දැක ගත හැකි විය.
Read Moreහිටපු ජනපති මූන් ජේ-ඉන්ගේ අනුප්‍රාප්තිකයා කවුරුන්ද යන්න තීරණය කිරීම සඳහා පැවති තරගයේදී, එරට පාලක පක්ෂයේ අපේක්ෂක ලී ජේ-මියුන් පරාජය කරමින් කොන්සර්වේටිව් දේශපාලඥ යූන් සුක්-යෙඕල් දකුණු කොරියාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී ඇත.
Read Moreමත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආරම්භ කළ දින සිට මේ දක්වා කාළය තුළ එම ගුවන් තොටුපළ වෙත පළමු වරට ස්ථිර කාළසටහනකට ( Schedule Flights ) අනුව පැමිණෙන ගුවන් සේවය ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි සිට ’’ විස් එයා ’’ (Wiss Air ) ගුවන් සේවයේ ගුවන් යානා එළඹෙන ජූනි මස 01 දින සිට පැමිණීමට නියමිත බව සිවිල් ගුවන් සේවා, අපනයන ප්‍රවර්ධන කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පැවසීය.
Read Moreඇමෙරිකාව විසින් වර්ජනය කළ රුසියානු තෙල් නිසා ඉහළ යන ඉන්ධන මිල පාලනයට සෞදියෙන් හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් තෙල් නිෂ්පාදනය වැඩි කරන ලෙස ජෝ බයිඩන් කළ ඉල්ලීම් එම රාජ්‍යයන් දෙකේම කුමාරවරුන් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read Moreකොළඹ වරාය නගරයේ ජලජ ගුවන් තොටුපළක් ස්ථාපිත කිරිමට යයි. ඊට අදාළ මූලික කටයුතු අවසන් කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් එම ජලජ ගුවන් තොටුපළ ස්ථාපිත කෙරෙන බව ද ඇමතිවරයා කියා සිටි.
Read More’’මෙම ඓතිහාසික ප්‍රයත්නයට ගිය සෑම නව්‍ය මොහොතකටම, සෑම පිස්සු සිහිනයකටම, සෑම නිදි නැති රාත්‍රියකටම අපි කෘතඥ වෙනවා’’ ඩේවිඩ් බෙනට් ජූනියර් සිය පියාගේ අභාවයෙන් පසු ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
Read Moreඒ වගේම විදුලබල අමාත්‍යාංශවලටත් ඒ තාපාගාර පවත්වාගෙන යන්න අවශ්‍ය ඩීසල්, දැවි තෙල් අපි ලබා දෙන්න කටයුතු කරලා තිබෙනවා. ඒ හින්දා මේ විදුලිය කැපීම ක්‍රමානුකූලව අඩු කරන්න පුළුවන් වෙයි.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ තර්ජන තඹයකට මායිම් නොකරන චීනය, රුසියාව සමග වෙළෙඳාම් කරන චීන සමාගම් සහ පුද්ගලයින් ආරක්ෂා කිරීමට ප්‍රතිඥා දෙයි.
Read Moreදෛනිකව සිදුකරන පී.සී.ආර්. පරීක්‍ෂණ ප්‍රමාණය සහ ඇන්ටිජන් ප්‍රමාණය තවදුරටත් අඩුවෙමින් පවතින අතර, මේ අනුව මේවන විට දෛනිකව සිදුකරන පී.සී.ආර්. පරීක්‍ෂණ ප්‍රමාණය4,500ට අඩු අගයක් ගෙන තිබෙන අතර, ඇන්ටිජන් පරීක්‍ෂණ ප්‍රමාණය 2,000කට ආසන්න අගයක් ගෙනතිබේ.
Read Moreරුසියානු නායකයා ඓතිහාසිකව වරදක් කළත්, එය නොතකා පූටින් සමග දිගටම සාකච්ඡා කළ යුතු යැයි ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රතිඥා දී ඇත.
Read Moreපළමු ක්‍රමවේදය යටතේ ඇතැම් තෝරාගත් ආනයනික භාණ්ඩ සඳහා බදු පනවනු ලැබේ. දෙවැන්න යටතේ ඇතැම් භාණ්ඩ ආනයනය සඳහා බලපත්‍ර ලබාගැනීම අනිවාර්ය කෙරේ. තුන්වන ක්‍රමවේදයට අනුව ඇතැම් ආනයනික භාණ්ඩ වලට බදු හා බලපත්‍ර පැනවීමට පියවර ගන්නා බව රජය පවසයි.
Read Moreශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ආරම්භ කළ හෙලිටුවර්ස් සමාගම යළිත් අභ්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කරන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කරයි.
Read Moreපුද්ගලික දත්ත ආරක්ෂක පනත සංශෝධන සහිතව අද (09දා) පාර්ලිමේන්තුවේදී සම්මත විය. මෙම පනත අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
Read More’’ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිණියගේ ගේ ඉස්සරහට ගිහිල්ලා කෑ ගහපු අය මළ පහ කළා එතන. ඒකේ පොටෝ ටික අපි ගාව තියෙනවා. මම දැන් ඔත්තුවක් දෙනවා. ඒ මළ පහ කරපු එක්කෙනාගේ හැඩරුව සමානයි අර චමුදිත මාධ්‍යවේදියාට අසූචි ගහන්න ගිය අපි සී.සී.ටී.වී. පොටෝ වලින් දැකපු කෙනාට. මේ සම්බන්ධව යම්කිසි පියවරක් ගන්න කියලා මේ අවස්ථාවේදීම ඉල්ලීමක් කරනවා ’’
Read Moreවිමල් වීරවංශ මහතා හා උදය ගම්මන්පිල මහතා අමාත්‍යධුරවලින් ඉවත් කිරීම පිළිබඳව ජනපති ගොඨාභය රාජපක්ෂ මහතා කණගාටුවන බව ප්‍රකාශ කළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreඅත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ 367ක් ආනයනය සීමා කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතය. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතය.
Read Moreමෙහිදී බොහෝ පිරිසක් අවධානය යොමුකරන ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 229.9ක අගයක පැවැතුණි. ඊයේ දිනයේදීද එම අගයම පැවැතියේය.ඩොලරයක ගැණුම් මිල රුපියල් 225.2ක් ලෙස සටහන් විය.
Read Moreකොවිඩ් වසංගතයෙන් පසු මෙරට පැවැත්වෙන විශාලතම සංචාරක වැඩසටහන වන Raid Amazone ත්‍රාසජනක වැඩසටහන ක්‍රීඩිකාවන 600දෙනෙකුගේ සහභාගිත්වයෙන් මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වේ. මේ වසරේ මාර්තු සහ අප්‍රේල් මාස වලදී අදියර දෙකක් යටතේ එය පැවැත්වීමට නියමිතයි.පලමු අදියර මාර්තු 14 වන දින සිට 22 දක්වාත් දෙවන අදියර මාර්තු 28 සිට අප්‍රේල් 6 වනදා දක්වාත් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
Read Moreකොවිඩ් 19 අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළ විවිධ අංශවලින් චීන රජය ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය පිළිබදව ද කථානායකවරයා සිය කෘතවේදීත්වය චීන රජය වෙත මෙහිදී පළ කළේය.
Read Moreමෙම ගිවිසුම යටතේ කොරියන් ස්පා පැකේජින් පුද්ගලික සමාගම මූලික ආයෝජනය ලෙස රුපියල් බිලියන 3.5 ක් ආයෝජනය කරන අතර වසරක් තුළ තම කර්මාන්ත ශාලාව තුළ නිෂ්පාදන කටයුතු ආරම්භ කර වසරකට කඩදාසි මෙට්‍රික් ටොන් 75 000 ක නිෂ්පාදනයක් සිදුකිරීම අපේක්ෂාව වේ.
Read Moreරුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් හා යුක්රේන විදේශ අමාත්‍ය ඩමිට්‍රෝ කුලේබා තුර්කියේදී හමුවීමට නියමිත බව රුසියානු විදේශ අමාත්‍යාංශය තහවුරු කර තිබේ.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ලෙස කළ ඉල්ලීම පරිදි මෙම මස 23 දින සර්ව පාක්ෂික සමූළුවක් කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreපාර්ලිමේන්තුව තුළ විදුලි බලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු සියල්ලන්ගේ අවධානයට යොමු කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
Read Moreආණ්ඩුව පොරොන්දු ආකාරයෙන් ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ථාව මෙම සතියේ හෝ පාර්ලිමේන්තුවට ලබා දෙන්නේ නම් ඒ පිළිබඳ විවාධයට හෝ සර්ව පාක්ෂික සමුලුවට පක්ෂ වලට සූදානම් විය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreපුද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පතෙහි මූලික වශයෙන් කරුණු තුනක් පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් ඇති බවත් එම ගැටලුකාරී තත්ත්වයන් විසදන තෙක් පනත සම්මත නොකළ යුතු බවත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තර ආයතනය පවසයි.
Read More