ජනපති මන්දිරය, අරලිය ගහ මන්දිරය, ජනපති ලේකම් කාර්යාලය හා අග්රාමාත්ය කාර්යාලය යන ආයතනවලින් අරගලකරුවන් ඉවත්වන ගාලුමුවදොර අරගලකරුවෝ පවසති.
ඒ අනුම එම දේපළ මේ වන විට මහජන දේපළ බවට පත්කර අවසන් බවත් ඔවුහු ප්රකාශ කළහ. පසුගිය 9 දා ආරම්භ කළ දැවැන්ත විරෝධතාවලින් මුලින්ම ජනපති මන්දිරය, ජනපති ලේකම් කාර්යාලය හා අරලිය ගහ මන්දිරය සිය භාරයට ගත් අරගලකරුවන් ඊයේ දිනයේදි අග්රාමාත්ය කාර්යාලය සිය භාරයට ගත්තේය.